(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන සිටියදී පොලිස් බාරයට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
පොලිස් බාරයට පත් සිසුන් 41 දෙනකුගෙන් 32ක්ම ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන තිබූ අතර අත් කපාගෙන සිටි සිසුවියන් 7කටද පොලිසිය දැඩි ලෙස අවවාද කොට ඔවුන් මව්පියන්ට බාරදී ඇත.
මෙම සිද්ධිය සිදුවූ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ සිසුන් පිරිසකගේ අසාමාන්‍ය හැසිරීම දකින්නට ලැබී ඔවුන් කැඳවා පරීක්‍ෂා කිරීමේදී සිසුන් 32 ක් අත් කපාගෙන තුවාල කරගෙන තිබූ බව පෙනීගොස් ඇති අතර ඔහු මේ පිළිබඳව පොලිසියට ලබා දුන් තොරතුරක් මත එම සිසුන් පොලිස් බාරයට ගෙන ඇත.
මෙලෙස පාසල තුළදීම පොලිස් බාරයට ගත් සිසුන් මැදිරිගිරිය පොලිසියට කැඳවාගෙන එද්දී එක් සිසුවකු ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය විශේෂයක් ඉවත දමද්දී පොලිසිය එම මත්ද්‍රව්‍ය විශේෂය ද සිය බාරයට ගෙන ඇත.
පාසල් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන්නේ කෙසේදැයි යන්න මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය කීය.
පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේරත්න, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වා සහ මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්.ජී.එස්. ජයලත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබාදෙන අය දැනගත්තත් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න ඔය පොලිස්කාරයන්ට කොන්ද පණ මදී
පන්ති භාර ගුරුවරයා කව්ද ගුරුවරයෙක් හිටියේ නැත්ද විශාල ප්‍රශ්නයක්. දැන්ම ගුරු අඩුපාඩු පුරවන්න
ඉස්සරනේ මතට තිත. දැන් තිතට මත. පොළොන්නරුවේ ඉස්කෝලෙකින්ම පටන්ගෙන තියෙන්නේ.
"සිසුන්ට මත්ද්‍රව්‍ය විශේෂයන ලබදිමට දායක වූ සියලුම දෙනාගේ අත් තියුණු ලෙස කපා දැමිය යුතුයි " අරාබිකරයේ පවතින ""ෂරියා "" නිතිය ලංකාවෙත් ක්‍රියාත්මක කලයුතුයි; එවිට අපේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගේවී.
මැදිරිගිරිය (නිව් ජර්සි). ලංකාවේ අලුත්ම නගරය.
පොළොන්නරුවට අපමණ අගයක්.
කෑ ගහන්න එපා මානව හිමිකම්
මෙතන වෙන්නේ සිසුන්ට මේ මත්ද්‍රව්‍යය ලබාදුන් පුද්ගලයාට දඬුවම් ලැබේවි. නමුත් මේ අපරාදය රටට ගෙනාපු මහා පරිමානයේ ව්‍යාපාරිකයා නිදෙල්ලේ. මේවා තමයි මේ යහපාලනයේ වෙන්නේ.
ගුරුවරු නියමිත වෙලාවට පන්තිවලට යනවනම් කාලසටහන නිසිලෙස ක්‍රියාත්මක වනවා නම් සිසුන්ට ඔය වගේ දේවල් පාසැල තුල කරන්න අවස්ථා ලැබෙන්නේ නැත.
මහරගමත් දුම්රිය මාවතේ, අතුරු පාරවල් වල හිස් ඉඩම් වල පාසල් නිල ඇදුමින් කුඩු ගහන දරුවන් ගැවසෙනවා පින්සිද්ද වෙයි ජනපතිතුමා හරි මැදිහත් වෙලා මේ කුඩු වසංගතයෙන් අඩුම තරමින් රටේ අනාගත පරපුර වෙන පාසල් දරුවන්වත් මේ කරුමෙන් ගලවගන්න. පොලිසියෙන් නම් මේවට පිළියම් ලැබෙන්නේ නැහැ. දරුවෝ අහින්සකයි. මහා අයගේ ධන බල තණ්හාවට මේවගේ සහගහන අපරාද කරන්න ඉඩ තියන්න එපා .! වහාම මේවා කරන දේශපාලුවෝ අත්අඩංගුවට ගන්න .
පොලිස් අත් අඩංගුවට ගත යුත්තේ සිසුන් නොව, මේ මත් ද්‍රව්‍ය සිසුන්ට සපයා දුන් පුද්ගලයවයි .
අනේ අනිච්චං දුක්ඛේ රටකට ගිය කලක්!
නගරවලට ගෙනල්ල කැලේ සුද්ද කරලා ඩෙංගු නැති කිරීමට මේ අය යොදවන්න.
මගේ අම්මෝ... මෙහෙම ලංකාවක්ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ළමයි අරගෙන ලංකාවට නිවාඩුවට යන්නත් බයයි. ජනාධිපතිතුමනි . ඔන්න ගමෙන්ම පටන් ගන්න වෙලා.