IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සාකච්ඡා අසාර්ථකයි-ඛණිජ තෙල් වර්ජනය දිගටම

(රංජන් කස්තුරි)

ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර අද (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.

සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ලංකාදීපයට පැවසීය.

වැඩවර්ජනය අතහැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා යෝජනා කළ නමුත් ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයින් එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කීය.

වැඩවර්ජනය නතර කළ හැක්කේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයි එහිදි වෘත්තීය සමිති නායකයින් අමාත්‍යංශ ලේකම්වරයාට සහ සභාපතිවරයාට දැන්වූ බවද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.



අදහස් (19)

සාකච්ඡා අසාර්ථකයි-ඛණිජ තෙල් වර්ජනය දිගටම

de silva Tuesday, 25 July 2017 01:53 PM

ඛණිජ තෙල් බෙදාහැරීමට තව තවත් පෞද්ගලික අංශයට ඉඩ ලබාදිය යුතුය. රජයට ව්‍යාපාර කල නොහැක.

:       1084       1127

aravinda Tuesday, 25 July 2017 02:00 PM

මේ වර්ජකයන් අයින්කොට ඒ රැකියා අද රැකියා රහිතව ඉන්න උපාදිධාරීන්ට ලබා දෙන්න.

:       1087       668

nishantha Tuesday, 25 July 2017 02:32 PM

හරි ආණ්ඩුවක් නම් මේ වෙලාවේ කල යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවම අත්‍යාවශය සේවයක් ලෙස වහා ගැසට් කර හමුදාව යටතට පත් කිරීමයි. එවිට එය පුර්වාදර්ශයක් වේවි ඉදිරියේත් ඇති විය හැකි අනවශ්‍ය කඩාකප්පල්කාරී වර්ජන නිමා කරන්නට...

:       945       1180

ravinTuesday, 25 July 2017 07:28 PM

උදේ වෙද්දී වැඩේ කරලා ඇති

:       15       64

ගයාන් Wednesday, 26 July 2017 02:09 AM

මෙයාලා වර්ජන කරන්නේ රටේ සම්පත් ටික විකුණන එකට මිසක් ආසාවට නෙවෙයි.වර්ජන කරදරයක් තමයි මමත් පැය ගාණක් පෝලිම් ඉඳලා තෙල් ගහගෙන ගියේ. .රජය මිනිස්සු ගැන හිතනවා නම් රට විකුණන එක නවත්වන්න ඕනි .එතකොට වර්ජන නෑ.ඔය කියන විදියට කවදාහරි හමුදාවත් විකුණලා දැම්මා කියමුකො එතකොට එතකොට කාටද ඕව කරන්න භාර දෙන්නෙ ??වර්ජන වලට විසඳුම් දෙනවා මිසක් ,පැලැස්තර දාලා හරි යන්නේ නැත .

:       311       1380

indikaWednesday, 26 July 2017 03:30 AM

හරියට හරි!. මේ මිනිස්සු පඩි වැඩි කරන්න කියල නෙවේනේ කියන්නේ.

:       20       144

මම1Wednesday, 26 July 2017 02:38 AM

අන්න ඒක වෙලා

:       95       49

Ananda Tuesday, 25 July 2017 04:35 PM

ඔබට සතුටුයිද දැන්?

:       6       225

sarath Tuesday, 25 July 2017 05:23 PM

කොහොමද රට විකුණන්නේ නැතිව රට බේරා ගන්නේ?

:       16       213

sara Tuesday, 25 July 2017 08:47 PM

අරවින්ද ඒගොල්ලොත් වර්ජනය කරන කොට ?අනෙක තෙල් උපාධි ධාරියෝ ඉන්නවද ?

:       34       5

lalith Tuesday, 25 July 2017 10:06 PM

අවුරුදු ගණනාවක් විරුද්ද පක්සේ උන්නු නිසා රට කරවන හැටි අමතක වෙලා. මේපාර නම් වැඩේ අනාගෙන වගේ?

:       2       150

shantha Tuesday, 25 July 2017 11:18 PM

බොර තෙල් ගෙනෙල්ල පිරිසිදු කරනඑක ලාබ එකක්ද කියල හොයල බලන්න ඕන. හොරකම, නාස්තිය, පිරිවැය වැඩිනම් සිංගපූරුවෙන් ඉන්දන ගෙනෙන එක ලාබ වෙන්න පුළුවන්. ඔස්ට්‍රලියාවත් පිරිසිදු කල ඉන්දන සින්ගපූරුවෙන් ගෙනෙන්නේ. ආයතනය ආණ්ඩුවට අයිති වෙනකොට වැඩ කරන අයට හොරකම් හා වැඩවර්ජන කරන්න හිතෙනවා

:       1       10

Silva Wednesday, 26 July 2017 12:35 AM

JRJ මතු බුදු වේවා ....1980 සාදාරන බව වර්තමානය විසින් යලි යලිත් ඔප්පුකර ඇත

:       254       307

Kumara Australia Wednesday, 26 July 2017 03:07 AM

අසරණ මිනිසුන් තවත් අසරන කරන දොස්තරලටත් පාඩමක් උගන්වන්න.

:       126       165

Praba Wednesday, 26 July 2017 03:11 AM

88 JR කලා වගේ ඕකුන් එලවල දාල අලුත් අය ගත්ත නම් ආයේ අවුරුදු පනහකට වර්ජන නැහැ. තර්ජන ගර්ජනත් නැහැ. ආණ්ඩුවකට කොන්දක් නැතිව වැඩ කරන්න බැහැ. ආණ්ඩුවක් බලන්න ඕන කෑගහන කීපදෙනෙක් ගැන නෙවෙයි. සමස්ත ජනතාව සහ රටේ ආර්ථිකය ගැන. ඒවාට පාඩු වෙනවනම් කෙලින් තීරණ ගන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපල බයානකයි. ඔය කෑගහන එවුන්වත් උන්ට උල්පන්දම් දෙන උන්වත් රටේ ආර්ථිකයට ජනතාවට වෙන පාඩුවට වග කියන්නේ නැහැ. ආණ්ඩුව ඒකට වගකිව යුතුයි. ජනතාව ආණ්ඩුව පත්කරගත්තෙත් ආණ්ඩුවෙන් බලපොරෝත්තුවෙන්නෙත් ඒකයි.

:       237       215

theshanWednesday, 26 July 2017 03:39 AM

මේ ආණ්ඩුව හොඳ වැඩි. එකී මෙහෙම දඟලන්නේ. හර්ර්ය් ජයවර්දන මහත්මය මේකේ ඉන්නකොට මේ එකෙක්වත් දන්ගුල්වේ නැහැ, දගලන්න ඕං නිසා එයාව එලව හ්ගත්ත.

:       156       101

indika Wednesday, 26 July 2017 03:34 AM

එහෙම බැරිනම් ඇයි බාරගත්තේ? අනිත් එක ඔය දැන් ඉන්න මහා එවුන් හොරකන් කරන එක නවත්තුවනම් හුඟක් දුරක් පුළුවන්. අනිත් එක ගිය ආණ්ඩුව නය ගත්තට රටට පෙන්න වැඩක් කරා. සංවර්දනය කරා, යුද්දේ කරා. මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට ගත්ත නය කන්න්දරවට මොකද උනේ?මහින්ද රට බාරදෙනකොට මුළු නය බිලියන 7000 ගානක් දැන් මේ අවුරුදු 2 කට තව බිලියන 2000 කටත් වැඩියෙන් අරගෙන!

:       70       435

asiri Wednesday, 26 July 2017 03:39 AM

අනිවාර්යයෙන්ම තවත් සමාගමකට තෙල් බෙදා හරින එක ලබා දෙන්න. යුනියන් කාරයෝ නෙවෙයි රටක තීන්දු තීරණ ගන්න ඕනේ

:       340       213

SKDWednesday, 26 July 2017 08:22 AM

අපිට පෙට්‍රල් නැති වුණාට ඒ අය වැඩ වර්ජනය කලේ ඒ අයගේ පඩිය වෙනුවෙන් නෙවෙයි. රටේ සම්පත් විකුණනවට විරුද්දව.

:       1       143

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site