තිලකරත්න දිසානායක
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් යොමුකරන දරුවන් රඳවා තබන ගම්පහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක කඩු පෙලු රැගත් පිරිසක් විසින් කළ පහරදීමකින් එහි පාලිකාවකට සුළු තුවාල හා දේපළවලට හානි සිදුවී ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
ළමා නිවාසයට දානය දීමට ආ පිරිසක් සමග ගමේ පිරිසක් අතර ඇති වූ සිද්ධියකින් පසු මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි. සම්බන්ධයෙන් මේවන තුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ක්‍රියා පිලිකුල් ලෙස හෙළා දැකිය යුතු අතරම ළමා නිවාසයට හානි කල අයට තදින් නීතිය ක්‍රියාත්මක කල යුතුය. කුමන ප්‍රශ්න බාහිර පාර්ශව අතර ඇති වුණත් ළමා නිවාසයක් වැනි තැනකට පහර දීමට තරම් පහත් තත්වයකට නොවැටිය යුතුය. ඒ මන්ද යත් ළමා නිවාස පවත්වාගෙන යාමට වැයවන්නේ අපේම මහජන මුදල් සහ හදවත උණුවන සියලු මහජනතාවගේ ආධාර උපකාරයන් වන නිසාය.
නූගත් මිනිස්සු කරපු වැඩක්... රටේ නීතියට මොකක්ද වුණේ?
දෙමවුපියන් නැති අසරණ ලෝකෙක පාලුවෙන් සිටින,අනාථ ළමුන් ගැන දුකක් නැතුවද මෙහෙම පහර දුන්නේ? ඒ ළමයි කොච්චර බය වෙන්න ඇතිද?