(ශිරාන් රණසිංහ)
රුපියල් කෝටි ගණන් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ.
පසු ගිය වසරේ ජුනි මසයේ දී රේගුව විසින් රඳවාගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබාගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම ජවාරම අනාවරණය කරගෙන ඇත.
නීති විරෝධී ලෙස රන්කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ චෝදනාව මත එම කන්ටේනර් වලට රුපියල් ලක්ෂ 50ක දඬ මුදලක් නියම කර එම අපනයනය කිරීම තහනම් කිරීමට රේගුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පියවර ගෙන ඇත.
එම සිද්ධියෙන් පසුව තවත් එවැනිම පස් කන්ටේනර් 15ක් රේගුව විසින් නවත්වාගෙන ඇත්තේ ඉහත ජවාරම හෙළි වූ පසුවය.
තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ඥාතීයෙක් යැයි කියන ව්‍යාපාරිකයෙක් මෙරටට පැමිණි මෙම කන්ටේනර් 15 ගෙන යෑමට උත්සහ ගෙන ඇත.
මේ අතර මෙම ජාවාරම හෙළි කර ගැනීමට මුල් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.
මේ අතර රේගු අඥා පනතට අනුව පැවරී ඇති බලතල වලට අනුව මෙම රන් කැබලි අඩංගු කන්ටේනර් 15 නිදහස් කර ගන්නා බවට රේගුව පියවර ගන්නා බවට පතල් හා කැනීම් කාර්යංශයට වාර්තා වී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කාර්යංශයේ ප්‍රධානීන් මේ පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වලට මේ පිළිබඳව දැනුම් දී අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීම නවතා ඇත.
සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පස් කියුබ් එකක දෙකක ගෙපලක් ගොඩ කරන්න ගෙනාවත් පර්මිට් ඕනේ... එම නිසා පස් මිල කියුබ් එකට රුපියල් 3000-4000 වෙනවා. තත්වය එහෙම තියාගෙන පස් කන්ටේනර් ගණන් රට පටවනවා... මේකද යහපාලනේ...
රේගුවේ රස්සාවක් හොයාගන්ට පුලුවන්ද දන්නේ නැහැ...රේගුවේ මහත්තුරු ගන්නා සොච්චම් පඩියෙන් ඒ ගොල්ලෝ රත්තරන් වලින් ගෙවල් හදල තියෙන්නේ....
අපේ රටේ දේශපාලකයෝ අපේ සම්පත් සූරාකනවා මදිවට අල්ලපු රටේ දේශපාලකයෝත් අපේ සම්පත් සූරාකනවා...
අවුලක් නැහැ පස් වැලි ප්‍රවාහනය කරන අයට සහන සලසනවා කියලා ප්‍රවෘත්තියක් තිබුණා.
රත්තරන් විතරද හොරට රට යන්න..? යන්නකෝ වැල්ලවත්තට, හෙට්ටිවිදියට, කොටුවට. ගිහින් කියන්න අහවල් රටට සල්ලි මෙච්චරක් යවන්න ඕනේ කියලා. කිසිම රිසිට් පතක් දෙන්නේ නෑ. හැබැයි සල්ලි අරන් දවස් 3 න් පිටරට ගිණුමට සල්ලි ලැබෙනවා. මේ විදිහට රටේ සල්ලි යවන්න කිසිම දැන හැඳුනුම්කමක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙකුට කරලා දෙනවා. ඒ තරම් ප්‍රසිද්ධියේ මේවා කරද්දී කවුද අල්ලන්නේ? මහබැංකුව පොලීසිය මේවා නොදන්නවා කියලා හිතන්නවත් එපා. මේවා සියල්ල මහබැංකුවේ අනුමත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථාන... මේ ජාවාරම වෙන්නේ දැන් අවුරුදු 10-15 ක සිට. ජාතිවාදය කතා කරනවා නොවෙයි. නමුත් කුඩු ජාවාරමට අසුවෙලා ඉන්න වැඩි දෙනෙක් සුළු ජාතින්. විදෙස් මුදල්, රත්තරන්, කලවම් තේකොල ජාවාරම් සියල්ල වැඩියෙන්ම කරන්නේ සුළු ජාතික ජාවාරම්කරුවන්. හේතුව පාකිස්ථානය, ඉන්දියාව වැනි විදේශ සමග ඔවුන්ගේ ඇති සබඳකම්.