පළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී මෙම එකඟතාවටය පැමිණ තිබේ.
මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි.
කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට අත සාකච්ඡා වී තිබේ.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට බාලගිරි දෝසය වගේනේ...
අපි යහපාලනය උදෙසා ඡන්දය දුන්නා. නමුත් පුදුම කලකිරීමක්... රනිල්, මෛත්‍රි මහත්වරු පරාදවෙනවා සිකුරුයි. ඔබතුමා තවත් පරක්කු නොවී රනිල්ගේ පර්ශවයෙන් ඉවත් වී නව රජයක් පිහිට වන්න කියලා අපි කියනවා...
මල්පොහොට්ටුව ට කීයට වත් එන්න බෑ
apita eka shuwar. lankawe janathaawa mathiwaranayen pRaadayi.
නොවැම්බර් අග සතියේ කියල මිසක්, අවුරුද්දක් කියල නෑනේ, එ්ක නිසා ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාටත් මීට වඩා වැදගත් රාජකාරියක් තියෙනවා...මේ දවස්වල කරන්න.
ඩෙංගු හැදිලා ලංකාවේ මොනතරම් ජනතාව මැරුණත් ඒවාට විසඳුම් පැත්තක තබා මේවා නම් කලට වේලාවට වෙනවා. අපේ රටට ඉතින් ඡන්ද තියන්නේ කම්මලේ බල්ලට වගේ තමයි. කොච්චර මැතිවරණ තිබ්බත් ආපසු හැරිලා බලනකොට අපි ඉන්නේ එකම තැන. අපේ රට දියුණුවන දවසක් නම් පේනතෙක් මානෙකවත් නැහැ. දැන්වත් අපේ නායකයෝ රටගැන හිතන්න පුරුදු වෙනවානම් ලොකුදෙයක්...
මැතිවරණ අපිට නම් එපාවෙලයි තියෙන්නේ. අැයි සභාපතිවරුන්ට වාහන ගෙන්නන්න වෙයි. ඔය මැතිවරණ එපා. පළාත් සභා මුලින් තබමු.
ඕක ඉතින් කොච්චර කිවුවත් කල් දාන එකමයි කරන්නේ මේ අය. වර්ෂයක් කියල නෑනේ. සමහර විට ලබන 2018 අවූරුද්දේ නොවෙම්බර් වෙන්නත් පුළුවන්නේ. අර කතාවක් තියනවානේ ගඟට ඉනි කපනවා කියල අන්න ඒ වගේ තමයි මේ කට්ටිය.