(අමල් වික්‍රමරත්න)
ගංවතුරින් සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට දුන් වතුර බෝතල් විශාල තොගයක් බද්දේගම ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම ගබඩාවට සීල් තබා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.
දකුණු පළාත් සභාවට අයත් ගොඩනැගිල්ලක ජල බෝතල් ගබඩාකර ඇති බවත් එහි වටිනාකම ලක්ෂ හතරකට වැඩි බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
දකුණේ විපතට පත් ජනතාවට ලබාදුන් ජල බෝතල් ගබඩාවල ගොඩගසා තැබීම ඒවා ලබාදුන් ජනතාවට කරන ලද අපහාසයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.