සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය. එහි සිටි සිසුන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ද පත්විය.
සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා දැමූ අතර මේ හේතුවෙන් 120 හා 138 බස් මාර්ග ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.