(අජන්ත කුමාර අගලකඩ)
ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.
කවුරුන් හෝ ආණ්ඩුවෙන් යාමට උත්සාහ කරන්නේ නම් අතින් අල්ලා නතර කිරීමේ අවශ්‍යතාවක් තමාට නැතැයි ද ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි.
එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇති අතර තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දු තිරණවලට සහාය දෙමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය.
ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවද යම් යම් සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිවූ බව ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් ප‍්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉඳිමින් ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවය.
මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශවලින් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා නැවත මහ මැතිවරණයක් එන්නේ 2020 දී බැවින් ළඟ බලා තීන්දු නොගන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.
එබැවින් ලබන දෙසැම්බර් 31 වැනිදා වනතෙක් තමන් සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ද ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙනවද..?? අනේ එපා..
මෙතෙක් කිසි දෙයක් නොකරපු එකේ ලබන දෙසැම්බර් 31 වැනිදා වෙන කොට මොකද්ද කරන්න පුළුවන්.
නිර්පාක්ෂික වෙලා ජනාධිපති වෙලා තමන්ට චන්දය නොදුන් පක්ෂයේ නායකයා වෙලා පක්ෂයක් බදාගෙන දවසින් දවස රට පස්සට යවන ගමන කවදා නතර වේවිද?
ඔබතුමාදුන්න පොරොන්දු වලින් කියක් ඉටුකලාද කියල අංක වශයෙන් පෙන්නුවොත් මිනිස්සු ඉඳි.
ගොවි පුතෙක් වෙච්චි ඔබතුමා රටින් හාල් තොග පිටින් ගේන්න ඉඩ හැරීම හා ඒවා ලංකාවේ නම දමා විකිණීම කර ගැනීමට ඉඩදීම ඔබ කරගත් ලොකු හානියක්.
මිනිහෙක් ගැහැණියෙක් කරන්න සහ ගැහැණියෙක් මිනිහෙක් කරන්න පමණක් බැරි මහා බලයක් ඇති විධායක ජනාධිපති කමක් ලැබිලත් ඔබතුමා පත්වී ඇති සෝචනීය තත්වය ගැන නම් කණගාටුයි සර්! ගැහැණියෙක්වෙලත් චන්ද්‍රිකා මැතිණිය අවුරුදු දහයක් කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා ඔබතුමාට කෙලින් තියාගන්න කොන්දක් නැති වීම ගැන නම් බොහොම කණගාටුයි. රනිල් මහත්තයට බයේ ඇඹරෙන්නේ නැතුව නීතිය තමන්ගේ යටතට පවරා ගන්න. රටේ සම්පත් හොරුන් අත් අඩංගුවට ගන්න ඒ සල්ලි අපහු අය කරගෙන ආණ්ඩුව ශක්තිමත් කරගෙන යන්න. ජනතාව එතකොට ඔබතුමා වටේ ඉඳීවි.
ඇයි එදාට නැකතක් තියෙනවැයි ?
රටේ උන්නතිය සඳහා මේ අයට යන්න ඉඩදී එ.ජා.ප. යට සුළුතර රජයක් ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ. වල සහයෝගය ඇතිව පිහිටුවීමට ඉඩහැර, ඇමැති මණ්ඩලය 30 කට අඩුකර අනවශ්‍ය වියදම් කපාහැර රට කර වූවොත් ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් ගත්තා යයි සිතිය හැක.
ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. මෙහෙම ගියොත් ඉන්න පළුවත් නැතිවෙයි.
එදාට නේද අර අවබෝධතා ගිවිසුම යටතේ එකතු වෙලා ඉන්න කාලේ අවසාන වෙන්නේ?
එවිට අයවැය අවසන් වී තියේවි...
ජනපතිවරණයට සහයෝගය දී ආණ්ඩුව රැකගනිමු
හොරු ගියාවේ... ජනපතිතුමා දිනේවා..!!
මේ ගැන රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.
එදා වෙනකල් උන්නොත් අයෙත් වතාවක් ඩියුටි ෆ්‍රී කාර් එක එක දෙනවා....
මෙයාලා කළේ ආප්පය රුපියල් 10ක් කරපු එක විතරයි. ඒකෙනුත් වැදුණේ ඒදාවේල හොයපු අහිංසකයන්ට විතරයි. හිල්ටන් හෝටලේ ආප්පයක් රුපියල් 150 යි.
අනේ ඔබතුමා ගියෝ ලොකු පිනක්... කරන්න බැරි ඒවා මොකට කරනවද?
මෛත්‍රීපාල ජනාධිපතිතුමාව රැකගනිමු. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු. හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ඉක්මන් කරමු.
අපොයි! මේ මොකද? ජනාධිපති කෙනෙක් නේද මෙහෙම බැගෑපත් වෙන්නේ?
පිටිගල මල්ලි, කොඳු ඇට 33 කින් කොන්ද නිර්මාණය වෙලා තිබෙන්නේ ඕන ඕන අතකට ලේසියෙන් නවන්න පුළුවන් වෙන්න බෙල්ලෙන් උරහිසෙන් පිටෙන් තුනටියෙන් ඉස්සරහට පස්සට වමට දකුණට කැමති විදියකට. දේශපාලකයෝ කාටත් ඕක හොඳට ප්‍රක්ටිස් කරලයි තියෙන්නේ... ඒ අයගේ වාසියට තමයි එහෙම වෙන්නේ.. හැබැයි කවද හරි ඔයදේවල් වලින් රට ගලවගන්න විදිහක් බලමු.
ජනාධිපතිතුමා කියලා කියන්න පුලුවන්ද? එහෙනම් යන එක හොඳයි.
ජනාධිපතිතුමනි නිවැරදි තීරණ ගන්න. බැගෑපත් වෙන්න යන්න එපා. ඔබ හෙටත් අදත් ජනපතිමයි. හෙටම පළාත් පාලන මැතිවරණය තබන්න.ජනතාව ඔබ සමගයි. හොරුන්ට ඉක්මනින් අධිකරණයක් පිහිටුවා තීන්දු ගන්න.
ජනපතිතුමනි අැයි හොරුන්ට ඉක්මනින් දඬුවම් නොදෙන්නේ?
ඇයි ඒ.. දෙසැම්බර් 31 වැනිදා නිවන් දකිනවා වත්ද?
කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් ළඟ මන්ත්‍රීවරු ඉඳීවි... !!! පක්ෂයේ සහ ආණ්ඩුවේ විනය කඩන මිනිසුන්ට නිසි දඬුවම් දෙන්න බැරුව ජනතාව ඉදිරියේ ආඩපාලි කියමින් සිටින ඔබ ළඟ මන්ත්‍රීලා නවත්වා ගන්න නම් ඔවුන්ට මොනවා හරි හොඳ දොළ පිදේනි ටිකක් දෙන්න වේවි... එහෙම නැත්නම් ඔවුන් කරපු හොර වැඩ ඇතුළත් ලිපිගොනු ටිකක් ලෑස්ති කරගන්න වේවි!!!
ජනාධිපතිතුමනි... කරන එකක් අද හෙටම කරන්න.
ඔව් ඔව් එතකොට තව ටිකක් රට කන්න පුලුවනේ.................