ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
මහානායත හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා පිළිගන්නා අතර උන්වහන්සේලාට ගෞරව කරන බවද දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙක් පැවසීය.
මෙම සකාච්ඡාවේදී ව්‍යවස්තාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහස මහා නායක හිමිවරුන්ට ප්‍රකාශකිරීමට බලාපොරොත්තු වන අතර මහා නායක හිමිවරුන්ගේ උපදෙස් ලබාගැනීමටද නියමිත බව එම ප්‍රකාශකයා කීවේය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ සංධානේ නොවේ. ඩොනල් ට්‍රම්ප් අාවත් කියන්න තියන දේ තමයි මහනායක හමුදුරුවන් වහන්සේ කීවේත්, අපටත් කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. මොන නාඩගමක් ආවත් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය හා බුද්ධාගමට තිබෙන ස්ථානය අංශු මාත්‍රයක්වත් වෙනස් කරන්න සිංහල අපි ඉඩ තියන්නෙත් නෑ. ජනපති පත්කළෙත් ආණ්ඩුව පත් කළෙත් රටේ බහුතර ජනතාවයි. ඒ වගේම ඔවුන්ව ගෙදර යවන්නෙත්... ඒ ජනතාවමයි. ඒ හින්දා මොන කයිවාරු ගැහුවත් මොන ඇමති වුණත් ගෙදර යවනවා.
යාපනේ බුදුපිළිම හදන්න බැහැ කිව්ව අය නේද? අන්තිමට හාමුදුරුවෝ හොයන යන්න වුණා. මට නම් මෙලෝ සංහිඳියාවක් පේන්න නැහැ.. නුර්ස් නෝනා යන්නේ නැත්ද දන්නේ නැහැ හාමුදුරුවෝ මුණගැහෙන්න.. නේද?
අහු වෙන්න එපා අපේ හාමුදුරුවනේ අපි වයවස්ථාවකට ජන්දේ දුන්නේ නැහැ. ඔය හදන්නේ ජන්ද ගොඩ වැඩිකරගන්න මිසක් රටට ආදරේට නොවෙයි
මුරුංග අත්තට නගින්න එපා ප්‍රවේසමෙන්
මහා නා හිමි වරුනි අපේ ඈත අතීතයේ සිදී වූ දේවල් අමතක නොකරන්න
උන්වහන්සේලා කියන්න ඕනේ දේ ආණ්ඩුවට කියල ඉවරයි.
ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රී ලාංකික කොල්ලෝ යුද්දය නිමකළා ,,,යුද්දෙන් බැරිවුන දෙය ,,,මේ ගොල්ලෝ බොරු සංහිදියාවක් ගැන කියා ගන්න රට කැලි වලට කඩන්න හදනවා,,,අපි දෙමල ,,,මුස්ලිම් හෝ ඕනෙම ශ්‍රී ලාංකිකයෙකුට අාදරෙයි,,,හිතවත්,,,කිසිම වෙනසක් නෑ. දේසපාලුවෝ රට අවුල් කරනවා ,,,යාපනේ සිටිය 20000 වැඩි පවුල් අද කෝ,,,තේසවලාමේ නීතිය,,වෙනස් කරන්න ,,,,ලංකාවේ ඕනෙම තැනකින්දෙමල අයට දේපලක් ගන්න පුළුවන්,,,නමුත් අනිත් අයට යාපනේ අයිති නැද්ද,,,ඔය කියන විදියට වෙලල්වට්ටේ දෙමළ අයත් යාපනේට පටවන්නද මෙයාල කියන්නේ ,,,රට නැවත ගිනිජාලයක් කරන්නද මේ සූදානම ,,දෙමල අයට අපි අාදරෙයි,,එයාලට කිසිම වෙනසක් නෑ රටේ,,,මොකටද රට කෑලිවලට කඩන්නේ ,,,බලන්න අපේ මිනිස්සු මුරලිට තියන ආදරේ ...අපේ මිනිස්සු හිතන්නේ අපේ මුරලි කියල මිසක් දෙමළ ජාතිකයෙක් ලෙස නොවේ ,,,,රට නොකඩ අපි සියලු දෙනා රට දියුනුකර සාමයෙන් ජීවත්වී මැරිලා යමු වෛරයට වියදම් කරන මුදල් මිනිසා ජීවත් කරන්න උත්සහ කරමු,,,මේ සියලු දෙනාට මෙත්සිත් පහළවේවා ,,,රට කඩන මානසිකත්වය දුරුවේවා ,,,රටට ජයවේවා
උප ජනාධිපතිවරු තිදෙනෙකුද පත් කළ යුතු බව දේශපාලන පක්ෂ හතරක ප්‍රධානීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතුරු කමීටුවෙන් ඉල්ලා තිබෙන්නේ මොකටද?? මේ සැරසෙන්නේ රට කැබලි 4ට වෙන්කිරිමටයි. යුද්දෙන් පැරදුන ඊලම බොරු සංහිදියාවට මුවාවී නැවත ලබාගෙන ඊළාම් රාජධානියක් ස්තාපිත කිරීමටයි. රට විනාශ කරන සියලු බලවේග පරාජය කරමු. මේ පුංචි ශ්‍රීලංකාවේ ඒකීය භාවය රැකගන්න පක්ෂ නොතකා ඔබත් එකතුවෙන්න.