( නිමන්ති රණසිංහ,තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම ගොඩනැගිල්ලේ දේශපාලන , මාධ්‍ය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව වාරණයක් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම නියෝගය ලබා දුන්නේය.
ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය එම පැමිණිල්ල විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.
එම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහෙන බවත් බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වන බවත් කියමින් කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමි විසින් එම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබිණි.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටිති.
වගඋත්තරකාර ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ රැඳී සිටිමින් එකී විහාරස්ථානයට අයිතිවාසිකම් කියන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ වගඋත්තරකාර හිමි නම විසින් දේශපාලන කටයුතු සහ වෘත්තීය සමිති කටයුතු සඳහා භාවිතා කරන බවත් පරිගණක ආයතනයක්ද පවත්වා ගෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.
එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්‍යාපාර වලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන්වේ.
මෙය වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ ගේ ඒකමතික තීරණයෙන් සිදුවන බවත් ඉන් උපයන ආදායම අවභාවිත කිරීමක් සිදුවන බවත් පැමිණිලිකාර විමලඥාන හිමියෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගංගාරාමයට කොහොමද?
සුද්දො පාලනය කරන කාලෙත් මේ වගේ දේවල් කලා
විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වෘත්තීය සමිති වල නායකත්වය නොදැරිය යුතු වන්නේය. එතුමන්ගේ කාර්යය විය යුතුවන්නේ අපගේ භාග්‍යවත් වූ බුදුරදුන්ගේ ඒ අගනා දහම සකල ජනතාවට පැහැදිලි කර ඔවුන්ට නිවන සාක්ෂාත් කරලීම මිස මිනිසුන් අසරණ තත්වයට ඇද දැමීම නොවන බව ගිහියෙක් වුවද මේ බව ඉතා කලකිරීමෙන් හෝ පැවසීම පවක් සේ නොදැනේ.
නියමයි .. පන්සල් තිබෙන්නේ ඕවා කරන්න නොවෙයි.
නාරද මහත්තයෝ, ගංගාරාමයේ ඕනෑම දේශපාලුවෙකුට ගිහිල්ලා ආගමික කටයුතු කරන්නත් ආශීර්වාද ලබන්නත් පුළුවන්. ඔබවහන්සේ නොදන්නවාට පහු ගිය දිනවල ඉන්දියාවේ මෝඩි මහත්තයත් ගියා. කතා කිරීමේ නිදහස තිබුණට මෙහෙම කතා කියන්න එපා.
පන්සල් තියෙන්නේ වඳින්න පුදන්න මිසක් දේශපාලන තිප්පොළවල් වලට නෙමෙයිනේ...
මොන ආරාමයක්වත් පක්ෂ කාර්යාලයක් වගේ වැඩ කරගෙන යනවා නම් එම ආරාමයේ නම වෙනස් කල යුතුයි. එහෙම නැතුව සාකච්ඡා සඳහා ඉඳහිට රැස්වීම් තියනවා නම් එකේ ඇති වැරැද්ද කුමක්ද? මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ පවා වරින් වර දේශපාලන කටයුතු වලට ආරාමය යොදා ගත්තනේ...
හොඳ වෙලාවට වළගම්බා රජතුමා, තිස්ස කුමරු, ගැමුණු මහරජතුමාගේ කාලේ පන්සල් වලට විරුද්ධව කවුරුවත් තහනම් නියෝග ගත්තේ නැත්තේ. ගත්තා නම් අපි සිංහල උරුමය හොයාගන්න පුළුවන් මෙගතිලික සුසාන භූමිවලින් තමා.
අභයාරාමය පමණක් නොවෙයි, සියළුම ආගමික සිද්ධස්ථාන වලට මෙම තහනම බල පැවැත්විය යුතුයි. ආගමික සිද්ධස්ථාන සියළුම පහසුකම් (සාමාන්‍ය ජනයාට නොලැබෙන, විදුලි බිල්පත්, ජල බිල්පත් ආදී...) ලබාගන්නවා නම් තමන් සිදුකලයුතු රාජකාරිය සිදුකලයුතුයි. එසේ නොමැතිව දේශපාලන පක්ෂ එම කාර්යාලවල සිදුකරන කාර්යයන් කරන්නේ නම්, පළමුව කියූ වරප්‍රසාද ඉවත් කළයුතුයි. දැන්වත් ආගම පසෙකලා, මනුෂ්‍යයින් ලෙස කල්පනා කරමු.
බුද්ධාගමත් දැන් දේශපාලන පක්ෂයක් වෙලා. මේ සංඝරත්නය නිසා බෞද්ධයින් සීඝ්‍රයෙන් ආගම අතහරින බව ඔබලා දන්නවාද ?
කට්ටියට අමතක වෙලා මේ ආණ්ඩුව ගෙන්න දේශපාලන සාකච්චා, මාධ්‍ය සාකච්චා, රහස් සාකච්චා , සියල්ලම තිබ්බේ කෝට්ටේ නාග විහාරයේ කියල..
මගේ පන්සලේ නම් ඕවා කළේ නැහැ...
බෞද්ධ භික්ෂූන් ධර්මය පසෙකලා දේශපාලනය කරන නිසා තමයි අද ධර්මය පිරිහීගොස් මිනිස්සු හොරු, මංකොල්ලකරුවන්, මිනීමරණ තත්ත්වයට පත්වී ඇත්තේ...
පන්සලක් තුළ දේශපාළනික ක්‍රියා සිදු කිරීම වරදක් ලෙස සිතන්න අමාරුයි. මොකද අපේ රටේ ඉතිහාසයේ පවා බෞද්ධ භික්‍ෂුන් දේශපාලනයේ නිරත වෙලා රට ආරක්‍ෂාකර ගත් අවස්ථා මොනතරම් තියෙනවද? අනික දැන් භික්‍ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවෙත් ඉන්න එකේ පන්සල්වල ඉන්න භික්‍ෂූන් වහන්සේලාට තමන්ගේ මතය අනුව බෞද්ධ රටක් ආරක්‍ෂා කිරීමට කටයුතු කරනවානම් ඒකේ වරදක් නෑ. හැබැයි නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ සදහා නිසි විමර්ශනයක් සිදු කර නීතිමය රාමුව තුළ හරියාකාරව කටයුතු කිරීම රජයේ වගකීම නේද?
මොන පන්සලේද? දැන් ඉන්න එකේ වෙන්න ඇති.