ඉදිරි වසර 20 දී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙගා වොට් 4800 කින් යුත් ස්වභාවික වායු බලාගාර, මෙගා වොට් 457ක ධාරිතාවයකින් යුත් ජල බලාගාර, මෙගා වොට් 1389ක ධාරිතාවයක් සහිත සුර්යතාප බලාගාර, මෙගාවොට් 1205 ක ධාරිතාවයක් සහිත සුළං බලාගාර, මෙගාවොට් 85ක ජෛව ස්කන්ධ බලාගාර, මෙගාවොට් 330 ක ධාරිතාවයකින් යුත් දැවිතෙල් බලාගාර සහ මෙගාවොට් 105ක ධාරිතාවයකින් යුත් ගෑස් ටර්බයින් බලාගාර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත ය.
ඉදිරි වසර 20ක කාලය සදහා ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබු සැලසුම් වලින් වඩා අවම පිරිවැයක් සහිත සැලැස්ම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
ඉදිරි 20 වසරක කාලයේ වාර්ෂික විදුලිබල ඉල්ලුම 5%කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි ජනන ධාරිතාවය ගොඩනැගීමට මෙම සැලසුම මගින් හැකියාව ලැබේ. ඒ අනුව අනුමත බලාගාර කඩිනමින් ඉදිකිරීම සදහා පියවර ගත යුතු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මෙම විදුලිබල සැලැස්ම අනුමත කිරීමට පෙර ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමද විශේෂත්වයකි. යෝජිත විදුලිබල සැලසුම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්, පරිසරවේදීන්, පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින්, අර්ථශාස්ත්‍රඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් යෝජනා හා අදහස් රාශියක් ඉදිරිපත් කර තිබිණි. අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාද සැලකිල්ලට ගැනිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක්
Perakum Friday, 21 July 2017 07:02 AM
ලංකාවට ලැබෙන සුර්යතාපය අපේ රටේ පුර්ණ විදුලි බල අවශ්‍යතාවය සපුරා අතිරික්තය අපනයනය කිරීමට තරම් ප්‍රමාණවත් බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. අවශ්‍ය වන්නේ එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි ක්‍රමවේදයක් උපයෝගී කරගැනීමයි.