(එන්. පරමේෂ්වරන්, වන්නි රොමේෂ් මධුසංක සහ තරිඳු ජයවර්ධන)
අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි අතුරු මාර්ගයකදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් සැරයන්වරයා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි යාපනය පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා දැනට යාපනය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ පොලිස් සැරයන් හේමචන්ද්‍ර නැමැත්තෙකි. මෙම සිද්ධිය වන අවස්ථාවේදී එතැන සිටි අනෙක් පොලිස් නිලධාරියා අනතුරකින් තොරව ගැලවී තිබේ.
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා මේ දිනවල විභාග කෙරෙමින් පවතින විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකි. මෙම නඩුව අවසන් වරට පසුගිය බ්‍රහස්පතින්දා (20) විභාගයට ගනු ලැබුණ අතර නැවතත් ලබන අඟහරුවාදා (25) සිට විභාගයට ගැනීමට නියමිතය.
යාපනය මහාධිකරණ විනිසුරුවරයා අද සවස සිය නිවසට යමින් සිටියදී මාර්ගය හරස් කර තිබේ. එම අවස්ථාවේදී ආරක්‍ෂක නිලධාරියා පොලිස් යතුරුපැදියෙන් බැස මාර්ගය පාදා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියාගේ පිස්තෝලයම ගෙන ඔහුට වෙඩි තබා ඇත. පසුව වෙඩි තැබූ අය කාන්තා යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව පරීක්‍ෂණ පවත්වයි.
ඡායාරූප සිරාජ් හසීම්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය දැන් උතුරටත් ගිහිල්ලද ?? ,මෙම සිදුවීම සන්හිදියාවට බාධාවක් කරගන්න එපා
රටේ ආරක්ෂාව නැතිවේගෙනයි යන්නේ. ඔක්කොටම කලින් ඔය පාතාලයේ ලොක්කො ටික නිරායුධ කරලා ඉන්න ඕනේ.
අනේ!!! අපේ පොලිසිය .... තමන්ගේම පිස්තොලේ උදුරාගෙන තමන්ටම වෙඩි තියලා යනකම් එක්කෙනෙක්වත් කිසිම සුදානමක නෑ. අනිත් නිලධාරියාත් ඔච්චර දෙයක් කරලා යනකන් මොනවද කරලා තියෙන්නේ.. ?
මෙම සිදුවීම පිළිබඳව දැන් අපහට තිරනාටකයක් මගින් නාට්‍ය අනුසාරයෙන් අනේකවිධ හේතුකාරණා අපගේ සමහර ආරක්ෂකවරු විසින් තම පැවැත්ම උදෙසා ඉදිරිපත්කරනු ඇත. මෙය අත්වැරදීමකි.., කුරුල්ලෙකුට තබනලද එකකි. අඟහරු ලෝකෙන් එවන ලද උණ්ඩයකි. ආදී වශයෙන් නොයෙකුත් නිදහට කරුණු දක්වනු අැත.