(රංජන් කස්තුරි)
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.
ඒ ඒ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට වසරක පුහුණු කාලයකට යටත්ව දිස්ත්‍රික් පදනම මත එම උපාධිධාරීන් බඳවා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
දත්ත හා තොරතුරු රැස් කිරීම වාර්තා සකස් කිරීම ආදී කාර්යයන් සඳහා උපාධිධාරීන්ගේ සේවය අවශ්‍ය වී ඇති බවද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.