ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 160 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ බුද්ධගයා වන්දනා චාරිකාවක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරටත් සංවිධානය කර තිබේ.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පැවති සාකච්ඡාවලින් පසු, දෙරටෙහි සන්නද්ධ හමුදා සාමාජිකයන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, මෙම බුද්ධගයා චාරිකාව පසුගිය වසරේ දී ආරම්භ කෙරිණි.
මෙම චාරිකාව දින හතරක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් පූජනීය මහාබෝධි විහාරය, අඩි 80ක් දිග බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගනු ඇති අතර රාජ්ගිර් හා නාලන්දා කෞතුකාගාරය නැරඹීමටද එක්වනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාපතිගේ විශේෂ ඉල්ලීමකට අනුව ඉන්දියානු හමුදා කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති අතර ඔවුන් දිවයිනේ වැදගත් ස්ථානවල සංචාරය කිරිමට නියමිතය. ඔවුන් මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීම හා ගාල්ලේ සංචාරය කරනු ඇත.
මෙතරම් විශාල ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ සංචාර වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවේ සී-17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා ලබා දී තිබේ.
සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන වෙත සිදුකෙරෙන සංචාරවලට අමතරව හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ද ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය හමුදා සාමාජිකයින් පිළිගැනීමට හා ඉන්දියාව බලා පිටත්වෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට සමුදීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd