(අනුරාධපුර උපාලි ආනන්ද)
හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි.
මෙලෙස බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ පදවිය ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (04) පස්වරුවේ බෝධිපූජාවක් පැවැති අතරතුරය. බඹර ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තත්වයේ පසුවන සිසුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පදවිය මූලික රෝහල සඳහන් කරයි. හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පදවිය මහසෙන් මහ විදුහලේ සිසු දරුදැරියන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් බහුතරයකට හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බවද පදවිය මූලික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැබුණේ ආශිර්වාදය අපූරුවට..! තම හට පිහිට තමන් මය කියලා බුද්ධ දේශනාවෙ ලස්සනට තියෙනවා. මිථ්‍යාව ඔලුවේ තියාගෙන අපේ මිනිස්සු බෝධි පූජා තියනවා විභාග පාස් වෙන්න.
මේවාට බෙහෙත් කොහෙද? මේක සංවිධානය කරේ කොහොමද?
ඉරිදට දහම් පාසල්වත් නොයවා ටියුෂන් යවා විබාගයට කලින් දවසේ ආගම මතක් උන වරදට දෙවියෝ කෝප වි කල වැඩක්ද?
මෙම දරුවනට ඉක්මන් සුවය ලැබෙවා!
සෝම හිමියනි අද ඔබ සිටියේනම් කුමක් කියයිද? නිර්මල බුදු දහම පසෙක තිබියදී මිථ්‍යා විශ්වාසයන් වල ගැලී සිටින අයට මෙවැනි සිද්ධීන් දෙස බලා වත් සත්‍ය අවබෝධ නොවේද. අහිංසක දරුවන්ට සිදුවු විපත ගැන අතිශයින් කණගාටු වන නමුත් දරුවෙකුට තම උත්සාහයෙන් මිස ආශිර්වාද කළ පෑනකින් ලිවීමෙන් විභාග සමත් විය හැකිද. බුදුන් වහන්සේගේ දේශනා වල එවැන්නක් තිබේද
බුදුදහම වැදගත් වෙන්නේ ආධාර වෙන්නේ සත්වයාට දුකෙන් මිදෙන්නට මිස ප්‍රතිහාර පාන්න නම් නොවේ ...හෙට විභාගය නම් දෙමාපියන් කරන්න තිබුනේ දරුවන්වන්ගේ මනසට විවේකයක් ගන්න වේලාසනින් නිදා ගැනීමට සැලැස්වීමයි
අද පංසලේ හාමුදුරුවරුත් දේවාලයේ කපුවාගේ ගාටන වැටිලා විභාග ජය හා වෙනත් සෙත් ශාන්තී කර්ම සියල්ල බෝධි පුජා හරහා ලබා දෙන වයාපාරයක නිරත වෙලා ඉන්නේ.
ඉහත අදහස් දාපු අය ලංකාවේ නෙවේද? විමලරත්න කුමාරගමගේ සංහිඳ කවි පන්තිය චුට්ටක් කියවන්න. ළමයි සියලුදෙනාට ඉක්මනනින් නිරෝගී සුව පතමි
මේ විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 10 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් ඥානවන්තම සීයට 10 ක් හෝ 15 ක් තෝරාගෙන ඔවුන්ගෙන් රටේ අනාගත සමෘධිය උදෙසා වැඩි දායකත්වයක් ලබාගැනීමට හැකිවන පරිදි අධ්‍යාපනයට මුල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබාදීමටයි. දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ නම් එයම නොවේ.
දරුවාගේ දක්ෂතාවෙන් මිස ගුප්ත විද්‍යා, බෝධිපූජා යන්තර මන්තර ආදියෙන් විභාග සමත් වෙන්නට බැරි බව මේ මොට්ට මෝල් දෙමවුපියන්ට දැන් වත් අවබෝධ වේවා! සාධු ! සාධු! සාආධු!
ආරක්ෂාවට තියාගෙන හිටපු පිස්තොලේ පත්තු වෙලා තුවාලවුන පළමු අවස්ථාව නොවේ.
කෝ අනේ දෙවියෝ!!!!!!!!!!!
මෝඩ මිනිසුන් බටහිර රටවල් විද්‍යාව ජයගනිද්දී, අපි එකතැනම මනසින් පල් වෙනවා
බෝධි පූජාවක් කරන එක අපේ සිංහල බෞද්ධ මිනිස්සු හුරු වෙලා තියන දෙයක්... එ්ක වරදක් විදිහට මම දකින්නේ නැහැ... බටහිර රටවල් වල නොමැති හොඳ පවුල් කුටුම්බයක් අපට තියනවා... එ්ක අමතක කරන්න එපා.. මොන අම්ම තාත්තාගේත් ආශාව තමන්ගේ දරුවා හොඳ තැනකට ගේන්න... විභාග දෙපාර්තමේන්තුව මේ ගැන සානුකම්පිතව බලලා මේ දරුවන්ට යම් කිසි සාධාරණයක් කරන්න...
දෙයියත් බඹරට බයයි...