(අමල් වික්‍රමරත්න)
ගංවතුරින් සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට බෙදාහැරීමට දුන් වතුර බෝතල් විශාල තොගයක් බද්දේගම ගබඩාවක ගොඩ ගසා තිබීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම ගබඩාවට සීල් තබා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.
දකුණු පළාත් සභාවට අයත් ගොඩනැගිල්ලක ජල බෝතල් ගබඩාකර ඇති බවත් එහි වටිනාකම ලක්ෂ හතරකට වැඩි බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
දකුණේ විපතට පත් ජනතාවට ලබාදුන් ජල බෝතල් ගබඩාවල ගොඩගසා තැබීම ඒවා ලබාදුන් ජනතාවට කරන ලද අපහාසයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර බෝතල් නම් කමක් නෑ. කියමු දීපු අනිත් ආධාර ගැන සොයා බලන්න කියලා...
ජනතාව කොතරම් පරිත්‍යාගශීලි වුනත් වැඩක් නැහැ... නායකයාගේ පටන් රාජ්‍ය සේවයේ කලමනාකාරිත්වය ඉතාම දුර්වලයි.. රජයෙන් ලබා දෙන එක කෙසේ වෙතත් ජනතාව ලබාදෙන දේවල්වත් කළමනාකරණය කරගන්න බැරි නිලධාරීන් තමයි අපට ඉන්නේ.. මේවට රජකාලේ දඩුවම් දෙන්න ඕන වුනත් බලමු නිතිය ක්‍රියාත්මක වෙයිද කියල..
ඕකට ඔච්චර කලබල වෙන්න එපා... වතුර බෝතල් ගෙදර ගෙනිහින් නැහැනේ එහෙම නැත්නම් පස්සදොරින් කළු කඩේට විකුණලත් නැහැනේ ? වැඩි වෙච්ච ටික ගබඩා කරලා, දැන් කරන්න තිබෙන්නේ ඔය ටික ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව හරහා රටේ නියඟයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවක් ඉන්න ප්‍රදේශයකට ගෙන ගොස් බෙදාහැරීම. ඕක ගබඩා කරලා තිබීම ජනතාවට කරන අපහාසයක් නොවේ. ජනතාවට කරන අපහස වලට හොඳ උදාහරණ ටිකක් මම දෙන්නම්... ජනතාවට දුන් මැතිවරණ පොරොන්දු බලය ලැබුණට පසු අමතක කිරීම, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලකයන් පිටුපස දොරෙන් පාර්ලිමේන්තුවට අරගෙන නිකන් අැමැතිකම් දීම, හොරු අල්ලනවා කියා ඇවිත් මහා බැංකු හොරකම ඇතුළු අලුත් හොරු ආරක්ෂා කිරීම වගේ දේවල් තමයි.
මේ ගැන වගකිව යුතු නිලධාරියා සේවයෙන් ඉවත් කරන්න.
ඔන්න අපි දුක්මහන්සියෙන් උපයාගත් මුදලින් අසරණ වූවන්ට දුන්නු ආධාර වලට ලැබෙන පින... පස්සේ ඉතින් කොහේහරි ඉන්න දේශපාලකයෙකුගේ උත්සවයකට හෝ වෙනත් උවමනාවකට ගනී.
වතුර බෝතල් ගෙදර අරන් ගිහින් නෑනේ. ගබඩා කරලා තිබ්බ හින්දා දැන් මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා ගබඩා කරපු කෙනා හිතනවා ඇති කාටවත් නොකියා ගෙදර අරන් ගියා නම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා.
අනේ හිමාල්, මිනිස්සු මේවා ගෙනත් දුන්නේ අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙන්න මිසක් ගබඩා කරන්න නෙවෙයි
ආධාර දෙන්න ඕන ලැබිය යුතු අයට මිසක් ඔහේ බෙදාගෙන යන්න නෙවෙයි. අතිරික්ත බඩු තොගයක් ලැබුණොත් ඒක විධිමත්ව ගබඩා කරලා තිබ්බා කියලා ඒක වැරැද්දක් වෙන්නේ නෑ. මෙතන නිර්දේශ දෙන්න එන්නේ ප්‍රායෝගිකව ආයතනවල උද්ගතවෙන තත්ත්වයන් ගැන අවබෝධයක් නැති ඔය ප්‍රාදේශීය දේශපාලුවො වගේ අයව යවන උන්දැලව තමයි.