(රොමේෂ් මධුෂංඛ)
පවතින වියළි කාලගුණය නිසා උතුරු පළාතේ පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබේ.
පීඩාවට පත් වැසියන් වෙනුවෙන් දෛනිකව බවුසර මගින් පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් පියවර ගෙන ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ සෙසු පළාත් පාලන ආයතන එක්ව, පළාතේ පීඩාවට පත් සියලු ජනතාව වෙත පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ජල බවුසර් 25 කින් දිනපතා පවුල් 21,000 කට අයත් පුද්ගලයින් 70,000 අධික පිරිසකට ජලය බෙදා හැරීම සිදුකෙරෙයි.
එමෙන්ම වියළි කාලගුණයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 6400 කට අයත් පුද්ගලයින් 25,000 කට පමණ පානීය ජලය ලීටර් 150,000 ලබාදීම ආපාදා කළමනාකරන ඒකක මගින් සිදු කරනු ලබයි.
කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ පීඩාවට පත් ප්‍රදේශ වෙත පානීය ජල ටැංකි 364 ක් ස්ථාපනය කොට දිනපතා බවුසර් 20 කින් ජලය පිරවීම කෙරෙන අතර පානීය ජලය ලීටර් 25,000 ක් පමණ, දෛනිකව නිවෙස්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 6 ක් තුළම ලීටර් 1000 ජල ටැංකි 40 ක් ස්ථාපිත කර බවුසර් මගින් ඒවාටද ජලය සැපයෙන අතර 50,000 කට ආසන්න පිරිසකට ජලය බෙදා හැරේ.
වව්නියාව දිස්ත්‍රීක්කයට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් පවුල් 39 කටද එක් බවුසරයක් මගින් දිනපතා ජලය බෙදා හැරීම සිදු කරනු ලබයි.
කෙසේ වෙතත් පවතින තත්වය අනුව ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ආකාරයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානද ශක්තිමත් කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නියඟයෙන් උතුරේ ලක්ෂ 2 ක් පීඩාවට