බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා එම ඉඩමේ විකිණුම් වටිනාකමින් 2%ක බද්දක් එසේ රජයට අය කර ගැනීමට තීරණය කර ඇතැයි අද පැවැති සාකච්ඡාවකදී මහ ඇමැතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමින් කොහොමින් හරි අන්තිමට ජනතාවගෙන් කීයක් හරි කඩා ගැනීම හැර මේ අයට විකල්පයක් නැහැ. පළාත් පාලන අක්‍රීය වීම නිසයි බොහෝ දුරට ඩෙංගු ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒවා ගැන නෝ කතා.
ඇත්තටම මේවගේ ඉඩම් බොහොමයක් තියෙනවා. සමහර ඒවා පාසල් යන දුවට පුතාට අරන් දාපුව. ඒ අය අවුරුද්දු 20 වෙනකම් එම ඉඩම් නිකම්ම තියෙනවා. බලන්න යන්නෙත් නැහැ. හැබැයි ගන්න බදු වලින් එම ඉඩම් සුද්ද කරන්න ඕනේ. නැත්නම් එම මුදලින් ලබන අවුරුද්දේ කට්ටියම අලුත් වාහන ගනීවි
ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහටද? තමුන්නාන්සේලාගේ ප්‍රශ්න නම් විසදේවි බදු ගැහුවහම. ඡන්ද තියන්නෙත් නැහැ නේද ලඟදි.
ඉල්ලුවහම පුරන් වෙච්ච කුඹුරු ඉඩම් සංවර්ධනය කරන්න දෙන්නේ නැහැ. දැන් මෙව්වට බදු ගහනවා කියලා ඉඩම් මංකොල්ල කාලා ඒ ගොල්ලෝම එව්වා ගොඩ කරලා විකුණා ගනී.
ඡන්දෙත් දීලා, සල්ලිත් දීලා ඔන්න කට්ටියම රැකගන්න. මඩුවලිගෙන් ගහගන්න. ජයවේවා !!!
ඉතාම හොඳ දෙයක්,.සමහර මිනිස්සුන්ට සල්ලිවලට කරන්න දෙයක් නැතුව ඉඩම් අරන් දානවා. කිසිම වගාවක්වත් කරන්නේ නැතුව තියෙන හින්දා ඩෙංගු බෝවෙනවා.
මිනිසුන් සතු හැම බිම් අගලක්ම සංවර්ධනය කල නොහැකියි. ලංකාවේ කාලගුණයට අනුව වැසි ලැබෙන කාල වලදී ගස් කොලන් වැවීම නතර කල නොහැකියි අතර, එය සෑම විටම කපා එලි කල නොහැකියි. මේ බද්ද හරියට සුද්දන් විසින් පනවන ලද මුඩු ඉඩම් පනත වැනි අසාධාරන බද්දක්. රජය බලන්නේ කුණු ප්‍රශ්නය මෙන් ඩෙංගු ප්‍රශ්නයත් මහජනයා උඩ පැටවීමටයි.
වෙන මොකුත් නැද්ද? ටිකිරි මොලේ නම් ලිපේ දාන්න වටිනවා..
පාරේ ඇති කාණුවේ වතුරේ ඩෙංගු පණුවෝ හිටියොත් සභාවේ ඇමතිතුමාට දඩ ගහනවද?
බොහෝවිට නගර සභා, ප්‍රාදේශීය සභා වලට අයත් අපද්‍රව්‍ය ගලායන කණු වල කුණුකසල හරියට ඉවත් නොකිරීම නිසා මදුරු පණුවෝ බෝ වෙලා... එතකොට දඩ ගහන්නේ සභාපතිටද?
කට ඇති... වැඩ බැරි මහා ඇමති, දැන් සිංහයා වගේ වෙන්න හැදුවට, ඒ කාලේ බයෙන් නේද හිටියේ... ?
වතුර එකතු වෙන්නේ නැති තැන්වලින් ඩෙංගු බෝ වෙන්නේ කොහොමද? අනේ මන්දා.
එතකොට ඩෙංගු බෝවෙන එක නවතිනවද? නොබෙල් තෑග්ග දෙන්න වටින සොයාගැනීමක්!