(ඉන්දිකා රාමනායක)
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ අවස්ථාවේ විද්වත් වෘතිකයින්ගේ සංගම් ශාලාව (ඕපීඒ) වටකර ඇත.
පොලිසිය රයන් අත්අඩංගුවට ගැනීමට උත්සහ ගත් අවස්ථාවේ ඔහු එම ගොඩනැගිල්ල වෙත දිව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ එකම බුද්ධිමත් දැනමුත්තෝ කොට්ටාශය මේ පෙරළිකාර සිසුන් කියලානේ ඒගොල්ලන් කියාගන්නේ. තමන්ගේ දෙමව්පියන්ගේ හදපු වඩාපු ණයවත් ගෙවන්න බැරි කට්ටිය රටේ මිනිස්සු හදන්න යනවා.
රජයේ දේපල විනාශ කිරීමට දිය හැකි උපරිම දඩුවම වන අවුරුදු විස්සක් හිරේට දැමිය යුතුය.
මුකවාඩම් බැඳ එකෙකු නසන කල දනිව් සුවහසක් යලි උපදින බව
මහා වීරයෝ වගේ රජ ටෝක්ස් දෙනවා. තවත් අහිංසක සිසුන් තොගයක් මුලා කොට ඔවුන්ගේ අනාගතයත් විනාශ කරනවා. තමන් ඉගෙන ගන්නෙත් නැහැ. ඉරිසියාවෙන් පෙළෙමින් අනුන්ට ඉගන ගන්න දෙන්නෙත් නැහැ. අනුන්වත් නීතිවිරෝධී වැඩවලට පොළඹවනවා. ඒ වුනාට නීතිය ඉදිරියේදී නීතිය මග හරිමින් හැංගෙනවා. තමන් කරන්නේ,කලේ හරිද සාක්ෂියට එකඟ සත්‍යවාදී වැඩ නම් දුවල හැංගෙන්න ඕන නැහැ. එවැනි පුද්ගලයකුට සත්‍යට මුහුණ දෙන්න ආත්ම ශක්තිය ඉබේම ලැබෙනවා. නමුත් තමන්ගේ යටිහිත දන්නවා තමන් කරන කියන, කල කීව දේවල් අසාධාරණ බව සහ වැරදි සහගත බව. ඒකයි නීතියට මුහුණ දෙන්න බැරිව පලා දුවන්නේ.දැන්වත් තමන් වැටිලා ඉන්න මුලාවේ තරම සිහියට ගෙන තමන් දේශපාලන සහ අන්තවාදීන්ගේ අතකොළුවක් වී ඇතිබව තේරුම් ගෙන ඉගනගන රටට වැඩ දායක මිනිහෙක් වන්න.
මුදලාලිලාට සින්න වෙන්න යන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන නුබ මෑත කාලයේ වීරයෙකි, අනාගතයේ දවසක එක කියවේවි, අද බොහෝ අයට නොතේරුනාට නුබල කරන සටන රටේම දරුවන් වෙනුවෙන් බව අපි දන්නවා,
අනේ දෙවියනේ මේ කොල්ලෝ ඉර ඉල්ලුවද හද ඉල්ලුවද. රජය පෙරලලා බලය ගන්න බැලුවද. බලධාරින් තේරුම් ගනිත්වා. මේ විශ්ව විද්‍යාල කොල්ලෝ සියලු දෙනා ජීවිතය දිනා ඉවරයි.. අනාගතය හැදී ඉවරයි. සාර්ථකත්වයේ දොරගුළු ඇරගෙන ඉවරයි. එසේනම් ජීවිතය පරදුවට තියල තම අනාගතය උගසට තියල, ඉල්ලන්නේ මොනවද? කියන්නේ මොනවද,,,තම අනාගත පරපුර උදෙසා සියල්ල සුදානම් උනේ අතීතයේ මෙවන් සටන් කර ජයගත් සිසු පරපුර නිසා ඉතින් අද වර්තමානය මේ උත්සාහය තම අනාගත ඉදිරි පරම්පරාව උදෙසා නිරවුල් මගක් පාදා දෙන්නයි. බලධාරින් සවන් නොදෙන්නේ ඇයි
රයන් අපි ඔබ තනි නොකරමු !
තවත් ළමයි දේශපාලන අතකොලු කරගෙන අමාරුවේ දාන්න එපා.
එතකොට උතුරු මැද පළාත්සභාවේ ගෝරි දාගෙන සෙන්කොලේ ඉදල කැඩුනේ රාජ්‍ය දේපල නෙවෙයිද? සමහරවිට ඒ සටන් කරන්න ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙන්න ඇති.
ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශයට පහරදී රාජ්‍ය දේපල ඇත්තටම විනාශ කලේ කවුද? පොලිසියට සාක්ෂි නැහැ කියන්නේ ඇත්තද?. රටේ අනාගතය වෙනුවෙන් සටන් වදින රයන් ලා තවත් බිහිවේවා. ඇයි බලධාරීන්ට මේවා නොඇසෙන්නේ. පාලකයෝ බිහිරිද? අන්ධයිද?
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන රයන් ඇතුළු ඔබට ජාතියේ ප්‍රණාමය. පක්ෂ පාට ගැන හිතලා මේ අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන පහත් කරන්න එපා. මේ බුද්ධිමතුන් සටන් කරන්නේ ලක්ෂ 120කට විකිනෙන දොස්තර උපාධියට විරුද්ධවයි.
මුන්ව හිර ගදරට යවන්න ඕනේ .අනිත් ලමින්ටවත් ඉගනගන්න
ඔව්, අපි දැක්ක එෆ්.බී. එකේ සම්පූර්ණ වීඩියෝ එක. ආණ්ඩුවේ මැරයෝ ඇවිල්ලා එතන නටපු නාඩගමත් දැක්ක. රටම දන්නවා දැන් සුදු වෑන් නොම්මරෙයි ඒකෙ ආපු මැරයොයි ගැන....
මෙතැන සියිටම් එකට කඩේ යන දේස ද්‍රෝහියෙක් ඉන්නවා