නිපුණ ශ්රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති
කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්රමිකයා බවත් කී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිපුණ ශ්රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවද පැවසීය. මහනුවර ගැටඹේ ක්රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.