(රංජන් කස්තුරි)
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් නිසි විසඳුමක් නොලැබුණූ බැවින් අඟහරුවාදා (25) පෙරවරු 8 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට අදාලව රජය අපක්ෂපාතී ක්‍රියාමාර්ගයක් නොගැනීම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට පිළිගත හැකි සභාපතිවරයකු පත්කිරිමට පියවර නොගැනීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රිමිතිය ගැසට් නොකිරිම, සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම යන කරුණු මුල්කරගනිමින් එම වර්ජනය දියත් කරන බවද වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මාතෘ හා ළමා රෝහල් පිළිකා රෝහල්,හදිසි අනතුරු අංශ,හදිසි ප්‍රතිකාර ඒකකය,ඩෙංගු ප්‍රතිකාර ඒකකවල රෝගී සත්කාර සේවා බාධාවකින් තොරව සිදු කරන බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුනි, චැනල් වලට ඔබලා ආවොත් ඇති. දවල්ට වෙන ව්‍යාපාරයක් කරන්න. අපි ඔබතුමන්ලාට සහයෝගය දෙන්නම්.
දොස්තරවරුද නැතිනම් මස්කඩ කාරයෝද? රටේ මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන රටේ මිනිසුන්ටම වින කරනවානේ... අනේ මන්දා..
මේ කරන වැඩවලට හෙන වදින්නත් පුළුවන්නේ...
ජයවේවා නිසි අවධානය බලධාරින්ගේ යොමුවේවා!!! රාජිත මහත්තයට ජී.එම්.ඕ.ඒ. පිහිටයි.
මීට හොඳයි මීහරක් ටිකක් දොස්තරලා වුනානම්. වැඩේ හරියට කරයි.
මේ දොස්තරවරු ලෙඩ්ඩුන්ට තියන ආදරේ ඉතින් අපේ අම්මා, තාත්තට වත් නෑ. ඔක්කොම යවන්න ඕනේ ගෙදරම තමයි.
ඔය දාල තියෙන හේතු වලට ලෙඩ්ඩු වගකියන්න ඕන මොනව හරි තියෙනවද?
ජනතාවනි අපි එක්වෙමු. දුප්පත් අප වෙනුවෙන් දොස්තර මහත්ම මහත්මීන් කරන මේ ජනතා අරගලයට අපිත් උදව් කරමු. හොර දොස්තරවරුන් බිහි කරන උපාධි කඩ වසා දමා අපේ ජීවිත ආරක්ෂා කර ගනිමු. අපේ දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ටික ආරක්ෂා කර ගනිමු. සල්ලිකාරයන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුණට අපට ඇත්තේ රජයේ විශ්ව විද්‍යාල ටික විතරක් බව මතක තියා ගන්න.
කරුණාකර දොස්තරලාට අවුරුදු පතා අලුත් කරන්න සිදුවන වෘත්තීය බලපත්‍රයක් නිකුත් කරන්න. වෙනත් දියුණු රටවල එහෙමයි. දොස්තර ඕන ඕන හැටියට වර්ජන කරන්නයි තර්ජන කරන්නයි ගියොත් ලයිසන් අහෝසියි. මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්නකන් අපේ රටේ බදු මුදල් උසස් අධ්‍යාපනයට නෙවෙයි මොන්ටිසෝරි අධ්‍යාපනයට යොදවන්න.
දැන්නම් පහර කෑමට ආසන්නයි වගෙයි...
විනයක්, සදාචාරයක් නොමැතිව ලබන ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපනයේ තවත් එක්තරා මිලේච්ච පැතිකඩක් තමයි මේ. උනපුරුකේ දැම්මත් "බලු වලිගෙ ඇදය අරින්න බැහැනේ" කියන කතාව මතක් වුණා. මුදල් ගෙවලා බෙහෙත් ගන්න බොහෝ අයත්, හූවකට මහපාරට බැහැලා රැලේ එකෙක් වෙලා රැලේ පෙරමුණ ගන්න පොරකන්නෙත් ඒ අසම්පුර්ණ අධ්‍යාපනය තුලින්ම ලැබෙන තවත් එක දායාදයක් තමයි. කොරහේ කිඹුල්ලු දකිනවා වෙනුවට, කිඹුලාගෙනුත් වැඩක් ගන්න බලන්න මිනිසුනේ...
මේක දැන් ඉතාම සෝචනීය විහිළුවක් වෙලා
මම අද ඉදන් සල්ලි ගොඩක් හොයන ක්‍රමයක් හිතමු. ඔය ජීවත්වෙලා ඉන්න ගේ හරි උකස් කරමු. තව අවුරුදු විස්සකින් විතර ළමයෙක් උසස් පෙල වයසට ආවාම ඒ ළමයට මහන්සි වෙලා ඉගෙනගන්න දෙන්න එපා. කැමති විදිහට ඉන්න දෙමු. මොකටද බොරුවට දුක් විදින්න දෙන්නේ. නිකං ඉගෙනගන්න තියෙන රජයේ පීඨ වැහිලා ගියත් අපිට මොකද?නිකං ඉගෙනගන්න ඕන නෑ. සල්ලි වියදම් කරලම ඒ වැඩේ කරමු. අපි දාමු ළමයින්ව සයිටම් එකටම. මම නම් එහෙමයි කරන්න හිතන් ඉන්නේ. බැරි අයගෙ දරුවෝ මොකක් උනාම මොකද?
සයිටම් මුදලාලිගේ බලධාරීන් යට වුනාට දොස්තරමහතුනි සටන දිගටම ගෙනයන්න ඔබට අපේ සහය.
මේ අය ඉල්ලන්නේ රජය පෙරලා දමා නැවත පසුගිය පාලකයෝ බලයට පත් කරවන්න නේද ?
සයිටම් විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න පත්‍රම වෙනවනම් හොදයි.
දොස්තරවරු රජය කරන කියන හැමදෙට විරෝධය පාන්නේ මහජනතාවට ප්‍රතිලාබ ලැබෙන්නේ නැති බව පවසනවා රටේ සැම පුද්ගයකුම වගකීම බදු ගෙවීමට වගකීමක් දොස්තරවරු බදු ගෙවන්නේ කීදෙනාද ජනතාවට ඔය තරම් අනුකම්පාවක් තිබෙනවානම් ඔබේ වගකීම ඉෂ්ට කරන්න
සිංහල ජාතිය කවදා හෝ වඳවී විනාශ වෙන්නේ, ඔවුන් තුල පවතින දැඩි අඥාන, කුහක සිතිවිලි තුලින් සිදුවන ක්‍රියාකාරකම් වලින් බව පැහැදිලියි. දොස්තර රෝගියාගේ ජීවිතය මුදලට තීරණය වන රටේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන විරෝධය දැක්වීම හාස්‍යට කරුණක්. ඒක එහෙම වුනාට මේක සිරි ලංකාවනේ නේද? ජනතාව රැස් කරන්න නරි හුවකුත් හොඳටම ප්‍රමාණවත්.
රජයේ දේපොළ විනාශ කිරීම අත්අඩංගුවට ගතයුතු වරදක්. අපේ tax සල්ලි විනාසකරලා තවත් එනවා සුදාන වෙන්න. මේ විනාසකරපු සල්ලි වලින් බෙහෙත් ගෙන්නුවානම් කීයක් එයින් ජීවත්වෙනවද. අලාබෙ මෙයාට ගෙවන්න කියන්න.
'රෝගියා අපේ පරම සම්පතයි .අපි ඔවුනට නමස්කාර කලුතුය ,ගරු කල යුතුය . ඔවුන් නිසා අප හැමට රැකියාවක් ඇත.ඒ වාගේම ඔවුන් අප කෙරෙහි ඇති විශ්වාසයට අපි නමස්කාර පූර්ව කෘතවෙදිවෙමු. අපි ඔවුනට ණයගැතිය.අපි ඔවුන්ගේ සේවාදායකයෝය' ' සුමනසීල ද සිල්වා ,ප්‍රසව නාරි විශේස වෛද්‍ය .
වෛද්‍ය සංගමය කරන අසත්පුරිස වර්ජනය නිසා ඔවුන්ගේ පවුල් වල ඒවුනත් ඩෙංගු හැදී වලපල්ලටයන්න කියා සාප කරයිද දන්නෑ.
මී දොස්තරලා හිටපු එ්කාදිපතියා.බලයට ගේන්නයි හදන්නේ.ලෙඩ්ඩුඋන්ට වාරු නැතුවත් හැර මිටි පහර දෙන දවස ලඟයි.
කන්න ලගය ......කෑ යුතුය
ඔය වර්ජන තර්ජන පිටුපස්සේ තියෙන්නේ ඉරිසියාවයි කුහකකමයි. අමුතු ලෙඩක් ලංකාවේ දොස්තරලට. ඉස්සෙලම බෙහෙත් දෙන්න ඕන ඒකට.