(කාංචන කුමාර ආරියදාස )

කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දදඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා  යැයි  ශ්‍රිලනිප නව ආසන සංවිධායක යු.ආර්.දයානන්ද මහතා කියයි.  

සංරක්ෂණ සඳහා සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශපත්‍ර සුදානම් වන තුරු රංගිරි දඹුලු රජමහා විහාරය තාවකාලිකව වසා තබන බවට  මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ අද (11) දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවනට අයත් විහාරස්ඨාන වල මහා සඟරුවන හා ප්‍රදේශවාසී ජනතා නියෝජිත කණ්ඩායමක් දඹුලු රජමහා විහාරයට පැමිණ මාධ්‍ය හමුවක් ද පවත්වමින් ආණ්ඩුවට අභියෝග කීපයක් එල්ල කළහ .