(එච්.චන්දන)
පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලා අංක 82 යටතේ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් විසිරයාම (අද) 22 උදෑසන එම පුහුණු පාසැලේ ක්‍රීඩා පිටියේ පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා සහභාගි විය.
විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණුව ආධුනික සෙබළුන් 245 දෙනා අතුරින් දක්ෂතම වෙඩික්කරු ලෙස ශ්රී ලංකා සිංහ රේජිමේනතුවේ ඒච්.ඒ.සි.කේ හේරත්, සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික ශ්‍රී ලංකා සිංහ රේජිමේනතුවේ සෙබළ එන්.පී.එම්. ජයසිංහ මෙහිදී සම්මාන දිනා ගත්හ.
මෙහිදී පැවති පෙළපාලියේ පෙළ අණදෙන්නා හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස මේජර් ආර.ආර්. පි ලක්සිරි මහතාද කටයුතු කළේය.
මෙම අවස්ථාවට යුද හමුදාවේ නිලධාරීහු රැසක්, විසිර යන ආධුනික සෙබළුන්ගේ මව්පියවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd