(අජිත්ලාල් ශාන්තඋදය)
විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට මැර ප‍්‍රහාරයක් එල්ල විය.
පල්ලෙබැද්ද නගරයේ තුන්තොට හන්දියට අද පෙරවරුවේ රැස්වූ දහසකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ආදිය අතැතිව විරෝධතා පුවරුද සමග එක්ව රැස්වී රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන පාර අවහිර කරමින් ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා ද පත්තු කරමින් උද්ඝෝෂණයක් කළහ.
පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන ඒම නිසා ලංකාවේ ගම්මමිරිස් මිල සීග‍්‍ර ලෙස පහත බැස ඇති බවත් ගම්මිරිස් සඳහා වැඩි මිලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් උද්ඝෝෂකයෝ කීහ.
උද්ඝෝෂණය ආරම්භ කර විනාඩි පහළොවක් පමණ ගතවූ පසු රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ද එතැනට පැමිණියේ ය.
රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා උද්ඝෝෂකයන් අමතමින් පාරේ එක පැත්තක් වාහනවලට විවෘත කරන්නැයි ඉල්ලමින් පෙළපාලියකින් පල්ලෙබැද්ද නගරයට යන්නට ආරාධනා කළේ තමන් ද එන බව පවසමිනි.
විරෝධතාවේ නිරත පිරිසක් පාරේ කොටසක් විවෘත කරනවාට විරුද්ධ වුව ද වැඩි පිරිසක් කැමැත්ත පළ කළ නිසා පාරේ එක් පසෙකින් වාහන ගමන් කරද්දී උද්ඝෝෂකයෝ පෙළපාලියෙන් පල්ලෙබැද්ද නගරය කෙළවරේ ඇඹිලිපිටිය දෙසට ඇති ගල්පාය හන්දියට පැමිණියහ. ගල්පාය හන්දියේදී උද්ඝෝෂකයෝ පාර මැද වැතිර විරෝධය පළකරන්නට වූහ.
පාරේ පැත්තක් වාහන ගමනාගමනයට ඉඩ දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටිය ද උද්ඝෝෂකයෝ එය ප්‍රතික්ෂේප කළහ.
එසේ පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පවත්වාගෙන යද්දී හිස්වැසුම් අතැතිව පැමිණි හය හත් දෙනකුගෙන් යුත් පිරිසක් උද්ඝෝෂකයන් අතරට කඩා වැද එක් අයකු ‘තොපි හූ කිව්වේ මට නේදැයි’ විමසමින් ගැටුමක් ඇති කරගත්තේය.
උද්ඝෝෂකයෝ ද ඔවුනට පෙරළා පහර දුන් අතර දෙපිරිස අතර එය ද්වන්ධ සටනක් බවට පත්විය. උද්ඝෝෂකයන්ට මැරයින් හිස් වැසුම් වලින් ද පහර දුන්නේය. උද්ඝෝෂණය හේතුවෙන් අවහිර වී තිබූ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ඉන්පසු ඉඩ සැලසිණි.
පොලීසිය ද පැමිණ ගැටුම සමථයකට පත් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. මද වේලාවකට පසු එහි පැමිණි නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එතැනට පැමිණ උද්ඝෝෂකයන් සාධාරණ බව පැවසුවේ ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් දේශපාලකයො මොකක්හරි උද්ඝෝෂණයකින් ගොඩ යන්න හදනවා. වැඩේ වැරදුනාම තමන් එක්ක ආපු අයට සලකන්නේ මෙහෙම නම්, බලයට ආවොත් කොහොම කරයිද?
මැර ප්‍රහාරය මම අනුමත නොකරමි, නමුත් හැමදාම ගොවියෝ විතරක් ආරක්ෂා කරමින් ඉන්න බැහැනේ ? පාරිභෝගිකයෝ ගැනත් හිතන්න ඕනනේ ? මේක වීවෘත ආර්ථිකයක් තිබෙන රටක් ඉල්ලුම අඩු වෙනකොට මිල පහත වැටෙනවා. කුළු බඩුවල මිල කලාපයේ අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාවේ වැඩි .
දේශීය වගාවන් විනාශ වීමට ඉඩ හැර තිබීමේ ප්‍රතිපත්තිය, වර්තමාන ආණ්ඩුවේ ඉතා කණගාටුදායකය. ගොවින් වී වගාවන් වලින් ඉවත් වීමේ ප්‍රතිපලයක් ලෙස සහල් හිඟය කදිම නිදසුනකි.
දහසකට ආසන්න පිරිසකට හය හත් දෙනෙක් ගැහුවද
ඉතින් කාරණාව හොඳටම පැහැදිලියිනෙ මෙතන ගම්මිරිස් කියල වෙන අරමුණු ඉටුකරගන්නවා .. මේ අයට මැර ප්‍රහාර දීල විතරක් මදි මේ විදියට අවහිර කරමින් මහජනතාවට කරදර කරනවට.
ගම්මිරිස් මිල අඩු වුණා කියලා ගොවියෝ පාර වහගෙන උද්ගෝෂණය කරන එක අසාධාරණයි. ගම්මිරිස් මිල වැඩි වුණ වෙලාවට පාරිභෝගිකයෝ කරබාගෙන විඳදරාගෙන ඉන්නවා මිසක් පාරවල් වහන්න යන්නේ නැහැනේ... ඔතන 1000 කට වැඩි පිරිසක් ඉන්නවා නම් ඔය 7-8 දෙනෙකුට ගහල එලවල දමන්න බැරිද ?