(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද(25) පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා තම වර්ජනය අත්හිටුවන බව ඔහු කීවේය.
ඒ අනුව පසුගිය දා ඇතිවූ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති 2ක් ඇතුළත ඉදිරිපත් කිරීමටත්, එම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීම හා කනගාටුව ප්‍රකාශ කිරීමටත්, දැනට අත්අඩංගුවේ පසුවන සිසුන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ඉටුකොට සාධාරණය ඉටුකිරීමටත්, සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතාවයන්ට බාධා හා හිරිහැර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටත් එම සාකච්ඡාවේ දී එකඟත්වය පළවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල ස්ට්‍රයික් එක දිගටම ගෙනියන්න, රටේ සාමාන්‍ය මිනිස්සු ඔයාලගේ ටයි ගලවල ගහන දවස වැඩි ඈතක නැහැ
සාකච්චා සාර්ථක නම් 4:00 වෙනකම් ඉන්නෙ මොකටද ?
ඔව් ඉතින් 4 ට පුද්ගලික පුහුණුවීම් පටන් ගන්නවානේ..
ඉතින් පස්වරු 4න් පස්සේ පුද්ගලික සායන වලට යන්න එපැයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න. ඔබලාට උඩ ඉන්න දෙයියෝ වෙලාවට දඩුවම් දෙයි.
හොඳ වෙලාවට 4ට නැවැත්තුවේ, නැත්නම් 5ට චැනල් පටන්ගන්න බැරිවෙනවා.
රට පාලනය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය . ආණ්ඩුව මොනතරම් අසරණද? අපේ රටට ඕන යම පාලන ආණ්ඩුවක්. කුණු ප්‍රශ්නය , ඩෙංගු ප්‍රශ්නය සයිටම් .බැදුම්කරය විසදීමට.
4 ට අවසන් කරේ චැනල් වලට යන්නද?
දේශපාඥයන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නෙ නැතුව නිවැරදි තීරන ගන්න ඔබලාගේ බලය පෙන්නපු එක ඉතා හොඳයි. SAITM එකට වෙන්නෙත් අකුලා ගෙන ගෙදර යන්න මිසක් හොර දොස්තරවරු හදන්න නෙමෙයි. ජය වේවා වෛද්‍යවරුනි ඔබලාගේ මෙම අව්‍යාජ උත්සාහයට. අඩු බුද්ධිමතුන් ප්‍රමානයක් සිටින අප රටේ ඒ බුද්ධිමත් ජනතාව සැමදා ඔබලත් සමගයි. ඔබලාට හෙන ඉල්ලන, ගරහන, නින්දා කරන, කිසිදා ලෙඩක් හැදෙන්නෙ නැතිව වගේ කතා කරන, ලෙඩක් හැදුනත් කිසිමදාක රජයේ රෝහලකට නොයන, පෞද්ගලික රෝහල් වලට බඩ ගාන ගමන් ඒවාටම බනින එහෙත් රජයේ රෝහලකට නොයන බොහෝමයක් කොතෙක් බැන්නත් ඔබලාගේ ගමන නවත්තන්න නැතුව දිගටම යුක්තිය වෙනුවෙන් හඬ නගන්න. ඒ වෙනුවෙන් කතා කරන්න.