(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
විනෝද චාරිකාවක් සඳහා හබරාදුව පොලිස් වසමේ උනවටුන ජංගල් බීච් වෙරළ තීරයට අද (16) පැමිණි සිව්දෙනෙකු සෙල්‍ෆි ඡායාරූප ගැනීමට ගලක් උඩට නැගීමට කළ උත්සාහයේදී රළ පහරකට ගසාගෙන ගොස් ඇති අතර එයින් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇත.
මුහුදේ ගසාගිය දෙදෙනාගෙන් කාන්තාවකගේ මළ සිරුර නාවික හමුදාව මගින් ගොඩට ගෙන තිබෙන අතර අතුරුදන් යුද හමුදාවේ සේවයේ නියුතු අයකුගේ සිරුර සෙවීමේ කටයුතු මේ වන විට දියත් කර තිබේ.
මියගොස් ඇත්තේ ගල්කිස්ස පාර මහරගම පදිංචිව සිටි හසිනි ෆොන්සේකා නැමැති 29 හැවිරිදි අයෙකි.
හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd