(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අඟහරුවාදා (25) බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි එහි ආරංචි පවසයි.
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවී කරුණානායක මහතා වීම නිසා ඔහු බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇමැතිවරයා දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.