රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන
කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11) ගාල්ලේ දී කීවේය.