කරුවලගස්වැව ග්රාම නිලධාරී වසම් 7කට ජලය බෙදාහැරේ
මේ දිනවන පවතින නියං තත්වය හේතුවෙන් කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් 26කින් 7ක, පවුල් 1,137ක, පුද්ගලයන් 3,348ක් සඳහා බවුසර මගින් පානීය ජලය බෙදා හරින බව කරුවලගස්වැව ප්රාදේශීය ලේකම් කාර්යාලය කියයි.