(රංජන් කස්තුරි)
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම රෝහල ශ්‍රී ජයවර්ධන මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථා ගත කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආරම්භය පමණයි, තව මාසෙකින් දෙකකින් මේක කෝටි 50ක් 60ක් වෙනවා. සයිටම් වෙනුවෙන් කෑගහන අයගෙන් අහන්න තියෙන්නේ. " ඔබට සතුටුයිද දැන්?" කියලා
කාටද ආඩම්බර දැන්?
බදු මුදල් දුප්පත් පොහොසත් දෙගොල්ලන්ටම වියදම් කල යුතුයි. දුප්පත් අය වෙනුවෙන් කරන විට හොදයි. ඇයි පොහොසත් අය වෙනුවෙන් ටිකක් වියදම් කලොත් වැරදිද?
මේ ඔක්කොම වුනේ මෝඩ වෛද්‍ය ශිෂ්‍යයයෝ නිසානේ , අයියෝ සල්ලි
ඕනෑම රජයේ රෝහලකට එදිනෙදා කටයුතු කිරීමට විශාල ප්‍රතිපාදන ඕනෑ නේද? බෙහෙත් ඉබේ පහල වෙන්නේ නැහැ නේ...
ඔබට සතුටුයිද දැන්
සචිත, වරද්ද ගන්න එපා, දොස්තරවරු කෑ ගැහුවේ රෝහල ඉල්ලා නෙවෙඉ, සයිටම් එක අහෝසි කරන්න කියලයි,
ආරම්භයේදීම රෝහල නඩත්තුවට කෝටි 20යි, රෝහල පවරාගැනීම නිසා නෙවිල්ගේ ලංකා බැංකු ණය ගෙවෙනකම් ආණ්ඩුව විසින් ඔහුට ගෙවන බදු මුදල කීයද තවම අපි දන්නේ නැහැ. මේ රෝහලේ ලාභයෙන්ද දන්නේ නැහැ AAB ගත්තත් වෛද්‍ය විද්‍යාලවලට යන්න බැරිවෙච්ච ළමයින්ව සයිටම් හොර උපාධි කඩේට යවන්න හිතන් ඉන්නේ.
අනේ මන්දා. මේවා අහනකොට මට නිකන් සයිටම් එකට කැමති කැමතියි දැනෙනවා
මේ සල්ලි වලින් නෙවිල් ප්‍රනාන්දු ගත්ත ණය ගෙවෙනවා. අවුරුදු 10කට පස්සේ ණය ගෙවලා ඉවර වෙනවා. බදු ගිවිසුම් අවසන් වෙනවා. රෝහල යලිත් ණය නැතුව නෙවිල් ප්‍රනාන්දු අතට යනවා.
දැන් ඉතින් ඕක ගෙවන්න ගහන්නකෝ හිගන්නන්ගේනුත් බදු
මේ කිසි දෙයක් වෙන්නේ නෑ SAITM සිසුන්ට රජයේ රෝහල්වල පුහුණු වීම් වලට ඉඩ දුන්නා නම්. එත් එහෙම දෙයක් මේ රටේ කරන්නේ කොහොමද. මොකද ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ රජයේ රෝහල් ඒගොල්ලන්ගේ පුද්ගලික බුදලේ කියලනේ.
ස්කෑනර් මාසෙට එක ගානේ ගන්න පුළුවන් නේද?
තවත් සුදු අලියෙක් කාගේ හරි සාක්කුවේ නම් ජය තමයි.
මොනරාගල දිස්ත්‍රික්කයට මේ අය කොපමණ වියදම් කරනවද ?
මසකට කෝටී 20ක්, මිලියන 200ක් , මාස 10කින් මිලියන 2000ක්, නෙවිල් මහත්තයා ගත්ත බැංකු ණය නිකම්ම ගෙවිලානේ. දැන් සනීපද?
සේනාරත්න රටට වටිනා දෙයක් නොකරන බවට සාක්ෂි තමයි.
ජයවේවා!.. පුදුම සතුටක් දැනෙන්නේ..
අහෝ !!! වෛද්‍ය උපාධිය ලබා දෙන්නට ජනතාව ගෙවන ණයක්....
දැන් ඉතින් සයිටම් එකට කඩේගිය නෝනල මහත්තුරුන්ට සතුටුයි නේද,අහෝ ඛේදයකි ඉරකි තිතකි.
ඇයි මේක රජයට පවරාගත්තේ? සයිටම් එපා කියලා අන්තිමට කරලා තියෙන්නේ වෙන දෙයක් නේ. අන්තිමට අපි තමා බදු ගෙවන්න ඕනේ...
මෙන්න දත් දොස්තර මහතාගේ වැඩ. ජාතික ධනය නේද? සිරිසේන මහත්තයෝ, රනිල් මහත්තයෝ මේවා අනුමත කරන්නේ මොකද? අද මාධ්‍ය හමුවක රාජිත මහත්තයා තෙල් වර්ජනය ගැන කතා කරමින් බහුජන හිතාය, බහුජන සුඛාය කියලා බුදුබණ කීව්වා. සයිටම් අනුසාරයෙන් රාජිතගේ බහුජන හිතාය කියන්නේ මේකද? ගමේ මිනිස්සු මේවාට කියන්නේ හෙන ගහන අපරාධ කියලා කොල්ලෝ පාරට දලා... මේ වෙනුවෙන් මේක කරන්න කැබිනෙට් එක අනුමත කලේ මොකද?
කැබිනට් එකේ අයට කැමති කැමති ගණන් අනුමත කරනවා. ගෙදරින් ගේන්නේ නැහැනේ. මේවා ජනතා මුදල්. කැබිනට් එකේ කීදෙනෙක් සා. පෙළ පාස්ද?
ඔයාල ඔය රෝහල කුලියට ගත්තද ..
මේ කොමෙන්ට් දැක්කම ලංකාවේ මිනිස්සු කොච්චර අනුවණද කියලා හිතෙනවා. නොමිලේ ප්‍රතිකාර දෙන හැම හොස්පිටල් එකකටම ආණ්ඩුව සල්ලි වියදම් කරන්න ඕන. ජයවර්ධනපුර, කොළඹ ඉස්පිරිතාලවලට මෙයිටත් වඩා මුදලක් අවශ්‍යය. මේ අන්තරේ අය හිතන්නේ නිකන් දෙන සේවය ඉබේම අහසින් පහල වෙනවා කියලා විතරයි.
පුද්ගලික අධ්‍යාපනය අහෝසි කරන්න දගලනවට හොද වැඩේ ඔබට ලැබෙන මේ දේ. දිට්ට ධම්ම කර්ම කියන්නේ ඔන්න ඕවට. අනේ සාදු.
රිදෙන්නේ ඕකට නෙවෙයි, දැනටත් සයිටම් එකේ ලමයින්ගෙන් 1/3ක් දොස්තරලා ගේ ලමයි. රජයේ වෛද්‍ය පීඨ වල 2%ක් වත් දොස්තරලගෙ ලමයි නෑ. සයිටම් එකෙන් දොස්තරලට කෙලවෙයි කියලා බලං හිටපු උංදැලට වෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්ත වැඩේම තමා.
විජයබාහු මහතාණෙනි ඕනම හොස්පිටල් එකකට වියදම් යනවා තමයි.. ඒත් මිනිස්සුන්ගෙ සල්ලිවලින් රෝහල නඩත්තු කරන ගමන් පෞද්ගලික ආයතනයක ලමයින්ට උගන්නන එක තමා අවුල. මිනිස්සුන්ගෙ සල්ලිවලින් එක මිනිහෙක් ලාබ ලබන එක
මේ රෝහල පවත්වගෙනෙයන්නේ රජයෙන් . ඕනෙම කෙනෙකුට ගිහින් නොමිලේ බෙහෙත්ගන්න පුළුවන්. අමාරු ලෙඩෙකුට නවතින්න පුළුවනි. මේ රෝහල නිසා ජාතික රෝහලට පැමිණෙන රෝගීන් අඩුවේවි. පුද්ගලික රෝහලකට ගියහම වියදම කව්රුත් දන්නවා. නෙවිල් ප්‍රනාන්දු මේ රෝහල දුන්නේ රජයට. මෙතරම් රෝහලක් නොමිලේ දුන්නේ ,එකෙන් SAITM එකේ ළමයින්ට අවිස්සාවේල්ලට යන්නේ නැතිව සායනික පුහුණුව ලබාගන්න. පව්ද්ගලික උසස් අද්‍යාපනය නැතිනම් , මේ රටේ ජාත්‍යන්තර පාසල්වල ළමුන්ට, පවුද්ගලික විද්‍යාලවල ළමයින්ට මොකද වෙන්නේ . ජාත්‍යන්තර පාසල්වලට යන්නේ දෙමව්පියන්ට සල්ලි තියෙනවටම නෙවෙයි . රජයේ පාසලක් තම දරුවන්ට නැති නිස . 80% මේ රටේ ජනතාව මේ ක්‍රමයට කැමති. කුහක රැලක් පමණි, අකමැති.