රංජන් කස්තුරි
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම හෙට (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.
මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්, අපිත් එනවා හෙට. දේශපාලන පක්ෂය න්‍යාය පත්‍ර වලට වැඩ කරන සංගමයක් නොවේවා .
රාජිත ඇමති තුමනි, ඔබට ජය. ඔබ වැනි නිර්භීත අය ඉන්නවානම් අපිත් ඕන දෙයකට එන්නම්. කල් ඇතුව දැනුම් දෙන්න කරුණාකරලා. අපිත් වෛද්‍ය ශිෂ්‍යයෝ පිරිසක්.
මේක රාජිත මහත්තයාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන සංගමයක් කුමාර මහත්තයා.
යන්තම් නිවි ගෙන ආපු ප්‍රශ්නය ආයෙත් ඈවිලෙන්න යන්නේ..
මොන ශ්‍රේණිගත කලත්, 5 වෙනි ශ්‍රේණියේ වැඩ කරලා වැඩ වර්ජන කරලා අසනීප වෙන මහා ජනයා අමාරුවේ දන්නා විතරක් එපා
කාගේ න්‍යාය පත්‍රයට වැඩ කලත් කමක් නෑ රජයේ වෛද්‍ය සංගමයේ අසාධාරණයට විකල්පයක් විය හැකිනම්.
ඔය එන්නේ හෙන්චය්යෝ , සමහරු රාජිතට උදව් කරනවා කියන්නේ අනේ දෙවියනේ මේවගේ තක්කඩින්ට උදව් කරනවා කියන උන් අයිති වෙන්නේ මොන වර්ගයටද කියල නොතේරේ , කොහොම උනත් සත්ම් මුදලාලිට තමයි ඕක හොදින් බේරගන්න රජිත්යල ට ඕන නැහැ ඕකුන් ගේ තියෙන දුෂ්ට පරමාර්ථයන් වලට රට කුමන අතකට ගමන් කරාවිද දන්නේ නැහැ රාජිතගේ නම් කරලා පැහිල රටේ මිනිස්සු වසංගත රෝගවලින් හැම දම මැරෙනවා එකටත් එක්ක උටම හරියන තක්කඩි රැලක් ඉන්නවා ඔය මොනෝ මගුල කලරත් මෙම සටන නතර කරන්න බැරි බව තොපි මතක තිය ගනිල්ලා .රජිත්, එස් බී, කිරිවැල්ල උඹලට නියම දඩුවම ජනතාව වන අපි දෙනවා.
අබීත කය්වාරු කවදාවත් නැති වාචාල නොකියන නිර්බීත රාජිත මහත්තයාගේ රාජපක්ෂ විරෝදී නව සංගමයත් එලෙසම පවතිනු ඇත අනාගතයේදී මේ වෛද්‍ය සංගමයත් හමුදාව සමග අත් වැල් බැඳගෙන උතුරු මහා ඇමති තුමාගේද මග පෙන්වීමෙන් කසල කළමනාකරණය සහ ඉවත්කිරීම සිදුකරනු ඇත
කසුන්ල ප්රියසන්තල මුට්ටිය බිම තියන්නෙම නැහැ නොව
අලුත් කට්ටියගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්
ආත්මාර්ථකාමී අරමුණු සඳහා නොව සාධාරණ අරමුණු සහ සංගම් නැති ලෙඩ්ඩුන්ගේ ගැටළු ගැනත් පෙනී සිටින ගෞරවාන්විත සංගමයක් ලෙස ක්‍රියා කිරීමට හැකිවේවා යැයි ආශිංසනය කරමි.
රාජිත මහත්මයා තමන්ගේ ලේලිපොඩ්ඩ ගේ යහපත වෙනුවෙන් අනවශ්‍ය තීරණයක් ගන්නයි සැරසෙන්නේ. සයිටම් ප්‍රශ්ණයට නිසි විසඳුම් ලබා නොදී, ඊට එරෙහි බලවේග මර්දනයට මාර්ගයක් සකසාගන්නට හැකියයි සිතා ගන්නා ක්‍රියාමාර්ගයක්.ලංකාවේ පෞද්ගලික රෝහල් වලට මෙතරම් බලවන්ත භාවයක්, පෞද්ගලික චැනලින් නොමැතිව රෝග සුවනොවන බවට මතයක් ගොඩනැඟුවේත් මෙම රාජිත වැනි පුද්ගලයින් නිසාමයි. මගේ වයස අනුව වසර 25කට පෙර පෞද්ගලික රෝහල්/චැනලින් වලට මෙවන් උත්තරීතර තත්ත්වයක් තිබුණේ නැත. අද වුවද උණට බෙහෙත් ලබා දුන්නද අසාධ්‍ය වනවිට පෞද්ගලික රෝහල් සිදුකරන්නේ රජයේ රෝහලකට මාරුකර යැවීමයි. එසේ සිදුකරන්නේ මන්ද යන්න තම තර්කන හැකියාවෙන් විමසා බැලීම වටී. මෙතන අදහස් දක්වා ඇති සමහර පුද්ගලයින්ට පවසන්නට ඇත්තේ, සයිටම් වෛද්‍යවරුන්ගෙන්ද අද පෞද්ගලික රෝහල් වලට වඩා දෙයක් බලාපොරොත්තු නොවන ලෙසයි. දැනට ලංකාවේ තත්ත්වය අනුව සයිටම් පිළිගතහොත්, අසීරුවට පත්වන්නේ අපම බව සිහිතබා ගත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රටක් ලෙස තව බොහෝ සාමාජීය වෙනස්කම් අවශ්‍යව ඇත.
රාජිත බුදුදහමට අනුව මම මේ දහසක් බුදුන් බුදුවන් උදැසන කියන්නේ ,,,තමුන්ගේ හිතුවක්කාර වැඩ නිසා දැන් මුළුරටම ගිනි ජාලාවක් ලමයි 12000 මහා පාරේ ජනාදිපති තුමනි ඔබතුමාට මේ රාජිතගේ රට අවුලන වැඩ පෙන්නේ නැද්ද අපි ඔබ තුමාට චන්න්දේ දුන්නේ මේ වගේ යහපාලනයකටද ,,ඔබතුමාද ජනාදිපති රාජිතද,,,
මෙහෙ දොස්තරවරුන් හා රෝගීන් අතර තිබෙන සුහදත්වය හා කාරුණික භාවයයි අපේ දොස්තර මාෆියාවේ අකාරුණික භාවයයි අහසට පොලොව වගෙයි .
සයිටම් ගේන්න රාජිත කියන කරන දේවල්.. නොදකින්.
කසුන් ප්‍රියශාන්ත ඔහේ උසස් පෙල ෆේල් වෛද්‍ය ශිෂ්‍යෙයෙක් වෙන්න ඇති.
මේකෙ මූලික පරමාර්තය සයිටම් හරියි කියන එකයි... කොහෙන් වංගු දැම්මත් අන්තිමට සයිටම් හරි කියලා මාධ්‍ය සාකච්චා දෙන එක තමයි මේකෙ මූලිකම වැඩේ. ඒ වැඩේ ඉවර වුනාම රාජිතට කඩේ යන එක තමයි 2 වැඩේ. මුන්ව හන්දි වල එල්ලලා හම ගහන්න ඕනා.
කුමාර ඔබේ ප්‍රාර්ථනාව හොදයි.නමුත් මේක පිටිපස්සේ රාජිත එස්. බී. දෙන්න.මේක තනිකරම දේසපාලන සංගමයක්.ඉදිරියේදී අපිට බලන්ඩ පුළුවන් දොස්තරලා,දොස්තරලා වලි දාගන්න හැටි.එදාටත් වෙන්නේ ලෙඩ්ඩුන්ට වහ කන්ඩ තමා.
රජයේ වෙද්දුන්ගේ තර්ජන වලට පිළිතුරු සැපයීම සාධාරණ විය යුතු වේ. ඔබ සැමට ජයම වේවා.
ඔබතුම්ලාගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන්න, රෝගීන් අපහසුවේ දම වර්ජන නොකරන බව
මටත් කියන්න එකතු වෙන හැටි
එහෙම එකකුත් තියෙන්න එපැයි
වෛද්‍ය සංගමය විනාශ කරලා පස්සේ පසුතෙවෙන්න එපා . මුන් මේක කල්ලි කලා නිදහස් අද්‍යාපනය විකුනන්න පාර හදාගන්න එක කරන්නේ . පොඩ්ඩක් හිතන්න .
ලෙඩුන් ආරක්ෂා කරන වර්ජනය එකම ආවිය කරන මාෆියා සංගමයක් න්නොවෙවා. ඕනට අපේ ප්‍රණාමය.
විය යුත්තෙන්ම අවසානයේදි එය සිදුවිය.. උඩ පැන්නොත් බිම වැටෙනවාමය..
"සමගිය බලය වේ..... " බෙදීම , අසමගිය කියන්නේ තුන්වන ලෝකයේ පමණක් නෙවේ , දියුණු යැයි කියාගන්න රටවල පවා , පාලකයන් ගේ පහසුව සහ ඔවුන්ගේ සට කපටි පාලනය පහසු කර ගැනීමට ගන්නා උපායකි ...මෙයද එයම නොවේද ?...
මොන නමින් ආවත් කමක් නැහැ. අහිංසක රෝගීන් ලක්ෂ ගණන් අමාරුවේ දමන ස්ට්‍රයික් නම් එපා.
පුද්ගලික විශ්ව විද්‍යාල දුප්පත් සිසුන්ට තර්ජනයක් නොවී නිදහස් අධ්‍යාපනය තියෙන තුරා නමුත් ද්වේශය ඔවුන් වෙලා ගන්නා සමාජ රටාවක් සැමදා පවතිනු ඇත.
මැරිලා ඉපදිලා වගෙයි අදහස් දාල තියෙන්නේ. සයිටම් එක පටන් ගද්දී, මේ කාටවත් ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ. ඔය අලුත් සංගමෙත්, දුප්පත් අසරණ ලෙඩ්ඩු ඇපේට තියලා තමන්ගේ බඩගොස්තරේ හොයාගන්නා පිරිසක් නොවන බවට ඇමතිවරයා වගකීම ගන්නෝන.
අපි රෝගීන්ගේ ආරක්ෂාවට සංගමයක් පිහිටුවමු. චැනල් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන අතර දුප්පත් ලෙඩුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරමු.
ඇති හැකි ඉඩකඩම් උගස් තියල, දුප්පත් අම්මලාගේ ලෙයින් ඉගෙන ගන්න එන අයට විශ්ව දැනුම ලබා ගැනීම තහනම් අයින්ස්ටයින් අයිති අපේ කුලයට පමණි. කටුබැද්දේ අය් ටී ටෙක් අය පන්නල අපි ඒක අයිති කර ගත්ත හැටි නුඹලා දන්නේ නැහැ කුවේණි ඉවර කරලා අපි පැලපදියන් වුනෙත් එහෙම නොව අපි අහලකටවත් එන්න එකෙක්ට බැහැ අපි සිංහයෝ
වෛද්‍ය මෆියාව විනාශ වේවා.. මෙරට වර්ජන රැල්ල නතර වේවා. ලේ දුන්නන්ගේ ජීවිත ආරක්ෂා වේවා. ලෙඩ්ඩුන්ට ආශිර්වාදයක් වන සංගමයක් බිහිවේවා.
මගේ මතයට අනුව වෛද්‍යවරුන්ට දැනට ලැබෙන වරප්ප්‍රසාද ප්‍රමාණවත්. වෛද්‍ය සභාව මගින් එහි ඇති ඒකාධිකාරී බලයෙන් මොවුන් පහුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කළා. අලුත් සභාව මගින් ඒකාධිකාරී බලය නැති කරන්න පුළුවන් වුනොත් හරි. නැත්නම් ඉතින් ඔය අලුත් මගුලෙනුත් වෙන්නේ ජනතාව පීඩාවට පත්වන එක විතරයි
Chanak Los angeles - ඔයා ලංකාවේ රජයෙ රෝහලකට ඇවිල්ල බලන්න අපේ රටේ උපන් අපේ රටේම උගත් දොස්තරවරුන් කොතරම් කාරුණිකද කියල. ඒක දැනගන්න පෞද්ගලික හොස්පිටල් වලට ගිහිල්ල බැහැ. එහෙම කාලයක් තියෙන්න ඇති, දැන් රට එහෙම නැහැ. එහෙම උනත් සෛටම් දොස්තරලා අවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා, මොකද දන්නවද එම දොස්තරලා එන්නේ පොහොසත් පවුල්වලින්.
GMO එක පිටිපස්සේ ඉන්නෙත් දේශපාලකයෝ නම් මේකේ කොමෙන්ට්ස් දාන දොස්තරලා දැනගන්න ඕනි ඒගොල්ලන්ට බැහැ අනිත් අයට ඇඟිල්ල දික් කරන්න . හොඳ වැඩේ සීමාව ඉක්මවල කඩේ යනවට.
අපේ රටේ මිනිස්සු ඇත්තටම සාක්ෂරතාවයෙන් හෙබි මිනිස්සුන්ද කියලත් හිතෙනවා මෙතන දාල තියෙන සමහර අදහස් දැක්කම. එක්කෝ අපි හරිම නූගත් ජාතියක්, එහෙමත් නැත්තම් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව පාරේ යන්න වුනත් කැමති මුග්ධ ජන කොට්ඨාශයක්. පවතින වටපිටාව අනුව ඕනෑම මෝඩයෙකුට වුනත් තේරෙනවා ඇත්තටම සාක්ෂරතාවයෙන් හෙබි මිනිස්සුන්ද කියලත් හිතෙනවා මෙතන දාල තියෙන සමහර අදහස් දැක්කම. එක්කෝ අපි හරිම නූගත් ජාතියක්, එහෙමත් නැත්තම් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව පාරේ යන්න වුනත් කැමති මුග්ධ ජන කොට්ඨාශයක්. පවතින වටපිටාව අනුව ඕනෑම මෝඩයෙකුට වුනත් තේරෙනවා
දිනපතා සතුටු වෙන්න දෙයක් පත්තරේකින් වත් කියවන්න නැති අපිට... අද මේ පත්තරෙන් ඉතා සතුටු විය හැකි වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට අපේ ප්‍රණාමය.!!!
හරක්ට ලගින්ට ගාල් අවශ්‍ය කරන රටකට මොන සයිටම් වෛද්‍ය විද්‍යාලද මහත්තයෝ. අර කොතලාවල තිබෙන වෛද්‍ය විද්‍යාලේ මුදල් ගෙවල වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න පිටරට ළමුන්ට අයිතියක් තිබුනට අපේ රටේ ළමයින්ට ඒ අයිතියවත් නැහැ. එක අතකට, අපේ රටේ අයට මොන අධ්‍යාපනයද, පිරිමින්ට රියදුරු රස්සාවයි ගැහැනුන්ට ගෘහසේවයයි පුරප්පාඩු ඕනා තරම් මැදපෙරදිග තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, බංගලිදේසෙට හෝ ඉතියෝපියාවට හෝ කමක් නැහැ, ලංකාවේ ඉන්න සත්තුන්ගෙන් මිදිලා පැනගන්න. ඒ රටවල උගත් මිනිස්සුන්ට ඕන තරම් රැකියා අවස්තාවන් තිබෙනවා. මේක විහින් නැහෙන කුහක මෝඩයෝ ඉන්න පාරාදීසයක්. කවදා හෝ දිනෙක මහා ජාතියක යටත් වැසියෝ වුණ දිනෙක ඒ අයගෙන් යමක් ඉගෙන ගෙනවත් ගොඩ නගන්න පුළුවන් ජාතියක්ද කියන එක නම් සැක සහිතයි.
ඒක හොදයි
GMOA එක දැනට කරන්නෙත් නිදහස් අධ්‍යාපනය විකුණගෙන කන එක තමයි. අපෙන් පඩි ගන්න ගමන් බෙහෙත් කඩයකුත් කරන දොස්තරලා කොච්චර ඉන්නවද?
සියලු දෙයින් සම්පුර්ණ අවංක ජනතාවක් වගේම, නොමිලේ වෛද්‍ය සේවාව සපයන කාරුණික වෛද්‍යවරු විසු, සමස්ත මෙරට ජනතාව ජීවිතකාලය පුරාම සතයක් හෝ අධ්‍යාපනය වෙනුවෙන් වැය නොකර උසස්ම අධ්‍යාපනය හදාරා ලෝකයෙන්ම පළමු ශ්‍රේණියේ බුද්ධිමතුන් බිහිවූ එකම රට, මේ හොර සයිටම් ආයතනය නිසා විනාශවූ හැටි?? එදා ලෝකයේ පළමු හා දෙනා අතර සිටි ලංකාවේ විශ්ව විද්‍යාල අද, දෙදහස් පන්සියයේ ප්‍රෞඪ ඉතිහාසයේ සංඛ්‍යාවත් පසුකර ගිය හැටි? ඉතාම කණගාටුදායකයි. ඔය සයිටම් ආයතනය කඩා විනාශ කොට පරිපාලකයින් සිරගත කොට ඔය සිසුන්ව රටින් නෙරපා දමා, අපේ මේ උතුම් පින්බිම නැවත සුඛිත මුදිත භාවයෙන් සවිමත් කොට එදා තිබු ඒ අහස්චාරය කරා නැවත ලඟා විය යුතුයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සයිටම් විරෝධී වර්ජනය ආරම්භ කළේ තම සංගමයට එරෙහිව සයිටම් හරහා උපාධි ලබන වෛද්‍යවරුන්ගේ තවත් සංගමයක් බිහිවේවි කියා බියකින්. ඒත් අවසානයේ දී සිදුවුණේ අපේක්ෂා කළ ආන්තික ප්‍රතිඵලයමයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙමගින් සයිටම් එකටත් එහා ගිය දේශපාලන ජයග්‍රහනයක් රජයට ලබා දී දේශපාලන වීරයෙක් වුණා. කොහොම වුණත් රටේ අනිකුත් වෘත්තිය සංගම් වගේම මේ නව සංගමයත් දේශපාලන අරමුණු මතම ක්‍රියාත්මක වේවි.
රජයේ රෝහලකින් පැය ගණන් පෝලිමේ සිට නොමිලේ දෙන බෙහෙත් ටික ගන්නා අසරණ රෝගියා උගසට තබා මේ කරන මිලේච්ඡ ක්‍රියාව කෙසේ හෝ නතර කලයුතුමයි. කොතරම් වෛද්‍ය වර්ජන තිබුණද පුද්ගලික රොහල්හී ප්‍රතිකාර ගන්නා රෝගීන්ට වර්ජන බලනොපායි. අසරණ රෝගියා අසරණ කිරීම මෙහි ඒකායන පරමාර්ථයයි.
තමන්ගේ බිරිඳට එක්තරා රෝහලක අධ්‍යක්ෂකම නොලැබුණාම, අමාත්‍යාංශයේ අලුත් අධ්‍යක්ෂක තනතුරක් හදලාත් දුන්නනේ....
බුදු වදනට අනුව සංගයා වහන්සේලා බෙදා බින්න කිරීමට කටයුතු කිරීම අනර්තාර්ය පාපයක් හා සමානයි. ඉතින් මේකත් යම් ආකාරයක බෙදා බින්න කිරීමක්, මෙතුලින් දත් දොස්තර බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කුහක හිතුවක්කාර අබිමතය ඉටු කරගන්න. බුදුදහම හෝ මොනයම්ම ආගමක් අනුව මෙයටත් බරපතල ප්‍රති විපාකයක් ඇත.
තාවකාලිකව සතුටු වෙන අය බොහොමයි වගේ.