(කාංචන කුමාර ආරියදාස )
කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දදඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා යැයි ශ්‍රිලනිප නව ආසන සංවිධායක යු.ආර්.දයානන්ද මහතා කියයි.
සංරක්ෂණ සඳහා සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශපත්‍ර සුදානම් වන තුරු රංගිරි දඹුලු රජමහා විහාරය තාවකාලිකව වසා තබන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ අද (11) දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවනට අයත් විහාරස්ඨාන වල මහා සඟරුවන හා ප්‍රදේශවාසී ජනතා නියෝජිත කණ්ඩායමක් දඹුලු රජමහා විහාරයට පැමිණ මාධ්‍ය හමුවක් ද පවත්වමින් ආණ්ඩුවට අභියෝග කීපයක් එල්ල කළහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දඹුලු විහාරය" වහනවා කියලා කිසිම කෙනෙක් කිසිම තැනක කියලා තිබුනා කියලා මම හිතන්නේ නැහැ . මේ ස්වාමීන්වහන්සේලාගේ ප්‍රතිචාරය දේශපාලනමය අවශ්‍යතාවයකට විනා බුදු දහමේ හෝ දඹුලු විහාරයේ දියුණුව වෙනුවෙන් කරපු දෙයක් නොවෙයි .
මේගොල්ලන්ට අවශ්‍ය මේක පෙන්නලා සල්ලි ගරා ගන්න විතරද ? අනාගතය පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන එකී තියන වැරැද්ද මොකද්ද ?
හාමුදුරුවරු ඉන්න පන්සලයි,පුරාවිද්‍යා විහාරයි කියන්නෙ කාරනා දෙකක්.හාමුදුරුවරුන්ට ඉන්න තැනක් තියෙනව මිස වෙන කටයුතු අදාල නෑ
අපේ හාමුදුරුවන් උතුමානන්තුමන්ලා දේසනාකරන රාග දේසමෝහ කිහන ඒවාට මේවත් අය්ති වෙනවද?
අධ්‍යාපන ඇමැතිට නොගැලපෙන පුරාවිද්‍යාව වැනි විෂය පථයක් ලබාදී මේ රජය අලුත්ම ප්‍රස්නයක් හදාගෙන මේවයින් ජනතාව තවත් අපහසු තාවයට පත් වෙනවා. එහෙන් සයිටම් අර්බුදය , අතන දෙදරා ගිය උමාඔය වියාපෘතිය, මෙහෙ ලෙන් විහාර අර්බුදය, මිනිසුන්ට නිදහසක් ඇත්තෙම නැද්ද? මේ හැමදේකින්ම පිඩාවිදින්නේ දුපත් ජනතාවයි..
අපේ උරුම මොකටද සල්ලි තමයි ඕනේ .
මේක තනිකරම පලිගැනීමක්! මේ ආණ්ඩුව පිරිහෙන්නේ මේ වගේ වැරදි තීරණ නිසයි.
ආණ්ඩුව ආපු දවසේ සිට ඇදගෙන නෑම ඉවරයක් නැහැ .
රජය හෝ සංඝයා වහන්සේලා හෝ බෞද්ධ සිද්ධස්ථාන විකුණගෙන කාම අනුමැත අකරන්න බැහැ. ඩිස්කේ අවුට් ඩිස්කේ
දිනකට මිලියන් ගණන් පුද පඬුරු ලැබෙන කතරගම වහන්නේ කවදද
අපේ හාමුදුරුවනේ. , ප්‍රවේශ පත්‍ර සූදානම් වනතුරු පන්සල වසා තබනවා කියා පැවසීම ඔබ වහන්සේලාගේ හිතලුවක්. මෙය වසා ඇත්තේ දීර්ඝ කාලීනව සිදු නොකළ සංරක්ෂණ කටයුතු සදහා . තව ටික දවසක් මෙලෙස පැවතියානම් යුනෙස්කෝ ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කරන්න තිබුනා.
සංසාරේ !.තණ්හාවෙන් පිඩිත වෙලා .ආසාවල් අපමනයි .සල්ලි වලට වෙන්නේ මොනවද කියල බලන්න එපාද ?
අද වෙනකල් මේ වටිනා ජාතික සම්පත විනාශ වෙනකල් මේ අය කොහෙද හිටියේ ? ටිකට් සල්ලි වලට වැට බැන්ද ගමන් කටවල් ඇරිලා , දැන් කියයි බුද්දාගම විනාශ කරනවා කියල
ශ්‍රිලනිප නව ආසන සංවිධායකගේ පුද්ගලික දේපලක් වගෙයි.
වාර්ෂික ආදායම කෝටි ගානක් එත් ලෙන නඩත්තු කරන්න සත පහක් වියද්හම් කරන්නේ නෑ. ඒකට යන වියදම ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආදායමට වෙන දේ හොයන්න ඕනා ඔක්කොටම කලින්.
අනේ මහත්තයෝ ආගමත් දේශපාලනය නොකර යන තැනකට යනවද. කාටද වරද පටවන්නේ ? මේවා අගමකටත් පමණක් අයත් දේවල් නෙවේ, මුළු ශ්‍රී ලංකා සහ ලෝකයටත් ය්රුම දේවල්. අපි තව අවුරුදු කිහිපයකින් පස් වෙලා යයි. අනාගතයට උරුම කල යුතු දේවල් මිස වර්තමාන ජිවත් වන සංඝයන් වහන්සේ සහ ගිහියන්ට උරුම උවා නොවේ. බලන් ගියාම මේකත් සමහර අයට බිස්නස් එකක් වෙලයි තියෙන්නේ
පොඩ්ඩ පොඩ්ඩ හරි සංරක්ෂණය කරේ නැත්නම් චිත්‍ර ටික විනාස වෙයි. ඇත්තටම ප්‍රශ්නේ වෙන මොකක් හරි වෙන්න ඇති. ඇතුල්වීමට මිලක් අය කරනවානම්, සංරක්ෂණයත් කරන්න. පුරාණයේ හිටිය මිනිසුන්ට පින්සිද්ද වෙන්න දැන් විකුණන් කන්න හරි දෙයක් තියෙනව. තියෙන එක රැකගන්නවත් බැරිනම් ඉතින් කාගේ සරණද?
පුළුවන් ඉක්මනින් දඹුලු ලෙන් විහාරය බලාගන්න. දරුවන්ටත් පෙන්නන්න. සංරක්ෂණය නොකරොත් වැඩිකල් තියෙන්නේ නැහැ. දැනටමත් වැඩිහරියක් විනාශවෙලා කළුවෙලා. මේකට විසේස්ඥ දැනුම අවශ්‍යයි. අර විදේශික කාන්තාවක් ඉඳගෙන පින්තුර ගත්තු බුදු පිළිමය කිරිවලින් හෝදලා ලැකර් ගලා! මේක තමයි අපේ සංරක්ෂණය ක්‍රම.
මෙතන වෙන්නේ දඹුලු රජමහ විහාරය වසා දැමීමද නැත්තම් ප්‍රති සංරක්ෂණ කිරීම සඳහා ලෙන් විහාරය පමණක් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය තීන්දුවකට අනුව තාවකාලිකව වස දැමීමද ?.
අර ඉවත් වෙනවා කියන කෙනාට දැන්මම අයින් වෙන්න කියන්න, ලොකු දෙයක්.
වසා දමන්නේ ලෙන් විහාරය පමණයි. අවසරයි හාමුදුරුවනේ ධර්මයේ හැසිරෙන්න. ඔය ලංවෙච්ච ජනතා නියෝජිතයෝ දඹුල්ලේ ඉන්න හොඳම හොරුටික
මේක බලන්න දෙස් විදෙස් අයගෙන් සල්ලි ගන්න එක තහනම් කරන්න නීති ගේන්න. යුනෙස්කෝ ආධාර අරගෙන සංරක්ෂනය කරන්න. එතකොට බලමු ඔය ලෙන් ගැන ජාතික කැක්කුමක් එයිද කියල.
මා ඉන්න ප්‍රංශයේ විශාලම දේවස්ථානයක් සංරක්ෂණ කටයුතු නිසා වහල තියෙනවා වසර එක හමාරක කාලයකට. දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන සරත් සෘතුව. කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැහැ. අපේ දබුලු විහාරයේ පිළිම වහන්සේලා සංරක්ෂණය නොකලොත් හාමුදුරුවනේ, ඉදිරියට කෝටි ගණන් අදායම් ගන්නේ කොහොමද.
රංගිරි දඹුලු රාජමහා විහාරය සංරක්ෂණය කර මතු පරපුරට උරුම කර දිය යුතුය.. එහි විවාදයක් නැත.. නමුදු එය නිසි ක්‍රමවේදයක් යටතේ විශේෂඥ උපදෙස් අනුව මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත සිදුකල යුතුය.. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා හා වන විනාශය - ඥානසාර හිමි - අස්ගිරි පාර්ශ්වය ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් රජයට එල්ල වූ විරෝධය - එකෙනෙහිම අස්ගිරි පාර්ශ්වය භාරකාරත්වය දරන දඹුලු රාජමහා විහාරස්ථානයේ පිංකැට සම්බන්ධයෙන් රජයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හා දැන් මේ උණුසුම අතරේදිම විහාරස්ථානයේ සංරක්ෂණය සදහා විහාරස්ථානය තාවකාලිකව වසා තබනවායැයි කියන සිද්ධීන් එකම දම්වැලක පුරුක් විය නොහැකිද..?
කාටද රිදිලා, අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කටයුතු කරන එක සහ මින් ලැබෙන අදායම විනිවිද පෙනෙන ලෙස නිත්‍යානුකුල ආයතනයකට යටත් කිරීම නිසා , මොවුන් සංඝයාවහන්සේලා වෙන්නනම් බැහැ.