(අශෝක තිලකරත්න)
හම්බන්තොට පහළ අන්දරවැවදී වන අලියෙකුගේ පහරදීමකින් අද (23) ගොවියෙකු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ හම්බන්තොට, පහළ අන්දරවැව පදිංචි කරුණා හීන්දලයාගේ සෝමපාල නමැති 57 හැවිරිදි අයෙකි.
ඔහු කිරි දෙවීම සඳහා ගවගාලට යමින් සිටියදී අලියාගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd