IMG-LOGO

පුත්තලම මහවිල්ව වැවේ සෙබළකුගේ මළසිරුරක්

(රෝවන් පෙරේරා)
 
පුත්තලම සිංහ විල්ලුව හමුදා කඳවුර ඉදිරිපිට පිහිටා ඇති මහවිල්ව වැවේ පාවෙමින් තිබූ සෙබළෙකුගේ මළසිරුරක් අද(24) සොයාගත් බව පුත්තලම පොලිසිය කියයි.

මියගිය සෙබළා ඇඳ සිටි නිලඇඳුමේ යුද හමුදා සෙබළකුට ලබා දෙන අංකය සඳහන් වී ඇති බවද, ඒ අනුව ඔහුගේ අනන්‍යතාව සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
 
පුත්තලම යුද හමුදා කඳවුරේ මේ දිනවල ආධුනික සෙබළුන් විශාල පිරිසක් පුහුණුව ලබමින් සිටින බවත් ඉන් සෙබළුන් කිහිපදෙනෙකු කඳවුරෙන් පැන ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි.  

  පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල්  මහතා දේහය පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන ලෙස උපදෙස් දුන්නේය.
 
සෙබළාගේ මරණය දියේ ගිලීමකින් වූවක්ද  නැතිනම් ඝාතනයක්දැයි  පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පුත්තලම මහවිල්ව වැවේ සෙබළකුගේ මළසිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 722 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site