(රොමේෂ් මධුෂංඛ)
සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය.
මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නමති නිලධාරියාගේ බිරිඳ අද(23) උදෑසන පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ ස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා එසේ හැඟීම්බර විය.
ඉලංචේලියන් මහතා ඊට පෙර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමු වීමට ගිය අතර එහිදී ද එම පොලිස් නිලධාරියා වැළඳගනිමින් හඩා වැළපුණේ ය.
මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම නිසා එම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා උතුම් මනුෂ්‍යයෙක්. යහපත් ආදර්ශයක් !!!
රාජකාරිය නිසිලෙස ඉටුකිරීමේදී තම ජීවිතය පුජාකර යාපනයේ මහාධිකරණ විනිසුරුතුමාගේ ජීවිතය බේරාදීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් හැටියට අප ඔබ කල මෙම උතුම් සේවයට හිසනමා ආචාර්ය කරමු. ශ්‍රී ලංකා මාතාවද ඔබකළ සේවය උතුම්කොට සලකන අතර ඔබට නිවන්සුව ප්‍රර්ථනා කරමු. මෙම නිහීන ක්‍රියාව කල නිවටයින් ඉතා ඉක්මණින් නීතිය මගින් දඬුවම් ලබාදෙනු ඇත.
ඔහු ද්‍රවිඩයකු නොව සැබෑ මිනිසෙකි උත්තුන්ග ගුණාංගයන්ගෙන් පිරි සැබෑ මානව හිතවාදියෙකි. ඔබට දීඝායු මැතිදුණි,
මෙන්න හැබෑ සන්හිඳියාව ලොවට පෙනුන අවස්ථාවක්.මේ විදියට දමිල මිනිසුන් රැකීමට සිංහල සොල්දාදුවන් කීදෙනෙක් මානුෂිය මෙහෙයුමේදී LTTE බෝම්බ පහරට සහ වෙඩි උන්ඩ වලට ලක් උනාද? නමුත් දමිල දේශපාලුවන්ට ඒවා සත පහක වටිනා කමක් නැහැ. නමුත් නීතිවේදියෙක් වූ හදවතක් ඇති මේ අවංක මිනිසාට එය මහත් කම්පනයක් ජනිත කලා.මේවා දුෂ්ට දමිල දේශපාලුවන් පසුපස යන අනෙකුත් දමිල අනුගාමිකයන්ටත් හොඳ ආදර්ශයක්.
රත්තරන් මිනිස්සු.. රත්තරන් ලේ...
අද දවසේ ගොඩක් ප්‍රභූ කියන පැලන්තියෙන් නොදකින අපුරු මනුස්සකමින් හෙබි චරිතයක්. මෙතුමා ඉතාමත් නීතිගරුක විනිසුරුතුමෙක් හැටියට ප්‍රසිද්ධයි. එනමුත්,මනුස්සකම ඊට වඩා ප්‍රදර්ශනය වූ අවස්ථාවක් හැටියට මෙය අපි දකිනවා වගේම ගොඩක් අයට ආදර්ශමත් විරල අවස්ථාවක්. එතුමාට මාගේ ප්‍රණාමය.
මේවා තමයි මනුස්සකම කියන්නේ, නැතුව කුලමල ,ජාතිවිජාති ආගම්නිකාය නොවේ. අපි කවුරුත් මනුෂ්‍යයෝ. ඒක තේරුම් ගන්න නුපුළුවන් මිනිසුන්ගේ ශරීරෙ තියෙන්නේ තිරිසන් ලේ .
රත්තරන් හදවතක් ඇති මහත්මයෙක්
ජාතිය නොව වැදගත් ක්‍රියාව තමා වැදගත් රත්රන් හදවතක් තිබෙන නිලයෙන් හිස උදුම්මුව නොගත් ගරු කලයුතු මහත්මයෙක් ඔබට හිස නමා ආචාර කරමි .
මහාධිකරණ විනිසුරු වුණත් මනුස්සයෙක් බව පෙනෙනවා.
හරිම සංවේදී දසුනක්
සංවේදී හදවතක් තියන කරුණාවන්ත විනිසුරු තුමෙක්. ජාති බේදයක් නැතිව බලන්න හදවත උණු වෙන හැටි. මේ සිදුවෙමෙන් පෙන්නේ මේතුමාගේ ජිවීතේ අනතුරේ බව .
අපේ සිංල ඔලුව උදුම්මන් ඉන්න විනිසුරුවන්ට නියම කනේ පහරක්. මේක තමයි අව්‍යාජ සහජීවනය. තමාගේ දිවි බේරා දුන් ඒ හිතාදරයාගේ වෙන්ව යාම ඔබට මෙතරම් සංවේදීවී යැයි අදහා ගත නොහැකි විය විනිසුරුතුමනි. රාජකාරි දිවියේ ඔබ දෙපලටම දරදඬු කර්කෂ තීන්දු තීරණ ගත යුතු වුවත් ඔබ දෙපලම සැබවින්ම මනුෂ්‍යයෝය. තමා දිවිහිමියෙන් ආරක්ෂා කලේ දෙමළෙක්ය, තමා මේ වැඳවැටී හඬනුයේ සිංහලයකු වෙනුවෙන් ය යන්න ඔබ දෙපලටම වැදගත් වුයේ නැත. සැබවින්ම ඔබ දෙපලම සැබෑම මනුෂ්‍යයෝය. ලක්මවගේ පුතනුවෝය. අප කවදා මේ යථාර්තය තේරුම් ගනී ද ???? සරත් හේමචන්ද්‍ර මහතාණෙනි ඔබට නිවන් සුව පතමි...!!!
ඊලමට ආවඩන දෙමල ජාතිවාදීන්ට මේ මිනිස් ගති ඇති මිනිස් මිනිසුන් ආදර්ශයට ගනිත්වා. එසේ වුවහොත් මේ රට කෙතරම් වාසනාවන්ත රටක් වේද.?
තවමත් කොටියට කඩේ යන බටහිරයෝ දැන්වත් තේරුම් ගන්න ඕනේ, අපේ පොලිසියේ හමුදාවේ කීදෙනෙක් දිවි පිදුවද ද්‍රවිඩ පුරවැසියෝ ආරක්ෂා කරන්න ගිහිල්ල. මේක තමයි නියම ඇත්ත. මේ මහාධිකරණ විනිසුරුතුමා ඇස්දෙකෙන්ම දැක්ක සිදුවුනු දේ. ඒ නිසා එතුමාට ඇඩෙනවා. මේ මරණේ ගැන අපිට තියෙන දුක, වේදනාව අඩුවෙනවා මේ විනිසුරුතුමාගේ ගතිගුණ, හැසිරීම දැක්කම. මැරිලා හරි බේරුවේ වටිනා මනුස්සයෙක් .
මෙවන් අය අනෙක් අයට වැදගත් ආදර්ශයක්
මෙන්න නිහතමානි රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන්! අපේ ඔය සයිටම් ප්‍රශ්නය ඇදල අරගෙන මහජනයා තලන ඔලුව ඉදිමුණු දොස්තර සෙට් එක මේ පින්තුරය බලලා හැදෙනවා නම් ලොකු දෙයක්. මේ මියගිය ආරක්ෂකයා ගිය තැනක ඉඳන් මේ ආදර්ශමත් රාජ්‍ය සේවකයාට ආශිර්වාද කරනවා ඇති.
ඉතාම උතුම් මහත්මයෙක් . මෙහෙම දකිනවිට සිංහල දමිල වර්ගවාදය රටට දායාද වුනේ කොහොමද ? එය දායාද කලවුන්ට හොඳක් නම් සිදුනොවන්නේමය ...
මට මේ ක්ලිප් එක බලනකොට ඇස් දෙකට කදුළු ආවා. මෙම විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතාගේ මනුස්සකමට හිස නමා ආචාර කරමි. තුට්ටු දෙකේ ජාතිවාදීනට වඩා මෙම මිනිසුන් කොතරම් උතුම්ද කියා තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි
මේ සිංහයෙක් මෙතුමා මම හොදට දන්නවා නිතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය
ඔබතුමා වගේ උතුම් මිනිසුන් මේ රටට ගොඩක් අවශ්‍යයි. ඔබතුමා වෙනුවෙන් දිවිදුන් උතුම් මිනිසුන්ට නිවන් සුව ලැබේවා...!!!
අන්තවාදී දේසපලුවන්ට නැති උසසස් මහත්මා ගති-ගුණ මෙතුමාට මොනතරම් අගය කල යුතුද. නිලය, බලය ,තනතුරටත් වඩාත් ඉහලින් මනුස්සකම හිතන මෙවන් සංවේදී මිනිසුන් අපි අතර දැකීමත් දුලභ දසුනකි ,මෙම රුප රාමු පෙළ දැකීමෙන් ගොඩක් මිනිසුන්ගේ නෙතුවලට කදුළු පිරුනටනම් සැකයක් නැත. අනුනුගේ ජීවිතයක් රැක දීමට තම ජීවිතය පුජා කල පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මතට නිවන් සුව පතමු එහෙත් අපි සිතිය යුත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ස්ථීර ක්‍රමවේදයක් ගැනයි.
මෙන්න නියම මනුස්සයෝ. මොන තරම් හොඳ මිනිස්සු ඉන්න රටක් ද අපේ රට. නරුම, අවස්ථාවාදී, සල්ලි කෑදර අය අපේ රට කනවා. ජාතිය, ආගම නෙමෙයි අපේ රට ගැන හිතලා පෙළ ගැසෙමු.
සිංහල, දෙමළ මිනිසුන්ගේ සංහිඳියාව පෙන්වන දුලභ අවස්ථාවක්. මේක නැති කළේ අවස්ථාවාදී සිංහල හා දෙමල දේශපාලකයෝ තමයි..
වීරවංශ නම් කියාවි මේකත් බටහිර කුමන්ත්‍රනයක් කියල
ඔබ වාගේ උතුම් මිනිසෙක් මේ පොලව මත සිටීම. කාගේ ශරීරයෙත් ගලන රුධිරය රතු පාට බව එකම පාට බව සිංහල ලේ , දමිල ලේ කියා සිටින අයට දුන්න නියම පිළිතුරක, මගේ දෑසටත් මේ දසුනින් වැටුන කදුළු අපමනයි.