තරිඳු ජයවර්ධන, සිරිජ් හසීම් සහ රොමේෂ් මධුසංඛ
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔහු සෙනසුරාදා සවස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රිමාන්ඩ් කරනු ලැබූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගෙන කයිට්ස් අධිකරණයට ගිය වාහනය අතරමඟදී අනතුරකට ලක්වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙන්නුම් කරන්නේ ලෝකේ නරකම පොලිසිය ලංකාවේ පොලීසිය කියලාද? ගාලු දිස්ත්‍රික්කයේ නම් පොලිසිය තනිකර හොරුන්ට හසුවෙලා. ගම්වල ඔක්කොම නීති කඩනවා. ඒ වුණාට හොයන්නේ නෑ.
එහෙනම් දකුණු පළාතේ පොලිසි ගැන සෙවිල්ලෙන් සිටීමට කාලය පැමිණ ඇත.
ලංකාවේ පොලිසිය තනිකරම කුණු වුන මාලු හට්ටියක්. ඔය සේවයට සම්බන්ද වෙන සියලුම දෙනා බලන්නේ රටේ සමාජයේ ආරෂාව නොව නිල ඇඳුම ප්‍රයෝජනයට ගෙන කොහොමද කුමන අයුරකින් හෝ ධනවත් වෙන්නේ කියලයි ....
නරකම පොලිසියනං කොහොමද මෙයාව ඇල්ලුවේ. අත් අඩංගුවට ගත්තෙත් පොලිසියෙන්ම නේද?
අත්අඩංගුවට ගත්ත සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සෙ. ඒ වුනත් පොලීසියෙ තවමත් නීතිගරුක නිලධාරීන් ඉන්න බවට මේ අත්අඩංගුවට ගැනීම සාක්ශියක්. අනිත් අතට මේ ප්‍රමාද වීම පොලිසියේම වරදක් නෙවෙයි. රහස් පොලීසියෙන් මේ පොලිස් නිලදාරියා අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලලා තියෙනවා මේ නඩුව ආරම්භයේදීම. නමුත් නීතිපති නිර්දේශය මෙතෙක් ප්‍රමාද වීම තමයි මේකට හේතුව. මේකෙන් පේන්නෙ බලය තියෙන අයට පවතින නීතියට යටත් නොවී ඉන්න ක්‍රම තියෙන බවයි.