ශිරාන් රණසිංහ
වසර තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වු විගණන කොමිසම අගෝස්තු 1 වැනි දා සිට බලගැන්වී ඇත.
පාර්ලිමේන්තුවේ දී සම්මත වු විගණන පනතට කතානායකවරයා අත්සන් කළ පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ඊට ලැබී තිබේ.
ඒ අනුව ජුලි 26 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයට ප්‍රකාරව අගෝස්තු 1 වැනි දා සිට විගණන කොමිසම බලගැන්වෙන බව විගණන දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ වන විට රජයේ විගණාකාධිපති ගාමිණි විජේසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටින අතර ඒ මහතා පැමිණි විගස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ විගණන කොමසාරිස් ලෙස දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජයට කඩේ යන හුඟ දෙනෙක් අහනවා යහපාලන ආණ්ඩුච අවුරුදු 3ක් මොනවද කලේ කියලා. මේ වගේ රටේ හැමටම ඉතා වැදගත් අණපනත් සම්මත වීම අපි ලබපු ජයග්‍රහණයක්.. ජවිපයට ගොඩක් ස්තූතියි.
වංචාවෙන් සහ දුෂණයෙන් ගඳ ගහපු අතීතයක් මෙතනින් පසුවවත් යහපත් මාවතකට ගෙනයාම විගණාකාධිපතිතුමාගේ වගකීමය. කවදත් අවංක නිලධාරියෙක් වුන එතුමා අපේ බලාපොරොත්තුවයි. මෙපමණ කාලයක් බොරුවට රට ජාතිය ගැන කෑමොර දුන් දේශපාලකයන් ප්‍රමාද වී හෝ මෙම පනත ක්‍රියාත්මක කිරීමට දායකවීම අපි අගය කරමු. තවදුරටත් මෙහි පවතින අඩුපාඩු ඉවත් කර ගනිමින් විගණකාධිපතිතුමාව ශක්තිමත් කිරීම රටට ආදරය කරනවාය කියා කෑමොරදෙන දේශපාලකයන්ගේ යුතුකමය. එසේ නොකරන පිරිසක්ද සිටින බව අපි අමතක නොකරමු.