(ඉන්දිකා රාමනායක)
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේ දී පරික්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අද (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
නියෝජ්‍ය රෝගු අධ්‍යක්ෂවරයකුට, රේගු අධිකාරිවරයකුට සහ සහකාර රේගු අධිකාරිවරයකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය ගැන හෙට (22) සිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.
එම පරීක්ෂණයේ මුලික පියවර වශයෙන් මෙම නිලධාරීන් තිදෙනා පරිපාලන අංශය වෙත මාරුකර යැවු බව ඒ මහතා පැවසීය.
මෙම නිලධාරීන් තිදෙනා සීනි කන්ටේනරය නිසි අයුරින් පරික්ෂාවට ලක් කළේ ද, සිද්ධියේ දී ඔවුන් අතින් කිසියම් අතපසු වීමක් සිදුව ඇති ද යන්න සෙවීම සදහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනරයක් ඉකුත් (19) වැනි දා රත්මාලන ආර්ථික මධ්‍යස්ථානයේ දී විවෘත කිරීමේ එහි ගමන් මලූ 10ක තිබී කොකේන් කිලෝ 218 ක් සොයාගෙන තිබු අතර එහි වටිනාමක රුපියල් ලක්ෂ 32,000 ක් බව පොලිසිය කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.