සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය. එහි සිටි සිසුන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ද පත්විය.
සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා දැමූ අතර මේ හේතුවෙන් 120 හා 138 බස් මාර්ග ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිසුන්ට තිබෙන්නේ පුදුම මානසික රෝගී තත්වයක්. තමන්ගේ රටේම තවත් දරුවන් පිරිසක් ඉගනගන්නවට තිබෙන්නේ පුදුම ඉරිසියාවක්. මොවුන්ට විශේෂ මානසික රෝගී ප්‍රතිකාර දීම අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන පුහු සටන් පාඨ ඉස්සහරට දා ගෙන මොවුන් මුළු රටම විනාශ මුඛයට ඇදගන යනවා. හෙට ඉඳන් රජයේ විශ්ව විද්‍යාල වල මුදල් අයකර උගන්වන්න යනවා වගෙයි මේ අය උද්ගෝෂණය කරන්නේ. තේ කෝප්පේ කිඹුලන් දකිනා මේ අය මුළු රටම නොමග යවනවා. අනික මේ රටේ කොයින්ද හැබෑ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින්නේ? ඉහල යන චැනලින්ග් ගාස්තු පුද්ගලික රෝහල් ගාස්තු ඖෂධ ගාස්තු ගැන මේ අය එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒවා ගැන කතා කරොත් වෛද්‍ය සංගමයට අවාසි නිසා වෙන්න ඇති.
වෛද්‍ය සංගමයට හොඳ තුරුම්පුවක් වර්ජනයකට යන්න. අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.
ගොඩක් හොදයි. මේ අයට මේ විදියට ජාල ප්‍රහාර දීම වඩාත් සුදුසුයි.
අපේ රටේ අධ්‍යාපනය තුල විශාල හිඩැසක් ඇති බව මට හැඟෙනවා. බුරුවන් වෙනුවට, දරුවන් බිහිකරන අධ්‍යාපන ක්‍රමවේදයකට අප යා යුතුයි. නොමේරු තරුණ ළදරු මොළ අනිසි ලෙස පාවිච්චි කරමින් කරන තක්කඩි දේශපාලනය හෙලා දැකිය යුතුයි. උන්මන්තක සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීමට රජය කටයුතු කල යුතු බවට මම යෝජනා කරමි.
ලංකාවේ සරසවි සිසුන්ට තියෙන්නේ කෙදිනක හෝ සුව නොවන උණකි. අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් විය යුතුයි. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම මේ අය නොදන්නවද නැතිනම් අනුන්ගේ සීනි කිරනවද?
ප්‍රසිද්ධ ස්ථාන වල ඔය එක එක අට්ටාල අටවාගෙන ජනතාවගේ ගමන ගමන් වලට බාධා කරමින් කාලය කන අයව එලවල දමල ඔය අට්ටාල ගැලව දැමිය යුතුය
මේක දැන් තනිකරම දේශපාලන මගොඩියක් වෙලා. මමත් විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක්. නමුත් දැන් මේ යන විධියට සරසවි ශිෂ්‍ය පෙළ පාලි තහනම් කල යුතුයි. වෛද්‍ය ශිෂ්‍යයෝ මෝඩ කමට GMOA පදයට නටල තමුන්ගේ ඉදිරි අධ්‍යාපනය වසරකින් දික්කරගන්න එක විතරයි වෙන්නේ. ලොව අනිත් රටවල වගේ තව තව පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවේවා.
අනුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. තමන් කලට වෙලාවට පාඨමාලා අවසන් කරන්නෙත් නැහැ . මහජන බදු මුදල් අපතේ මදිවාට මහජන දේපලත් නාස්ති කරනවා. ඊළඟට උදේ සවස දරු පවුල් වලට කන්න දෙන්න රස්සාවට යන්න බැහැ පාර අවහිර කරලා. මේකද ලංකාවේ උසස් අධ්‍යාපනය ?
මේවා පොදුජනතාව භාවිතා කරන ස්ථාන.
අට්ටාල උඩ නැගීම, සත්‍යග්‍රහ කිරීම හෝ පෙළපාලි යාම, පවතින රජය විසින් යම් කරුණක් සඳහා විරෝධය පෑමට ගතහැකි වලංගු ක්‍රියාවක් සේ සලකනවානම්, සාමාන්‍ය ජන ජීවිතයට අපහසුතාවක් නොවන ලෙස ඒ ක්‍රියාවන් සඳහා යම් ස්ථානයක් නිර්දේශ කිරීම රජයේ යුතුකමයි. එසේ නොකොට, නොයෙකුත් ස්ථාන වල ඇති වෙන විරෝදතා විසිරුවා හැරීමට තැත් කිරීමෙන් සිදුවන්නේ පොලිසියේ සහ අදිකරණයේ කාලය සහ ශ්‍රමය නිකරුනේ නාස්ති වීමක් පමණි. මේ සම්බන්ධයෙන් මේ රජයට තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඉතා දුර්වල බවක් පෙනේ .
නාගෙන යන්න වෙන බව අපි කිව්වා.
අරගොල්ලෝ ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ?
ප්‍රහාරය පමණක් මදි. ශිෂ්‍යභාවය තහනම් කොට හිරේ දැමිය යුතුයි. මේ රටට විනයගරුක පුද්ගලයින් හදමු.
බද්රානි ඔබේ අදහස් දැක්කාම හිතෙනවා ඔබ යෝජනා කල දේ ඔබ ඉගෙනගත් කාලේ සිටම වෙලා තිබුන නම් කොච්චර හොදද කියලා...