(රංජන් කස්තුරි)
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ළුලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
එම කමිටු කාර්යාලයට 2016 වසරේදී රුපියල් මිලියන 12 ක මුදලක් වෙන්කර ඇතත් එම වර්ෂයේ දී රුපියල් මිලියන 26 ක් වියදම් කර තිබෙන බවද එහිදී ඇමැතිවරයා කීවේය.
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාලය අවසන් වු හෙයින් එම කාලය තවදුරටත් දිර්ඝ නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.