ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ. 8 years ago
පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. 8 years ago
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 8 years ago
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි. 8 years ago
පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය. 8 years ago
කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය. 8 years ago
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද 2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. 8 years ago
ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක් පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 8 years ago
සෙවණගල දයාට නෑ ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 8 years ago
ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 8 years ago
විභාග කොමසාරිස් ඉවතට විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ. 8 years ago
ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago