(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා ලබන 05 වැනි දා දක්වා යළි රිමාන්ඞ් කරන ලෙසට ප‍්‍රධාන මහේසත‍්‍රාත් දුලානි එස් වීරතුංග මෙනවිය අද (19) නියෝග කළාය.
ලහිරු වීරසේකරට අමතරව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, ෆසිසාන් අහමඞ්,දිනේෂ් මධුරංග, සහ දිමුත් ලක්ෂාන් යන අය රිමාන්ඩ් කෙරිණි.
දිනේෂ් මධුරංග, සහ දිමුත් ලක්ෂාන් නැමැති සැකකාර සිසුන් ඊයේ හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර සෞඛ්‍ය අමාත්‍යාශයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු සාක්කිකරුවන්ට ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට නොහැකි විය.
ඉකුත් (21) වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපලවලට රුපියල් ලක්ෂ 9 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් ඒ විජේසේකර මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරින්ට මොවුන් හඳුනා ගැනීමට නොහැකි වුණාට, රූපවාහිනියක් බලන්න... රටේ ඕනේ කෙනෙකුට මේ අයව බලාගන්න පුළුවන්නේ. ආරක්ෂක නිලධාරීන් බය ඇති මේ වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සාක්කි දෙන්න.
හොඳ වැඩේ, මෙහෙම හරි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා.
මේ ශ්‍රී ලංකාවේ දරුවන් නොවේද? අනේ කූඹින්නේ ඔයාලට රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ. ඒ නිසාවෙනි අප තැවෙන්නේ...
එහෙනම් ඔයා ගිහින් හඳුනා ගන්න .
ඔව් ඔව් ශ්‍රී ලංකාවේ දරුවන් තමයි. ඒත් බොහොමයක් අය මේ අය වගේ රජයේ කාර්යාල වලට කඩා පනින්නේ නැහැ. කූඹි නම් එහෙම යනවා.
ගරු අධිකරණයට අපි ගරු කරන්න ඕනේ... මෙයාලා පැය කිහිපයක් නිහඬව හිටියා. අවහිර කිරීම්, පහරදීම් තෙරපීම් නිසා දේපල විනාශ වුණානම් වෙන්න ඇති... මෙයාලට දේපල හනිකරන්න වුවමනා නැත. දිගින් දිගටම එක කරුණකට පිළිතුරු නැති වුණාම විකල්ප සොයනව. එදා දත් දොස්තර මහතාගේ මහජන දවස... මෙයාලට අයිතියක් තියනවා හමුවෙන්න යන්න.
මිනිසුන්ගේ බදු මුදල් නාස්ති කරමින්, උසස් අධ්‍යාපනය ලබන අනෙකුත් සිසුන්ට වැරදි පාර පෙන්වනවා මදිවට රජයේ දේපල නාස්ති කරනවා. මේවා මේ උදවියගේ දෙමව්පියන්ගේ දේපලද? කරුණාකර මොවුන්ට රජයේ රැකියා නම් දෙන්න එපා. උසස්පෙළ සමත් බුද්ධිමත් තරුණයන් ඕනෑ තරම් ඉන්නවා. අන්තිමට පුද්ගලික අංශයේ රැකියාවලට යන. අන්න ඔවුන් සොයලා රජයේ පුරප්පාඩු පුරවන්න. අඩු ගානේ ඉඳගන්නා පුටුව, මේසය හරි කඩන්නේ නැතිව තියා ගනීවි.!!!
අරගලය ඉදිරියේදී තවත් ශක්තිමත් වනු ඇත ....
සත්‍යය කවදාවත් දැනගත නොහැකිය.
ජීවිත කාලයටම හිරේට දමන්න
මේ සඳහා සිසුන් උසි ගන්වා යැවූ අය ඒ ලමයින් වෙනුවෙන් මොනවත් කියන්නේ නැහැනෙ දැන්. කෝ ඒ ඈයෝ....
මේ අයව සදාකල් හිරේට දාන්න.......