(පුෂ්පකුමාර ජයරත්න)
කොහුබත් ඇතුළු විවිධ අපද්‍රව්‍ය යොදා සකස්කරන ලද කසල තේ කන්ටේනරයක් අපනයන කිරීම සඳහා කොළඹ වරයාට රැගෙන යමින් සිටියදී අද (23) මාවතගමදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි.
එම කන්ටේනර් රථයේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇත.මාවතගම-කුරුණෑගල මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා මෙම වැටලීම සිදුකර තිබිණි.
සූදානම් කර තිබූ තවත් කසල තේ තොගයක් සමග මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු ද රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව මාවතගම සිංහපුර දී සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම අපද්‍රව්‍ය සමග විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍රකර නියම තේ කුඩු ලෙස වරණගන්වා ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් “ලෙස ලේබල් කර විදෙස් රටවලට අපනයනය කිරීමේ ජාවාරමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.