(රංජන් කස්තුරි)
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.
ඒ ඒ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට වසරක පුහුණු කාලයකට යටත්ව දිස්ත්‍රික් පදනම මත එම උපාධිධාරීන් බඳවා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
දත්ත හා තොරතුරු රැස් කිරීම වාර්තා සකස් කිරීම ආදී කාර්යයන් සඳහා උපාධිධාරීන්ගේ සේවය අවශ්‍ය වී ඇති බවද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිය තිබුණාට විතරක් මදි. කාර්යක්ෂම විදියට ආචාරශීලිව මහජනයාට සේවය කළ යුතු බව දැනුම් දෙන්න. සමහරු සේවයක් ලබා ගන්න එන මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. දවසේම අයිස් ගහලා අපේ බදු මුදල් වලින් පඩි අරන් හවසට ගෙදර දුවන්න විතරයි දන්නේ...
දැනට ලංකාවේ මහජනයාගෙන් 14 කට එක් රජයේ සේවකයෙක් ඉන්නවා. ලෝකයේ මේ තරම් ඉහල රජයේ සේවක අනුපාතයක් නෑ. රජයේ ආදායමෙන් 90% ක් ම පඩි ගෙවනවා. ඉතින් තව රජයේ සේවකයෝ මොකටද?. බැසිල් රාජපක්ෂ මහතා ගත්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් තවමත් ඉන්නවා....ප්‍රා.ලේ කාර්යාල වල.... කාර්යාලයට එන්නේ බදාදා විතරයි. අනික් දවස් වන ගෙදර වැඩ සහ තමන්ගේ බිස්නස්. දැනට ඉන්න රජයේ වැඩ නැති උපාධිධාරී නිලධාරීන් පුරප්පාඩු තියෙන තැන් වලට මාරු කරලා අලුතින් බඳවාගැනීම නවත්තන්න පුළුවන්. රාජපක්ෂ මහත්වරු වගේ රනිල්, සිරිසේන මහත්වරු සුසංයෝගයත් රට දුප්පත් කරනවා. තවත් රජයේ සේවයක් අරන්. ඉස්සර තිබුණු තරුණ අරුණ පටන් අරන් උපාධිධාරින්ට පුද්ගලික අංශයේ රැකියා දෙමු.
මේ වැඩවලින් රට බංකොළොත් වෙනවා...
අපි උදේ ගිහිල්ලා යලි හවසට එනවා අපි උදේ ගිහිල්ලා යලි හවසට එනවා වැඩ තිබුනත් ඒ පැය අට බොරුවෙන් ගත වේනම් අපත් එතනමයි රටත් එතැනමයි
කරුණාකරල ගුරු පුරප්පාඩු පුරවන්න . අපිට ඕනේ පතෝල නායකයින් නොව ප්‍රේමදාස වැන්න වුන්ය .
උපාධි ධාරීන්ට නොදී පොස්ටර් ගහපු නිකමුන්ට දෙමු
අවශ්‍යම නම් මොවුන් කොන්ත්‍රාත් මත බඳවාගෙන කාර්යක්ෂම තාවය මත සේවය අවුරුදු පතා දික් කරන්න පුළුවන්. රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් නැවත්විය යුතුයි. රාජ්‍ය සේවයේ ඉල්ලුම තියෙන්නේ එක්කෝ පගා ගන්න පුළුවන් එහෙම නැත්නම් නිකන් ඉන්න පුළුවන් තනතුරු සඳහා පමණයි.
මේ උපාධිධාරී අයට කිසිම දැනුමක් නැහැ අනික ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්නේ තේ බොන එකයි කෑම කන එකයි විතරයි.
මම හිතන්නේ රාජ්‍ය සේවයේ දැනට කීයක් ඉන්නවද කියලවත් ආණ්ඩුව දන්නේ නැහැ. මම අවුරුදු ගණනක් තිස්සේ රජයේ එක දෙපාර්තමේන්තුවකින් වැඩක් කර ගන්න උත්සාහ ගන්නවා. කොපමණ ලිපි යැවුවත් ගිහින් හමු වුනත් තාම කිසිදෙයක් වුනේ නැහැ. ඒ වුනාට එතන නිලධාරීන් පිරිලා.
නියමිත කාලයට ඉගෙනගෙන ඉවර කරලා නැති ඒ කියන්නේ පිකටින් විතරක් කරපු කිසිම කෙනෙකුට රජයේ නෙමෙයි මොනම ආයතනයක්වත් රස්සාවල් දෙන්ඩ එපා. විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ දැන්නම් රටේ එපාම කරපු කාලකන්නි දඩාවතේ යන බල්ලෝ වගේ ජාතියක්.
උපාධි ධාරීන් බදවා ගත යුත්තේ නිවැරදි දත්ත විශ්ලේෂණයට හා නිවැරදි තිරණ ගැණිමටයි.
එකම කතාව. මේ රට හැදෙන පාටක් නේ.
උපාධිධාරින්ගෙ නොවෙයි වැරැද්ද තියෙන්නේ. ඔවුන් සේවයේ යොදවලා තියෙන ආකාරයයි වැරැදි
උපධිධාරින් දිහා ඔහොම බලන්න එපා. ලොකු කැපකිරීමක් කරලා තමයි උපාධියක් ගන්නේ .....
උපාධිය හා උපාධිධාරියාගේ වැරැද්දක් දෝෂයක්වත් නැ නමුත් පරිපාලනය ඔවුන් නිසිතැන යෙදවීමට අපෝහසත් වී ඇත. වැරැද්ද එතනයි එය නිවැරදි වු කළ වැරැද්ද හා දෝෂයක් නොපෙනේ
උපාධිධාරියාට වටිනාකමක් ලැබෙන්නේ උපාධියට වටිනාකමක් ලැබුණු දාටයි. ඒක නොදන්නා පාලකයන්, ප්‍රතිපත්ති සකසන්නන් සිටිනා තුරු උපාධිධාරියෝ සදා අනාතයි.
මුදුත ඇයි එහෙම කියන්නේ? එතකොට අපි උපාධි අරගෙන නෙවෙයිද මේ රස්සා කරන්නේ? ආණ්ඩුවේම ජොබ් වලට ඔච්චරටම යන්න හදන්නේ අයිස් ගහන්න මිසක් වැඩ කරන්න නෙවෙයිනේ. ඉගෙන ගත්තත දේවල් වලින් වැඩක් ගන්නනම් පෞද්ගලික අංශයේ රස්සාවක් කරලා බලන්න. මේ රට ඉස්සරහට නොයන දේශපාලුවන්ට පස්සේ තියෙන ලොකුම කරුමේ තමයි මේ ආණ්ඩුවේ කන්තෝරුවල පුරවල ඉන්න අය. බදු මුදල් වලින් පඩි ගන්නවා විතරයි, රටටවත් අඩුම ගානේ තමන්ටවත් තේරුමක් නෑ.
ඇත්ත.නමුත් ඕක අදාල උපධිධාරීන්ට විතරක් නෙවෙයි හැමෝටම. පොලිටික්කෝ පුරවන කිසිදු සුදුසුකමක් නැති අයට මුකුත් නොකියන ඔබතුමන්ලා, උපාධිධාරී කියන තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා. උපාධිය කියන්නේ එක රැයකින් බිහිවන සුපිරි තරුවක් නෙවෙයි. අවුරුදු ගානක් පාසලේ ඉගෙනගෙන, වී.විද්‍යාලයේත් තමන්ගේ සමනල් යුගය කැප කරලා තමා උපාධිය ගන්නේ. අපි කරන්න ඕනි ඒ මිනිස්සුන්ගෙන් පඩියට හරියන්න වැඩ ගන්න එක මිසක්, තලලා තවත් අසරණ කරන එක නෙවෙයි
රජයේ සේවය රටට බරක් වෙලා තියන කලෙක තවත් රජයේ සේවයට බන්දවගන්නේ කාගේ උවමනාවකටද , අවංකව උපාධිධාරීන්ට දියුණු වෙන්න , රටට වැඩක්කරන්න ඕනනම් පෞද්ගලික අංශය තියනවා, රට යන්න පුළුවන්. මම දන්නා අය ඕනෑතරම් ඉන්නවා රජයේ සේවය විතරමයි බලාපොරොත්තු වෙන්නේ , ගුරු සහ ලිපිකරු. මොකද පහසුකම් ගොඩයි, සෙනසුරාදා ඉරිදා නිවාඩු, දවසේ පැය අඩුගණනක් සේවය. වාහන පර්මිට්, වැටුප් වර්ධක පුද්ගලික අංශයේ වගේ සේවකයාගේ ගුණාත්මකබව , ආචාරශීලි , සුහද බව, ඉලක්ක කලට වෙලාවට සපිරීමේ හැකියාව ,ප්‍රමිතිය කලමණකාරිත්වයේ පරික්ෂාවට යටත්වෙන්නේ නැහැ. හරි සෝක් එකේ ඉන්න පුළුවන්. දැන් රාජ්‍ය සේවකයන් මට කොච්චර බැන්නත් ,ලංකාවේ ඔබල හිතන් ඉන්නතරම් ඉස්තරම් සේවයක් කරනවානම් අපේ රට එක තැන පල්වෙන්නේ නැහැ. හැම රාජ්‍ය සේවකයෙක්ම රුපියල් වලින් කියක් ආර්ථිකයට දායක වෙලා තියනවද කියල බලන ක්‍රමයක් ඕන.
උපාධිදාරියාගෙන් හරියට වැඩ ගන්නේ නැලු. හරි වැඩක්නේ තොත්ත බබාලාද ? උදේට නියමිත වෙලාවට වැඩට එන්න , මහජනයාට ආචාරශිලිව කතා කරන්න , රාජකාරි වෙලාවේ පුද්ගලික වැඩවල නොදෙන්න , අතින් අල්ලලා කියලා දෙන්න ඕනද ? මේවා උසස්පෙළ සමත් වූ පුද්ගලික අංශයේ සුළු සේවකයන් පවා දන්නා වෘත්තීය ආචාර ධර්ම. !
හැමෝම මතක තියාගන්න. උපාධියක් ගන්න කොච්චර මහන්සි වෙනවද කියලා දන්නේ උපාධියක් ගත්ත කෙනා විතරයි. වැඩ නොකරන ගනයේ ඉන්නේ උපාධිධාරියා විතරක් නෙමෙයි. මැදහත්ව බලන්න පුරුදු වෙන්න. හරි මාර්ගෝපදේශයක් සහ වැඩකරන්න පුලුවන් පරිසරයක් තිබුණොත් උපාධිධාරියාට ගොඩක් දේවල් කරන්න පුලුවන්. මේ දේශපාලනය රාජ්‍ය සේවයේ ගෞරවය නැති කළා. රාජ්‍ය සේවකයා කරන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක විතරයි. එතනදී කාර්යක්ෂතමතාව ගැන ගැටලු නැතුවාම නෙමෙයි. හැබැයි හැමෝම ඒ ගණයේ නැහැ. වැඩ කරන නිලධාරීන් ඕන තරම් ඉන්නවා.