(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
ඩෙංගු මර්දන වැඩසටහන අතර පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබේ.
මුලතිව් පොලීසිය කියා සිටියේ පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් කිසියම් වූ පුපුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට සැක කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ. එහෙමනේද?
ඕක තිබ්බේ කවුද දන්නේ නැහැ...
බලතණ්හාවෙන් පෙළෙන දේශපාලකයන්ට කත්අදින සහජීවන බඩ ගෝස්තරවාදීන්ට දෙමළ ජාතිවාදය ගැන වැටහීමක් නැතුවාට, ඈත අතීතයේ සොළියාත් අද දෙමළ මනුස්සයාත් එකමය. අහම්බෙන් හොඳ මිනිසුන්ද සිටි.
මේ දේවල් ගැන කලබල වෙන්න එපා... සංහිඳියාවට හානි වෙන්න පුළුවන්.. මම හිතන්නේ 2008 යුද්ධයේ අවසාන භාගයේ සඟවපු පරණ බෝම්බයක්. ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ. මේවැනි ප්‍රකාශයක් හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙන් අහන්නට තිබුණා. වෙලාවට එතුමාත් ගෙදර ගියානේ....
ඕකට වැඩියෙන්ම කලබල වෙන්නේ දැන් අර අප්පච්චි පස්සෙන් යන අය තමයි...
හිටපු ආණ්ඩුව කාලේ වැඩක් තමයි. ඒක නම් අනිවාර්යයයි.
අකිල අනිවාර්යයෙන්ම මේක කලින් ආණ්ඩුවේ වැඩක්.