(රංජන් කස්තුරි)
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ළුලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
එම කමිටු කාර්යාලයට 2016 වසරේදී රුපියල් මිලියන 12 ක මුදලක් වෙන්කර ඇතත් එම වර්ෂයේ දී රුපියල් මිලියන 26 ක් වියදම් කර තිබෙන බවද එහිදී ඇමැතිවරයා කීවේය.
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාලය අවසන් වු හෙයින් එම කාලය තවදුරටත් දිර්ඝ නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ අපි නම් මෝඩ මිනිස්සු... හුඟාක් දෙනෙක් කියන්නේ ඔය හොර අහුවෙයි කියලා මේක වහන්න කියලා ජනාධිපතිතුමා ගාව වැඳවැටෙනවා කියලා...
ජවිපයේ සහ රාජිතගේ අදහස් පරස්පරයි. ජවිපයේ කියන දේ නේද හරි?
ආණ්ඩුවත් මුකුත් කරලා තියෙනවද?
මම යථාර්තයයි ලියන්නේ...අපහාස ලියන්නේ නැ.... බලන්න මම ලියන ඒවාට හැමදාම හොඳ ප්‍රතිචාර ලැබෙනවානේ...
වැඩක් කළා නම් ඔය කෑ ගහන හුඟක් අයට ඉන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. වැලිකඩ හරි බෝගම්බර හරි ..... තමයි.
දූෂණ, මර්ධන කාර්යාලය හරියට වැඩකළානම් පාර්ලිමේන්තුව රැස් කරන්න වෙන්නේ දියවන්නාවේ නොවේ වැලිකඩ.. හේතුව අලුත් ආණ්ඩුවේ සිටින පුද්ගලයන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් වැඩි හරියක් හිරේ යන නිසා... ඉක්මණට ඕක වහලා දමන එක හොඳයි. නැත්නම් ඕකේ රැස් කරන විස්තර අඩංගු ලිපි ගොනු වැරදීමකින් වත් උසාවියට ඉදිරිපත් කළොත් වෙන්නේ පාර්ලිමේන්තුව වහන්න තමයි.
ආණ්ඩුවෙනුත් මේ වනකම් මොකුත් වෙලා නැති නිසා එ්කත් අහෝසි කරලා දාමු !!!
ඔයාලට කොහොමත් මේවා හරියන්නේ නැහැනේ...
මේවා දකිනකොට ඇඟේ ලේ රත්වෙන එක විතරයි වෙන්නේ. අපේම සල්ලි කාබාසිනියා කරන එක විතරයි මේ අය කරන්නේ ...
කෝ මේ එෆ්.සී.අයි.ඩී. එක මුකුත් කළාද? අරක කරන්නම්, මේක කරන්නම් කියලා හැමෝගෙන්ම අහන්න ඕනේ... විශේෂයෙන්ම ගෙවල් 5000 ක් හදනවයි කිව්ව එක ගැන....
රටේ මෝඩ ජනතාව විසින් පත්කරගත් ‘දූෂණ මර්දන කාර්යාලය ' රටේ උත්තරිත කියන කැබිනට් මණ්ඩලය විසින් වහන්න තීරණය කිරීම ගැන කණගාටුයි...අනේ මෙහෙම රටක්
මොකුත් නොකරනවා කියල අහෝසි කරනවා නම් මුළු ආණ්ඩුවම අහෝසි කරල දාන්න තියෙන්නේ
ඔබටත් දුෂණ චෝදනා තියෙනවා...කි සැරයක් කට්ටි පැන්නාද...ආණ්ඩුවේ ලේබල් එක පෙන්නලා කට්ටි පැනීම කවදාහරි ඉවරවේවි..එදාට ...ඔය ජෝගි ඉවරයි....ඔබට ලැජ්ජාව කියලා එකක් නැති කෙනෙක්...එ්ත් ..අපිට ලැජ්ජයි...
අර නීතිපති ගාව තියෙන නඩු ටික කවුද එව්වේ.
ආණ්ඩුවේ හොරුන්ගේ හොර අහු වෙනවා. එතකොට ඉස්සෙල්ල ආණ්ඩුවේ හොරුන්ගෙත් හොර අහු වෙනවා. දැන් ඉතින් මේක වහල දානවා මිසක් වෙන ක්‍රමයක් නැහැ මෙව්වා වහ ගන්න. මෙහෙමත් රටක්.
මෙම කාර්යාලය ගැන කතාකරනවට වඩා තම තමන් සිතිය යුත්තේ මහජන මුදල් හොරකම් කළ කිසිවෙකු යහතින් ජිවත් නොවුබවත් ජිවත් නොවන බවත්.තම දරුවන්ටත් මෙම මහජන දේපලවලින් යානොදෙනබව අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇත.
ඔබ තුමාලා චන්දය තියල බලන්නකෝ මුකුත් කරලා නැත්ද කියල පෙනේවි
මෙයාට විරුද්ධවත් පැමිණිල්ලක් එතන තියෙනව නේද?
අහෝ ලංකා
මේ කියන්නෙ දූෂණ මර්දන කාර්යාලය පිහිටුවීමෙන් තමන් අපේක්ෂා කළ කාර්යය මෙතෙක් ඉටු නො වූ බවයි. දැන් දැන් තම තමන්ගෙ දූෂණ හෙළිවෙයි කියල ද මෙතුමාලා වහන්න හදන්නෙ? කලක දි රහ, කලක දි වහ.
මමනම් කියන්නේ දැනට දියවන්නේ ඇමති පුටුවල නිසි සේ සුව විදින සියලුම දෙනාගේ වත්කම් සහ බැංකු ගිණුම් ගැන මනා විමර්ශනයක් කිරීම කාලෝචිතයි. ඉන්පසු දුෂිත දේශපාලකයින්ට සිර දඩුවම් ලබාදී ,වංචා දුෂණ වලින් බැහැරවූ තරුණ උගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරමු.
"නරියන්ට කුකුල්ලු භාරදෙනවා" කියන්නේ මේකට තමයි... දූෂණ මර්ධනය කිරීමේ කාර්යාලයේ ඉරණම දුෂිත දේශපාලකයන්ට බාරදුන්නම ඔවුන් එ්ක අක්‍රිය කරන එක පුදුමයට කාරණයක් නොවේ..