කසළ කෑමට එන වනඅලි වැඩිවී අම්පාරවැසියන්ගේ දිවි අනතුරේ අම්පාර නගර සභාව මගින් පාලනය කරන කසළ එකතුකිරීමේ මධ්‍යස්ථානයේ කසළ නිසි අයුරින් ප්‍රතිචක්‍රීකරණය නොවීමෙන් එම ස්ථානයට පැමිණෙන වන අලි සංඛ්‍යාව වැඩිවී ඇති බවත්, අලි ගම්මානයේ නිවාසවලට හානිකරන බැවින් ජීවත්වීම අනාරක්ෂිත බවත් ප්‍රදේශවාසීහු පවසති. 19 June 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරුවන් 5ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ ඉහළ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(19) බඹරු ඇනීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි. 19 June 2019
තරුණියකට තර්ජනය කර මුදල් ලබාගත් තරුණයා අල්ලයි තර්ජනය කර බියගන්වා වරින්වර තරුණියකගෙන් මුදල් ලබාගත් තරුණයෙකු කළුතර නගරසභාව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 19 June 2019
මුදල් කොල්ලකෑමට තැත් කළ කල්ලියක අයෙක් අත්අඩංගුවට මොරගහහේන ඉහළ මිල්ලෑව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මවකට සහ පුතුට ගිනි අවි එල්ල කර මුදල් කොල්ලකෑමට උත්සාහ කළ කණ්ඩායමක සාමාජිකයකු අද(19) පයාගල මැහිමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 19 June 2019
නියඟයෙන් උතුරේ ලක්ෂ 2 ක් පීඩාවට පවතින වියළි කාලගුණය නිසා උතුරු පළාතේ පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබේ. 19 June 2019
ගාල්ල බන්ධනාගාරයට නව ප්‍රධාන ජේලර්වරයෙක් ගාල්ල බන්ධනාගාරයේ නව වැඩබලන ප්‍රධාන ජේලර්වරයා ලෙස එල්.පී. පේරුසිංහ මහතා පත් කර ඇත. 19 June 2019
සෙල්ෆි ගැනීමට ගොස් අතුරුදහන් වූ සෙබළාගේ සිරුර සොයාගනී උණවටුන සාම චෛත්‍යය අසළ මුහුදේ ගලක් මත නැගී සෙල්ෆි ගැනීමට යාමේදී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ හමුදා සෙබළාගේ මළ සිරුර අද (18) උණවටුන ජංගල්බීච් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව හබරාදුව පොලිසිය කියයි. 18 June 2019
රිය අනතුරකින් වියපත් කතක් මරුට මුල්ලේරිය අංගොඩ ටයර් කඩය හන්දිය අසළදී අද(18) ලංගම බස් රථයකට යටවී වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය කියයි. 18 June 2019
ත්‍රිරෝද රියක් නිවසකට කඩා වැදී අයෙක් මරුට වයෝවෘද්ධ පුද්ගලයකු පඳවාගෙන ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම කලුතර මාර්ගයේ දී අද (18) නිවසකට කඩා වැදී එම පුද්ගලයා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. 18 June 2019
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා විමර්ශන බාලවයස්කාර 12 හැරිවිදි පෙම්වතිය දෙවරක්ම අපයෝජනය කර පලා ගොස් ඇති 27 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 18 June 2019
කුට්ටිගල සුසානභූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත්‍ර දුන්නැයි විරෝධතාවක් ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ නිලධාරීන් විසින් කුට්ටිගල තෝරගල පොදු සුසාන භූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත්‍ර ලබාදී ඇතැයි ප්‍රදේශවාසීහු කුට්ටිගල සතිපොළ ප්‍රදේශයේදී අද (18) දින විරෝධතාවයක නිරත වූහ. 18 June 2019
රිය අනතුරකින් පියා මරුට: දියණිය - බිරිඳ රෝහලේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී අද (18 ) සිදු වු රිය අනතුරකින් සැමියා මියගොස් බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 18 June 2019
සබරගමුවේ නවක ගුරුවරු 130 ක් හෙට පත්වීම් ලබති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා විෂයයන් ඉලක්ක කර ඉගැන්වෙන භූගෝල විද්‍යාව, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් පුරප්පාඩු පවතින සබරගමු පළාත් සභා පාසල් සඳහා එම විෂයයන් ඉගැන්වීමට නවක ගුරුවරු 130 දෙනෙක් හෙට (19) පත්වීම් ලබති. 18 June 2019
පෝද්දල ආදාහනාගාරය ඉදිකිරීමට ගම්වාසීන්ගේ විරෝධය බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් පෝද්දල රජයේකන්ද නම් ඉඩමේ ආදාහනාගාරයක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ගම්වාසීහු පිරිසක් කලේගාන මංසන්ධියේ සිට සභා භූමිය දක්වා පැමිණ අද(18)විරෝධතාවක නිරතවූහ. 18 June 2019
නාඋල ජලාශයක පුද්ගල මළසිරුරක් නාඋල පොලිස් වසමට අයත් නාලන්ද පාලම අසළ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද(17) සොයාගත් බව නාඋල පොලිසිය කියයි. 17 June 2019
ලක්ෂ 4ක මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට වැටලීමකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කර පහරදීමට තැත් කළ පිළියන්දල මඩපාත නිවාඩු නිකේතනයක හිමිකරු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 17 June 2019
කලවාන රෝහලේ කාර්ය මණ්ඩලය නිහඬ විරෝධතාවක කලවාන මූලික රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අද(17) කලවාන නගරයේදී නිහඬ විරෝධතාවක නිරත වූහ. 17 June 2019
ලංවිමෙන් පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ඇප් ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජංගම දුරකථන සඳහා භාවිත කරන ඇප් (Mobile App) හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද(17) පැවැත්විණි. 17 June 2019
උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ පුහුණුවක් උපාධිධාරීන් දහසකට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් එම ක්ෂ්ත්රයේ රැකියා සඳහා යොමුකිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. 17 June 2019
දරුවකු අපයෝජනය කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ් අවුරුදු 7ක පිරිමි දරුවෙකු බරපතල අපයෝජනයකට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියකු ජුනි 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද(17) නියම කළාය. 17 June 2019
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු මඩකලපුව පුදුකුඩිඉරිප්පුහි විශේෂ කාර්ය බලකාය මගින් අද(17) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 17 June 2019
වසරකට පෙර පලාගිය සැකකරුවෙකු ලක්ෂ 3ක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි මත්ද්‍රව්‍ය අලෙවිකිරීම සම්බන්ධයෙන් වසරකට පෙර කළ වැටලීමකදී පලා ගිය සැකකරුවකු සහ ඔහුගේ සොහොයුරා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මත්ද්‍රව්‍ය සමඟ කටුබැද්ද ක්‍රීඩාංගණය අසළදී අද(17) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි. 17 June 2019
කම්හලක අපජලය ඇළකට දැමූ රියදුරා අත්අඩංගුවට කම්හලකින් බැහැර වන අපජලය බවුසර් රථයකින් ප්‍රවාහනය කරමින් අද(17) කොළඹ මහනුවර මහා මාර්ගයේ දං ඕවිට ප්‍රදේශයේදී ඇළ මාර්ගයකට මුදාහැරීමේ යෙදුණු රියදුරා අත්අඩංගුවට ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 17 June 2019
යුද හමුදාවේ 160 කට බුද්ධගයා වන්දනා චාරිකාවක් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 160 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ බුද්ධගයා වන්දනා චාරිකාවක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කර තිබේ. 17 June 2019
ගසක අත්තක් කඩා වැටී කොස්තාපල් රෝහලේ විජිතපුර විහාරස්ථානය අසළ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී මාර ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත. 16 June 2019
රිය අනතුරකින් තරුණයෙක් මරුට දික්කුඹුර සිට කහද දිශාවට දික්කුඹුර හබරාදුව මාර්ගයේදී කැබ් රථයක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත්‍රි රෝද රථ රියැදුරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව අහංගම පොලිසිය කියයි. 16 June 2019
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තීරණයක් 2019 අයවැය යෝජනාව මඟින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත. 16 June 2019
ගසක අත්තක් කඩා වැටී කතක් මරුට හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද(16) මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි. 16 June 2019
රන්දෙණිගල ජලාශයට යාබද රක්ෂිතයේ ගින්නක් රන්දෙණිගල - මහියංගන ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයේ ගින්නකින් අද (16) අක්කර 03 ක පමණ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 16 June 2019
සෙල්ෆි ගැනීමට ගිය අයෙක් රළ පහරට හසුවී මරුට විනෝද චාරිකාවක් සඳහා හබරාදුව පොලිස් වසමේ උණවටුන ජංගල් බීච් වෙරළ තීරයට අද (16) පැමිණි සිව්දෙනෙකු සෙල්ෆි ඡායාරූප ගැනීමට ගලක් උඩට නැගීමට කළ උත්සාහයේදී රළ පහරකට ගසාගෙන ගොස් ඇති අතර එයින් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇත. 16 June 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025