විදේශිකයෝ ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ රැකියාවල ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් (200,000ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය. 30 April 2017
අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. 30 April 2017
ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 29 April 2017
සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි. 28 April 2017
උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ. 28 April 2017
පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි. 28 April 2017
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි. 27 April 2017
උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි. 27 April 2017
හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම් ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. 26 April 2017
ප්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය පැවසුවාය. 25 April 2017
මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 25 April 2017
ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත. 25 April 2017
බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය. 25 April 2017
ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 April 2017
ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දි පැවසුවේය. 24 April 2017
ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 24 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 23 April 2017
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක් චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි. 23 April 2017
කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2017
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක් වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. 22 April 2017
සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි. 21 April 2017
සයිටම් තනි අයිතිය අහෝසි කරයි මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය. 21 April 2017
කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 20 April 2017
කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය. 20 April 2017
මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන් මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00 වනතුරුත් කුණු රැගත් රථ නොපැමිණියේය. 20 April 2017
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත. 20 April 2017
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 20 April 2017
පොල් ගෙඩියක් ඇහිලුවාට වෙඩි තබා මරයි පන්නල හෙන්ඩියාගල දී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි අයකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 April 2017
කරදියාන ප්‍රදේශවාසීහු කුණු ප්‍රතික්ෂේප කරති, කුණු ලොරි හරවා යවති කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොලඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19) විරෝධතාවයේ නිරත වුහ. 19 April 2017
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026