(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය ආඥා පනතට අනුව සෞඛ්‍ය ඇමතිවරයාට බලය ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වසර 5කට පත්කිරීමට බව ද එවැනි පත්කිරීමකින් පසුව මාස 6කින් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් සෞඛ්‍ය ඇමතිවරයාට නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව තව දුරටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා වන අතර වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කරමින් එම ධූරයට වෙනත් අයෙකු පත්කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගන්නා උත්සාහයන් පරාජය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ වර්ජනයට ජයවේවා!
ඇයි වැඩ කරන්න වෙලාවක් තියනවද? රටක් වෙනුවෙන් මෙහෙම දිගටම වර්ජනය කරන්න ගියහම. ඔක්කොම නිදහස් අධ්‍යාපනය ප්‍රයෝජනයට අරගෙන ඉගෙන ගෙන රටේම සල්ලි කනවා නේද? මේ කරන දේවල් වලට ඉස්සරහට පඩිසන් දේවි...
නූතන ත්‍රස්තවාදය කියන්නේ මේකටයි.
මේක නම් නියමයි,.. ඕන්න වැඩ...
මේ වගේ උගත් මිනිසුන් ඉන්නා රටක, කාලෝ මහත්තයා ඇරෙන්න රටේ වෙන උගතුන් සුදුස්සන් නැද්ද?
අවුරුදු 85 ක් වයස මෙතුමාට දැන් නිදහසේ ඉන්න දෙන්න. අනික අලුත් සභාපති පත්වන්නේ දොස්තරලාගේ ඡන්දයෙන් නේද? රටම වැඩවර්ජනයකට යන්නේ මොන පදනමකින්ද?
මේක පුදුම වැඩක්නේ! දැන් දොස්තරවරු පොඩිදේටත් වැඩ වර්ජනමනේ කරන්න හදන්නේ.
දොස්තර අනිල් මුණසිංහ මහතාගේ විස්තරත් කියවන්න... ඔහු අන්තර් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ලෙසත් වැඩකළා. එවකට පැවති 88-89 භීෂණ අවධියේදී රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව කළ ශිෂ්‍ය අරගලයේදී ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසත් ක්‍රියාකළා..
රටම අවුලකට දාලානේ තියෙන්නේ...කාට කියන්නද? දෙවියනේ !!! පාලකයෝ ඔක්කොම අඳ,ගොළු, බිහිරි වෙලා...
අනේ කාලො මහත්තයෝ, ඒකනම් කරන්න එපා. අපිට සදාකාලෙටම දොස්තරලා නැතුව ඉස්පිරිතාල ටික වහලා තමයි තියන්න වෙන්නේ...
එහෙම නම් දොස්තරලාටත් රෝහල් ගත කරන්න වේවි !!!.
මේ අයට ඉගෙනීම වැඩි කමට ආපු මානසික ආතිතයක් වත්ද? මොනවාවුණත් මානසික ගැටළුවකට ලක්වෙලා වගෙයි. කලින් දේශපාලකයන්ට විශ්‍රාම යන්න කියන ගමන් මේ අය වයසක දොස්තරවරුන්ව තියාගන්න කියනවා.. කාලෝ අයන්තේ.... අපිට කලන්තේ...
මේ ගොල්ලෝ අායෙත් අනාගන්න යනවා වගේ....
හරියට හරි. කාලෝ මහත්තයම තමා ඕකට සුදුසු. එක එක එන්.ජී.ඕ. ලා කෑගැහුවටවත්, නැත්තන් ආණ්ඩුවේ මිනිස්සු කෑගැහුවටවත් ඔය ගන්න ක්‍රියා මාර්ග නවත්තන්න එපා. මොකද සෞඛ්‍ය කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි. සෞඛ්‍ය වගේ ක්ෂේත්‍ර වලට එන්න ඕනෙ කාලෝ මහත්තයා වගේ බුද්ධිමතුනුයි.
අපට ඔතන කවුරු හිටියත් කමක් නෑ. ඒ හිටියත් කරන්නේ රෝගීන් අසරණ කරලා තමන්ගේ බඩ රැකගන්න එක විතරයි. ඕකත්, පාර්ලිමේන්තුවත් දෙකම එකයි.
අයියෝ දැන් නම් හොඳටම අමාරුයි වගේ මේවා අහලම...
මේක තනිකරම විකාර පාරාදීසයක්.... සියල්ල පැත්තකින් තියලා, මානසික රෝහල් රටපුරා ස්ථාපිතකොට පිටරටින් වෛද්‍යවරු ගෙන්වා මේ මානසික රෝගීන්ව සුවපත් කල යුතුයි. රටේ වෛද්‍යවරු ලෙඩ්ඩු වුණු රටක ජීවත් වෙන රෝගීන් ගැන කවර කතාද?
රජයේ දොස්තරලා කියන ජාතිය දැන් අපි හැමෝටම වහ කදුරු වෙලා ඉවරයි. අපි නම් දැන් එම්.බී.බී.එස්. කට්ටිය ලඟට බෙහෙත් ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්ටනෙට් යනවා නැත්නම් පැනඩෝල් වෙනුවට ගස්ලබු කොළ බ්ලෙන්ඩ් කරලා බොනවා. ඩෙංගු වලට අපි දැන් බය නැහැ. මොකටද ඉස්පිරිතාලවලට සල්ලි දෙන්නේ?
ළඟදීම දොස්තරලාගේ කාර්, ගෙවල් වලට ගල් ගහන කාලයක් ඒවි. හිත තද තාත්තා කෙනෙක්ගේ දරුවෙක් මැරුණොත් මේ දොස්තර නාඩගම නිසා... අන්න ගින්න පටන් ගන්න තැන...
ඔව්, අර හිඟන්නාගේ තුවාලේ වගේ සුවනොවන වර්ජන කුලප්පුව කලො මහතාගේ පිහිටෙන් හරි අරගෙන යන්න වගේ හදන්නේ... මෙයාලගේ ඊ ළඟ වෑයම අසරණ රෝගීන්ට කරදර කිරීමටයි.
ඇයි කාලෝ මහත්තයෝ... දොස්තර පාදෙණිය මහතාව දාමුකෝ.. එ්ත් නැත්නම් අර සෙරෙප්පුවත් නැතිව දුවපු දොස්තරවත් !!!
රට පාලනය කරන්නත් කාලෝ ට දෙන්න කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ... ඊලඟට කියන්නෙ ඒක තමයි.
මේ හරියට මස් රාත්තලක්ම ඉල්ලනවා වගෙයි..
අනේ ඉතින් රජයේ දොස්තර මහත්තුරු අපිට නම් වහ කදුරු වෙලා නැහැ. මොලේ පොඩ්ඩක් හරි තියෙන කෙනෙකුට නම් ඉතින් දොස්තරල දෙවිවරු කියල තමා පෙන්නේ. සයිටම් එක ඕන කියන කට්ටියටයි, ආණ්ඩුවට කඩේ යන කට්ටියටයි තමා එහෙම පේනවා ඇත්තේ. ආණ්ඩුවේ ඉස්පිරිතලෙ වාට්ටුවක ඉඳිද්දි මම නම් දැක්කෙ ඒකෙදි හොඳ වෙලා යන හැම ලෙඩාම දොස්තර මහත්තුරුන්ට වැඳලයි ගියේ. ඔය දොස්තර මහත්තුරුන්ට ගහනවා කියන කව්රු හරි පුලුවන්නම් වාටුවකට ඇවිල්ල අතක් උස්සල බලන්නකො. එකෙ ඉන්න ලෙඩ්ඩු තමයි මුලින්ම ගහන්නේ... ඒ එන කට්ටියට තමා දොස්තර මහත්තුරුන්ට නම් නෙමෙයි.
බොහොම හොඳයි. පුද්ගලික බෙහෙත් ශාලා ටිකත් වහලා දාන්න. ආණ්ඩුවේ බෙහෙත් ටිකනේ ඕව වල තියෙන්නේ. එකනේ ප්‍රමිතිය.
කාලෝ මහත්තයා නැතිනම් මොකද කරන්නේ? එතුමටත් දැන් වයස අවුරුදු 85 ක්නේ...
පොදු ජනතාව වශයෙන් අපිට කවුරු ආවත් එකයි.
කාලෝ තුමා සමාජවාදියෙක්. ඔබතුමා ඇපයට අරගෙන අසරණ රෝගීන් තවත් අසරණ කරන්නටයි ජි.එම්.ඕ.ඒ. උත්සාහය. කරුණාකර ඔබතුමා මේ සම්බන්ධව ඈත්වී සිටින්න. මම ඔබතුමාගේ ගෝලයෙක්. ඔබතුමා ඒ දිනවල අපිට කිව්වේ අපේ වැදගත්ම තැනැත්තා රෝගියාය. මීට ඔබතුමා මැදිහත්ව මේ ආත්මාර්ථකාමීන්ගෙන් රෝගීන්ව බේරා ගන්න .
මේවගේ පුද්ගලයකුට මොනවද කරන්න පුළුවන්?
දැන් නම් දොස්තරවරු නම් රටේ ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා දිනය ලඟ ලඟම එනවා. ස්ට්‍රයික් දවසක එක තැනක දොස්තරවරයෙකුට ගහන්න පටන් ගන්න විතරයි.
දැන් නම් තත්වය හොඳටම පැහැදිලියි. මේගොල්ලන්ට වර්ජනය කරන්න හේතු නැහැ, ඉතින් හොයනව සිල්ලර හේතු, සභාපතිම කියනව, එයා "මම වල පයයි, ගොඩ පයයි "කියල, බැරිවෙලාවත් තව මාසයකින් ගොඩ පයත් වලට ගියොත් ඉතුරු කාලය (අවුරුදු 4 1/2 ) මිනිය තියාගෙන ඉමු, මොකද ඇමතිට අවුරුදු 5ක් යනකම් එයාව ඉවත් කරන්න බැරි නිසා. නියම 'දොස්තර -ලෝයර්ස්' ලා.
මේ හේතුවට වර්ජනය කලොත් ගෙවල් ඉස්සරහ තණකොල මිටි තිබ්බනම් හොඳයි. එතකොට හැමෝම දැනගන්නව මෙතන ඉන්නෙ දොස්තරකෙනෙක් කියල.
සයිටම් වහන බවක් පේන්න නැති නිසා, මීලඟ අඛණ්ඩ වර්ජනයට ඉල්ලීම්... 1. සෞඛ්‍ය ඇමති වහාම ඉවත් කරනු.. 2. අගමැති ඉවත් කරනු.. 3. ජනාධිපති ඉවත් කරනු.. 4. මහින්දට රට බාර දෙනු..
දැන් කලින් සතියකට කල් දාපු අඛණ්ඩකුත් තියෙනවනේ, ඉතින් කොහොමද අඛණ්ඩ දෙකක් කරන්නෙ ? හොඳටම ෂුවර්ද මේකත් අඛණ්ඩයක් කියල ?
තර්කය වැරදියි, ජූනි 30දා අවසන් වුනේ මෙයාට දීපු මාස 6යේ සේවා දිගුව..
ඔය කට්ටිය එලවල දාලා ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්න ගන්න. ඉන්දියාවේ ඕන තරම් දොස්තරලා ඉන්නවා මුන්ට වඩා සුදුසුකම් තියෙන පළපුරුදු පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන් අය.