(රන්න චන්ද්‍ර සේන ගමගේ)
රාජපක්ෂවරුන් වැරදි කර තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂෙණ කළ යුතු වගේම ඔවුන් මේ රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බවට මගේ පෞද්ගලික් මතයක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා මෙසේද කීවේය.
“ඉදිරි මාසය තුළදී රාජපක්ෂ කෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට තමා ප්‍රකාශ කොට ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් වරයා මහනුවරදී පවසා තිබෙනවා. මම ඊයේ (07) රාත්‍රී එතුමාට දුරකථනයෙන් කථා කොට මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. එතුමා මට පැවසුවා රාජපක්ෂ කෙනෙකුට ලැබුණු තොරතුරකට අනුව තමන් එම ප්‍රකාශය කළ බව“
“මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සහගත දෙයක්“
“මේ වන විට මා සම්බන්ධයෙන් විශාල කුමන්ත්‍රණයක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මා සම්බන්ධයෙන් කළ අගය කිරීමෙන් පසුව මට අවලාද බොරු චෝදනා එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා .විශාල වශයෙන් මට අන්තර්ජාලය හරහා අපහාස කිරීම් හා අවලාද නගමින් සිටිනවා. එම පියවරේම එක් සැලසුමක් විධියට තමයි මම මේ සිද්ධියත් දකින්නේ“ යයි කී අමරවීර මහතා....
“පසුගියා දා ෆේස්බුක් මෙහෙයවන ප්‍රධානියෙකු සමග මගේ විරුද්ධ වාදීන් එකතු වී මට ගහන්නේ කොහොමද කියල සාකච්ඡා කරල තියෙනවා. මේ පිළිබදව මගේ ළග සියළු තොරතුරු තිබෙනවා. එම සාකච්ඡාවට සමහර මන්ත්‍රී වරුන්ද සහභාගි වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගත්තොත් ඉන් ඇති වෙන මහජන කැළඹීමත් සමග මගේ ජීවිතයට පවා හානි කරන තත්වයට මෙම කුමන්ත්‍රණ උත්සන්න වෙලා තියෙනවා“
“රාජපක්ෂ වරුන් සම්බන්ධයෙන් මම කටයුතු කළේ කොහොමද කියලා වගේම මට එරෙහිව දියත්වෙන ක්‍රමන්ත්‍රණයේ තොරතුරු සියල්ල මම ඉදිරි දින කිහිපය තුළ හෙළිකරනවා“ යැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍යම සහනය රටේ ජනතාව අවුරුදු දෙකකටත් කලින් යන්නම දුන්නා.
ඉස්මතු වෙන්නත්, රැඳී සිටින්නත් මහා වෙහෙසක් දරනවා මිස මේ මිනිස්සුන්ට රටට වැඩක් කරන්න වෙලාවක් නැහැ.
ඇත්තෙන්ම එම සේවය අගය කලයුතු වේ. ඒ වගේම එතුමාන්ලා බලයට ආවහම ඔබතුමාටත් හොඳයි. එ් කෙසේ වෙතත් රටට සිදුවූ හානිය, දුප්පත් රටවැසියාට පැටවු ණය බර කාගෙන් අය කළොත් හොඳයිද කියලා ඔබතුමාම පැහැදිලි කළා නම්?
එපා එයාලට ඉන්න දෙන්න. ඒ මිනිස්සු කිසි වැරද්දක් කලේ නෑ.
සහනයක් දිය යුතුයි කියන්නේ සියළු චෝදනා විභාගකොට වැරදි කරුවන් බවට ඔප්පු වුණොත් ඔවුන් සියළුමදෙනා නිදොස් කොට නිදහස් කළයුතු බවද? එහෙම නැතිනම් සුළු වැරදි අමතක කොට ලොකු වැරදිවලට අවවාද කර නිදහස් කරන ලෙසටද?
මහත්තයෝ, ඔබතුමා බබා වෙන්නද හදන්නේ? ඔබතුමාලා කලේ එදා ඉඳන්ම රාජපක්ෂවරුන්ට විරුද්ධව කියල හැමෝම දන්නවා. දැන් මොනවා කීවත් ඇත්ත එ්කයි. ඒක හෙළි කරන්න තියෙනවා කියන ඒවා දින කීපයක් කල් දමන්නේ ඇයි? දැන්මම හෙළි කරන්නකෝ. මොකද එ්කට බය?
"තොරතුරු සියල්ල මම ඉදිරි දින කිහිපය තුළ හෙළිකරනවා" හැමෝම කියන්නේ මෙහෙමයි, එ්ත් කවදාවත් කියන්නේ නැත.
මොකද මේ ඔලුව අත ගගා ටොකු අනින්නේ? ශේප් වෙන්නත් ඕනේ පහර දෙන්නත් ඕනේ. පිටිගල කියනව වගේ සහනය දෙන්න ගිහින් අසහනයෙන් පෙලෙනවා වගේ...
කලින් ආණ්ඩුව හොරකම් කල මුදල් කන්දරාව රටට ආපහු දෙන්න කියන්න අමරවීර මහත්තයෝ. මේ පරම්පරා අවුරුදු දහයක් තිස්සේ බලය රැක ගන්න මුදල් හම්බ කරපුවට, මිනිස්සු අතුරුදහන් කරපුවට, රජයේ ආරක්සක සේවා ලවා නීති විරෝදී ක්‍රියා සිදුකලාට, ඩොලර් බිලියනයක් පමණ මුදලක් රටින් හොරකම් කොට පිටරට යවපු ඒවාට සිවිල් දණ්ඩ නිතිය යටතේ මොවුන්ට දඬුවම් කලයුතුය.
දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන මෙවැනි දේශපාලකයන් රටේ සිටින තාක් රටට යහපතක් නැත. මහජනතාව මොවුන්ව ගෙදර යැවීමට වගබලාගත යුතුය. මෙයට දෙවසරකට පෙර රාජපක්ෂවරු පැරදුණත්, ඒ සමගම රටටද, සිංහල මහජනතාවටද, බුදුසසුනටද පරාජය අත්විය.
මෙයා මෙහෙම නොකීවොත් තමයි පුදුම... මොකද යහපාලනය වෙනුවෙන් හිටපු කෙනෙක් නොවෙයිනේ.. ඡන්ද රාජපක්ෂලාට කඩේ ගිය කෙනෙක් අවස්ථාවාදය නිසා මෛත්‍රී මහත්තයා පැත්තකට වුණා.. ගෝඨාභය මහත්තයා අත්අඩංගුවට ගත්තහම කොහොමද මහජන කැළඹිලි ඇතිවෙන්නේ..? වැරදි කරලා නැතිනම් නඩුවෙන් නිදහස් වෙයි..
එ් කියන්නේ රටට සේවයක් කරලා ඕන හොර වැඩක් කලාම සහනයක් ගන්න පුළුවන්. රටේ හැමෝටම මේ නීතිය වලංගු කරන්න බැරිද?
එතුමාගේ පවුල වෙනුවෙන් කොච්චරක් මුදල් ජනතාව ගෙවනවාද? මහින්ද මහත්තයා වැටුප් දෙකක් ගන්නවා. එතුමාගේ බිරිඳ විශ්‍රාම වැටුපක් ගන්නවා. පවුලේ ඔක්කොම විශ්‍රාම වැටුප් ගන්නවා. ඉතින් ඔය ඔක්කොම දරන්නේ කවුද? තවත් සහන ඉල්ලන්න පුළුවන්ද?
රාජපක්ෂ මහත්වරුන් වැරදි කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කර රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බව තීරණය කල යුත්තේ උසාවියකින් නේද?
දේශපාලකයින්ගේ දිව හැරෙන හැරෙන පැත්තට නැවෙනවා ඡන්ද ගොඩ වෙනුවෙන්...
රටේ තිබෙන දරුණු ප්‍රශ්න (ඩෙංගු , අපද්‍රව්‍ය බැහැර කිරීම, උමාඔය ප්‍රශ්නය, සයිටම් ප්‍රශ්නය, කඩාවැටෙන ආර්ථිකය පිළිසකර කිරීම) වැනි දේවලට කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක නොකර, බොරුවට පැලැස්තර අලවමින් පසුගිය ආණ්ඩුවේ හිටපු එක එක මිනිස්සු එක එක කාලෙට පෙන්වමින් කාලය මරමින් සිටිනවිට ජනතාව අන්තර්ජාලය හරහා අපවද කිරීම පුදුමයට කරුණක් නොවේ. කරුණාකර ඔය වැනෙන ප්‍රතිපත්ති පැත්තකට දමා සන්ධානය තුලත්, ආණ්ඩුව තුලත් කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක කරන්න.
අපි දන්නා කාලේ පටන් ඔය ගොඩක් මහත්තුරු කලේම රට විනාස කරමින් තමන් රැකෙන එක තමා...
වික්ටර් ඔබ හරි. මහින්ද රාජපක්ෂ මහතාගේ සල්ලි ඩොලර් බිලියන 18 ක් පිටරට බැංකුවක තියෙනවා කිව්වා. සී ෂෙල් රාජ්‍යයේ සල්ලි බිලියන ගණනක් දාල කිව්වා. ඩුබායි වල හෝටල් තියෙනවා කිව්වා. කලින් ආණ්ඩුව මුදල් කන්දරාවක් හොරකම් කරලා යුද්ධ කළා. රට සංවර්දනය කළා. අතුරුදහන් වුනේ යුද්ධය කාලේ. එහෙම වුනානම් වුණෙත් රට වෙනුවෙන්. ගසාකෑම් නම් වෙන්න ඇති. ඒවා යහපාලනෙන් වෙන්නේ නැද්ද? ඇත්තටම රටේ යුද්ධ බිය නැති කරලා මිනිස්සුන්ට ජීවිතය දුන්නේ රාජපක්ෂ මහත්තයලා තමයි.
ඒ අයගේ සැප පහසුව ගැන විතරයි හිතන්නේ...
ආයෙත් සල්ලි පාස් කර ගත්තා ඒ අයගේ සැප පහසුවට...
අනේ මෙහෙමත් ඇමැතිවරු මේ රටේ ඉන්නවනේ?
රාජපක්ෂ මහත්වරුන්ට තියන ජනතා ප්‍රසාදය නැති කරලා කොන් කරන්න තමයි මේ හදන්නේ. අපි ඔව්වට අහුවෙන්නේ නෑ. වැරදි තියෙනවා නම් නීතියෙන් දඬුවම් දෙන්න. පොදු සමාවක් අරගෙන ජනතාව අතරට යන්න තරම් මෙතුමන්ලාට වුවමනාවක් නැත.
තව පිම්මකට සුදානම් වෙනවා වගෙයි.
ඔබ ඇත්තටම නීති ගරුකද?
මෙවැනි අය නිසා රට අගාධයටමයි යන්නේ....
ඔහේ කොහොමද එහෙම තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ උසාවිය. උසාවියෙන් හොරු බව ඔප්පු වුණොත්...නිදොස් කරන්නද කියල කියන්නේ බලනකොට. අන්තිමේට ජනතාවයි හොරු වෙලා තියෙන්නේ...
ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ..
ඔප්පුකලොත්, මිනීමැරුම්වලටත් සහන දෙන්න නීතියේ ප්‍රතිපාදන තියෙනවාද ?
මෙතුමාටම නේද අර අහවල් පනත ගේනකොට අත් උස්සලා නින්ද ගියා කිව්වෙත් නැත්තේ ඒ කාලේ?
අමරවීර දෙයියෝ, ගැත්තාට අනුකම්පා කොරල රාජපක්ෂලාගේ කල පවුවලට දඬුවම් කොරන්න එපා. මගේ අමරවීර දෙයියෝ. ඔබතුමා වැඩවසන දේවාලේ කොහෙද තියෙන්නේ පූජා වට්ටියක් ගේන්න.
රාජපක්ෂලාට සමාව දෙන්න ඉස්සර බැඳුම්කර හොරුන්ට රට විකුනපු අයට දඬුවම් දෙන්න. නැත්නම් කියාවි බැඳුම්කර හොරුන්ටටත් සමාව දෙන්න කියලා. එකට තමයි මේ ට්‍රයි කොරන්නේ, නේද?
ධිවර අමාත්‍යඅංශයයි , ධිවර දෙපාර්තමේන්තුවයි ලංකාවේ ධිවර කර්මාන්තයයි විනාශ නොකර ඔබයි ඔබ පත්කළ ධිවර අධ්‍යක්ෂ ජෙනරාලුයි දෙන්නම අස් වෙලා ඔය අංශය ගැන දන්නා දෙන්නෙකුට ඔය අංශය බාරදෙන්න .. ඔබලාට බැහැ ධිවර කර්මාන්තය පාලනය කරන්න. ඔබලා දෙදෙනාම දන්නා ධිවර කර්මාන්තයක් නැහැ .ඔබලා ගන්නා සියලු තීන්දු තීරණ ධිවර අංශයේ විනාශය සඳහා ගන්නා තීරණයි . ඔබලා ගන්න සියලු තීරණ රටේ ජනතාව හෝ රටේ ධීවරයන් වෙනුවෙන් නොවේ .. ඔබලා වැඩ කරන්නේ විදේශ රටවල් වෙනුවෙනුයි . ඔබලා දෙදෙනාගේ තීරණ සහ වැඩ නිසා රටේ ධීවරයන්ගෙන් මේ මුළු රජයටම ඇත්තේ නිහඬ විරෝදයක්. එය ඊළඟ චන්දයේදී දැක බලාගත හැකි වේවි .. කරුණාකර දන්නා දෙදෙනෙකුට මේ අංශය බාර කර ඉල්ලා අස්වෙන්නලා ... ඇන්තනි මාතර
රාජපක්ෂවරුන් නැතිව ඔබතුමාලට ඉදිරි ගමනක් නැති බව පැහැදිලියි නේද.කොහොමත් ජනතාව ඉන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජන්දීපති තුමා සහ ගෝඨාබය මැතිතුමා එක්කයි ..... රා බොන්න කිතල් ගහකට ගියපු මිනිහෙක් කීවලු "තණකොළ කපන්න කිතුලට නැග්ග කියලා" අන්න ඒ වගේ තමයි ඔබ තුමාගේ මේ කතාවත්.
මම නොදන්නා නිසාමයි අහන්නේ ; අර "තිලක්-ඩුබායි " සහෝදරයට මොකද උනේ ?? හොර වංචා ගැන එතුමා ගොඩක් තොරතුරු දන්නා බැවින් මේ අවස්ථාවේදී එතුමාගේ ආදහස් අපි සැම බලාපොරොත්තුවෙන් සිටිමු .
රාජපක්ෂවරු කිව්වෙ සහෝදරයො ටිකද ? නැත්නම් බිරිය, දරුවො ඇතුළු ඔක්කොමද ?
ඔබ වැනි අයෙක්ට කුමක් සිදුවුවද අපිට කම් නැත .. රටටත් , අමාත්‍යාංශයටත් , මේ මහා පොළොවටත් සත පහක වටිනාකමක් එක් කල නොහැකි අයෙක්ට කුමක් සිදු වුවද අපිට මොකද ? කුමන්ත්‍රණය කරලා බලයට පැමිණෙන මිනිස්සු හැමවිටම ඉන්නේ කුමන්ත්‍රණ වලට බයෙන් තමයි .කරුණා කර මේ රටයි , අමාත්‍යාංශයයි , ජනතාවවයි කන්නේ නැතුව , විනාශ කරන්නේ නැතුව මීහරක් ටිකක් බලාගෙන ඉන්න.
කාගේ දේවල්ද මේ අරගෙන තියෙන්නේ?
මෙතුමා දැනට අවරුදු 15 ක පමණ කාලයක සිට පටන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කැබිනට් අැමැතිකම්..., මේ රටේ දැන් තිබෙන ප්‍රශ්න වලට (සයිටම්, උමා ඔය, නොරොච්චෝලේ, කැලිකසල බැහැර කිරීම, ඩෙංගු, ආර්ථිකය කඩා වැටීම) වැනි ප්‍රශ්න වලටත් වග කියන්න ඕනේ....හැම දෙයකටම මුල රාජපක්ෂලා කියලා බේරීම සදාචාරාත්මක නැහැ... ඒ කාලේ ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය හොඳ නැත්නම් රජයෙන් ඉවත් වෙන්න තිබුණා. එහෙම නොකර හැමදෙයකටම කැබිනට් එකේ ඉඳන් අනුමැතිය දීලා මහජන මුදලින් සැපසම්පත් වරප්‍රසාද භුක්ති විඳලා, සල්ලි හම්බකරගෙන කොළඹින් ගෙවල් එහෙම අරගෙන දේපල හම්බකරගෙන දැන් එනවා එක එක දේවල් කියන්න...
රටට කුමක් කළත් මොවුන් වැරැදිකරුවන් ලෙස හැඳින්වීම නුසුදුසුයි. මොකද අපි සිරිසේනවරු හෝ වික්‍රමසිංහවරු කියන්නේ නෑනේ.
එතකොට අර අසරණ වීරවංශ මහත්තයා ගැන මොකද කියන්නේ?
රට කාපු සබ්ජෙච්ට් එක අවොත් එක්කෝ "මහින්දයෙක්" නැත්නම් "රාජපක්ෂයෙක්" ..... හැබඊ දෙගොල්ලොම දෙපැත්තේ හොඳින් වජබෙනවා.
මේ හොඳට රාජපක්ෂලාගෙන් ජරාව කන ඌරෙක් වෙන්න ඕනා.