පස්වරු 3.01
හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන රැගත් ප්‍රථම තෙල් දුම්රිය මීට සුළු මොහොතකට පෙර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් පිටත්ව ගියේය.
පස්වරු 2.20
මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් පිරවූ බවුසර් කිහිපයක්ම තෙල් පුරවා තෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
පොලිස් කැරලි මර්දන ඒකකය යොදවා තෙල් බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ සේවකයින් ඉවත් කෙරිණි.
පස්වරු 2.00
තෙල් පිරවූ දුම්රිය බවුසර ඉවතට ගැනීම සඳහා ගිය දුම්රිය එන්ජිම තෙල් සංස්ථා සේවකයින් විසින් ඇතුළට ගැනීමට ඉඩ ලබානොදී තිබූ අතර මීට සුළු මොහොතකට පෙර පොලිසිය මැදිහත්වී අදාළ දුම්රිය එන්ජිම සංස්ථා පරිශ්‍රයට ඇතුළු කරගනු ලැබිණි.
පස්වරු 1.55
කොළොන්නාව තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීමට බාධා කරමින් උද්ඝෝෂණයේ නිරතව සිටි වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සේවකයින් 8 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට පත්වූ සේවකයින් අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ද වේ.
පස්වරු 1.25
(ඉන්දිකා රාමනායක)
තම සාකච්ඡා අසාර්ථක වුවත් දැනට සංස්ථාව ඇතුළත සිටින හමුදාව ඉන් ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
පස්වරු 1.20
බණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ කොළොන්නාව තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු විධායක මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කළේය.
අදාළ සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් 9 දෙනෙක් එක්වී සිටිති.
පස්වරු 12.30
(ඉන්දිකා රාමනායක)
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන අතර කොළොන්නාව- දෙමටගොඩ ප්‍රධාන මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබේ.
කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක් මේ වන විට එම ස්ථානයට කැඳවා ඇත.සේවකයින් සියළු දෙනා මාර්ගයට පැමිණ විරෝධතා කිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ගුවන් හමුදාව අද(26) අලුයම නිමාව තුළට රැගෙන ගිය දුම්රියට ඉන්ධන පුරවා ඇතත් එම දුම්රිය ඉන්ජිමට නිමාව තුළට යාමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දීලා හරි ඉන්ධන බෙදන්න අසාධාරණයට ඉඩ දෙන්න එපා.. ආණ්ඩු පෙරළන්න දඟලන අයට රට විනාශ කරන්න දෙන්න බැහැ.
ඔය මිනිස්සුන්ව අයින් කරලා දාන්න...
වැඩට එන්නේ නැති සේවකයින් ගෙදර යවන්න. කඩාකප්පල් කරන අයට ඉඩ දෙන්න එපා.
මේකේ අදහස් දාල තියන අය නම් නියම ලාංකිකයෝ ....රටට හෙන ගැහුවත් කමක් නැහැ වාහනේට තෙල් තියනවා නම්...
තව ටිකක් දුන්න නම් තමයි හොඳ...
මේ මිනිස්සු වර්ජනය කරන්නේ රටේ සම්පත් විකිණිමට විරුද්ධව නම් ඒ ගොල්ලන්ව ගහලා එලවන්න කියන එක සාධාරණද? මෙතන ලයික්ස් දාලා තියෙන ආකාරයෙන්ම පේනවා රටේ මිනිස්සුන්ගේ මොලේ අලයි කියලා. නිදහස ලැබිලා අවු 70කට කිට්ටු වෙලත් පක්ෂ දෙකක වහල්භාවයෙන් මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බැහැ.
මේ වෙලාවේ රජය කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනේ. වෙඩි තියා මරන්න යන්න එපා... එලවලාම දාන්න. රටේ ජනතාව මේ මොහොතේ ඔබ සමගයි. ස්ට්‍රයික් කාරයන්ට විරුද්ධව පෙරට එන ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රජයට ජයවේවා !!!
සියලුම දෙනා දැන ගන්න ඕනෑ සෑම ආයතනයක්ම අවුල් කියලා.. ජනතා හඬට කන් නොදීම, හිතුමතේ වැඩ කිරීම, අදාල බලධාරීන් උද්ඝෝෂකයන් මගහැරීම, සල්ලි කොතරම් නෑ කීවත් බලධාරීන් ගේ වුවමනා එපාකම් වලට පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන්කරගැනීම වගේ බොහෝ අකටයුතුකම් වෙනවා. බලන්න තවත් ආයතන තියනවද කියල අවුල් වෙන්න. අපරාදේ කියන්න බෑ මේ අයට ලඟ ඡන්දෙකින් ජනතාව සලකාවි මනාප ක්‍රමය හැර කේවල ක්‍රමය තිබුණා නම් මේ අයට ඇපත් නැතිය.
ඔව්... එයාලා හැම තිස්සෙම මිනිස්සුන්ට කරදර කරලා එයාලගේ ඉල්ලීම් දිනාගන්නවා. ආණ්ඩුව කරපූ ගොඩක් හොඳ වැඩක්
ඔක්කොම ඉන්දියාවට හා චීනයට දෙන්න යන්නේ. තෙල් ලීටරය රුපියල් 250ක් විතර වෙනකොට මේ අයගේ අරගලයේ වටිනාකම දැනේවි....
හමුදාව යොදවලා තෙල් බෙදීම ඇරඹීම ගැන රජයට අපගේ බලවත් සතුට. ජනාධිපත්තුමනි බලතල පාවිච්චි කරන්න...
රටේ සම්පත් රකින්න අරගල කරන මිනිසුන්ට ගහන එක පමණි මේ රජය කරන්න දන්නේ....
ආයිමත් 89 ක් එපා......පන්නන්න... ඔක්කොම..
මේ වර්ජන කරන්නේ ඛනිජ තෙල් සම්පත රැක ගන්න නෙමේ දිගටම හොරා කන්න තමයි.
මිනිසුන් අපහසුතාවයට පත් කර දිනන වෘත්තිය අරගල කුමටද ?
අපේ හමුදාවට ජයවේවා, සුබපතමු.
ස්ට්‍රයික් එක නැවතුන එක නම් හොඳයි...
මේ අයව රක්ෂාවෙන් නෙරපා හැර ඒ වෙනුවට තරුණ කොටස් වැඩට ගත යුතුයි. වැඩ වර්ජකයින්ට ඉඩ නොදෙමු