(මුදිතා දයානන්ද)
කරදියානට කොළඹ නගර සභාවේ කසල දමන්නට ආවොත් කාටත් කලින් කරදියාන කසල අංගනයේ ගේට්ටුව ඉස්සරහා නිදා ගන්නේ තමන් යැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද(18) පැවසීය.
දේවප‍්‍රිය මහතා මේ බව පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පළාත් සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නිපුණආරච්චි මහතා සභාව කල්තබන අවස්ථාවේ ප‍්‍රශ්නයක් ඉදිරිපක් කරමින් විමසා සිටියේ කරදියාන කසල අංගනයට කොළඹ නගර සභාවේ කසල දැමීම සඳහා අවසර ඉල්ලා කොළඹ මහනගර සභාව අභියාචනාධිකරණයට ගොස් තිබේද යන්නයි. ඒ සම්බන්ධයෙන් මහඇමතිවරයාට හෝ අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියට සිතාසි ලැබී තිබේද? සහ කොළඹ නගරසභාව කරදියානට කසල දැමීම සම්බන්ධයෙන් මහඇමතිවරයා දරණ අදහස කුමක්දැයි ඔහු විමසීය.
‘‘මටත් මේ ප‍්‍රශ්නය දැනගන්න ලැබුණා. මම නාගරික කොමසාරිස්ට කිව්වා මගෙන් අහන්නේ නැතිව අභියාචනාධිකරණයට ගියේ ඇයි? මගේ අවසරයක් නැතිව කරදියානට කසල දමන්න හැකියාවක් නැහැ. කුමන අධිකරණයකට ගියත් අපේ යටතේ තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් අපේ කැමැත්ත අවශ්‍යයි. මම කිසිසේත්ම කරදියානට කොළඹ කසල දමන්න ඉඩ දෙන්නේ නැහැ‘‘ යැයි ද මහ ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලවත් කරගන්න බැරි වැඩක්. කොහොමත් ඔය කට්ටිය සුදුසු කසල ගොඩට තමයි.
අපේ වීරයාට ජයවේවා!!! ලබන පාර මහා ඇමතිකම ලැබේවිද.?
මම රටවල් ගණනාවක ජීවත් වුණ කෙනක් හැටියට මම දකින්නේ කසල කියන්නේ අනර්ඝ වස්තුවක්, පිටරටවල් වල විදිහටමේ කුණු වලින් අපිට පුළුවන් කොම්පෝස්ට් හදන්න සහ ප්ලාස්ටික් ප්‍රතිශක්තීකරණය කරන්න සහ අනෙකුත් සියලුම අපද්‍රව්‍ය මුදල් කරන්න. සිංහලයා මොඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ මේ වගේ දේශපාලකයෝ අපේ රටේ නායකත්වය අරන් තියෙන නිසයි. මේ කුණු ධන නිධානයක් කියලා මේ අයට නොතේරෙන හැටි...
නූගත්කම නේ. කොළඹ ගියාමත්, පිටපළාත් වලට ගියාමත් එයාගේ කසල ගෙදර ගේනවා වෙන්න ඇති. මෙයා කියන විදියට පිට පළාත් වලින් කොළඹ එන බස් වල ඒ එන අයගේ කසල ආපහු ගෙනියන්න බක්කි හදන්න ඕන. ඔක්කොම දේශපාලුවෝ හිතන්නේ රට එයාලට ලියල දීලා කියලා. එයාගේ පළාතයි මෙයාගේ පළාතයි කියන්නේ කොහොමද?
ඉතින් මේ කරදියානට කුණු ගෙනියන්නේ තැපැල්කරුවත්, ලයිට් - වතුර බිල් කරුවත් නෙවෙයිනේ... ඔය කියන මහා ඇමතිතුමාට තේරෙන්නේ නැද්ද ඒවා ගෙනියන්නේ එයාගේම සභාවෙන් කියලා. ඉතින් සේවකයන්ට කියලා ගෙදරට ගිහින් ගොඩබාගත්තානම් ඉවරයිනේ...
"මගෙන් අහන්නේ නැතුව අභියාචනාධිකරණයට ගියේ කොහොමද?" ඒ කියන්නේ මෙයා ඉන්නේ ඊටත් උඩින්ද? කසල ගොඩටම තමයි හොඳ.
අනුවණ දේශපාලකයෝ ගැලරිය පිනවන කතා කියමින් වැඩ අවුල් කරනවා මිසක් අපද්‍රව්‍ය කළමනාකරණයට නිසි පියවරක් නොගනිති.
අනේ ඇමතිතුමෝ මෙන්න කිව්වා... අපි නම් එන්නේ නැහැ.. කුණුත් එක්ක නිදාගන්න නම් !!!
පළමුව කියනවද කුණු ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියට ආපු කැනේඩියානු සමාගමෙන් ඉල්ලපු දේවල් සහ , එය අතරමග කඩාකප්පල් වීමට හේතුව.
කරදියනේ ලවලිපාරේ මගේහදබදී අරුන්දතී
මේ වගේ දේශපාලකයෝ කසල ගොඩටවත් ගැලපෙන්නේ නෑ. අපේ මිනිස්සු මෝඩයි කියන්නේ මේ වගේ මොලේ කළදක් නැති මිනිස්සුන්ට චන්දෙ දෙනවට.
මහා ඇමතිතුමනි , කුණු ප්‍රතිචක්‍රීකරන වැඩපිළිවෙලක් අරබන්න. බොරු සෝබන කතා එපා.