රංජන් කස්තුරි
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබිණි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී ගබඩා කරන්න නොහිතුනේ ඇයි.
පෞද්ගලික දේපලක් මේ අකාරයෙන් රජයට පවරාගත හැකිද? සාධාරණද?
මේක කලින් ආණ්ඩුවෙන් කරපු තේරුමක් නැති වැඩක් නොවන නිසා
වැඩිපුරම තියෙන්නේ ගෙවීම් වාට්ටුද?
මෙම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට රජයට පවරා ගන්නේ මොකටද? රජයට පවර ගත්තම සියල්ල හරි නම් බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියල. දොස්තරලා වර්ජනය කරන කොට දැන් මේකත් වර්ජනය කරන බව නම් සහතිකයි.
කරන්න ඕනේ දේ නෙමෙයි කරලා තියෙන්නේ.
මේක හැදුවේ රජයේ මුදලින් කිසිම ඇපකරයක් නොමැතිව කට වචනයට මුදල් දුන්න දැන් රෝගීන් එන්නේ නැති නිසා මහජන මුදලින් නඩත්තු කරන්න හදන්නේ ලාබය පමණක් නෙවිල් මුදලාලිට ලැබෙයි
ප්‍රමාදවෙලා හරි මොලේ පෑදුණු එක ලොකුදෙයක්...
දැන් ගැටලුව තියෙන්නේ සියටම් උපාධි කඩේද... නෙවිල් ප්‍රනාන්දු රෝහලේද? යන්නේ කොහේද මල්ලේ පොල්
සරසවි දරුවන්ගේ මොලේ මෝරලා නොමැති වුවත් ඔවුන්ගේ දෙමාපියන්ට මීට වඩා මොලේ මෝරලා තිබිය යුතුය. නමුත් සියළු දෙනාගේම සිතුවිලි වල ඇත්තේ කුහකකමය. ඒ අන් කිසිවක් නොව තමන්ගේ අය මිස අනෙක් අය ඉගෙන ගෙන තැනකට එනවාට විරුද්ධව තිබෙන ඊරිසියාවය. මතුපිටින් කුමක් කීවත් මේ සටන තමන්ට සිදුවන අසාධාරණයක් ගැන නොව අනෙකාට සිදුවන සුගතියකට එරෙහි වීමේ කුහක සටනක් වූ නිසාය. සයිටම් සිසුන්ද තමන් සේම ප්‍රමිතියෙන් ඉහළ තැනකට ගේන්නැයි කියා සටන් කළා නම් කෙතරම් මානුෂිකද? නමුත් මොවුන් කීවේ උන්ට අපිට තරම් ලකුණු නැති නිසා ‘උපාධි කඩය වසා දමන‘ ලෙසය.
දැන් ඉතින් උපදේශක මණ්ඩලයක් එහෙම පත් කරලා පරපෝෂිතයන් රැලක් දාගෙන පාඩු පිට දුවන්න පුළුවනි. මුළු රටම දැන් නම් ජල්බරියක් වගෙයි. නෙවිල් මහත්තයා කොහොමටත් දිනුම්!