(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ නගරයට ඇතුළු වන බෝගහ හන්දිය, උඩවත්ත පාර සහ අගුරුවාතොට මාර්ග අවහිර කරමින් අද(23) හොරණ ව්‍යාපාරිකයෝ සහ ත්‍රිරෝද රථ රියැදුරුවරු පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.
හොරණ නගරයේ වාහන තදබදය මගහැරවීම සඳහා මීට තෙදිනකට පෙර එක් දිශාවකට පමණක් වාහන ධාවනය කෙරෙන මංතීරුවක්(වන් වේ) පොලිසිය විසින් ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වා මොවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
මොවුහු පැය 2කකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදිණහ.මේ හේතුවෙන් එදිනෙදා කටයුතු සඳහා හොරණට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වූහ.
මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් මෙසේ පැවසීය.
“හොරණ නගරයේ වාහන තදබදය මගහැරවීමට එක් මංතීරුවකට (වන් වේ) පමණක් වාහන ධාවනය කරවීමට කටයුතු කළේ අපේ තනි තීරණයෙන් නෙවේ.
ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රිරෝද රථ සංගම්, බස් සංගම්, මහජන නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වලා සියලුදෙනාගේ අදහස් විමසලායි මාසෙකට කලින් සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවට සහභාගී වූ පිරිසෙම සිටි පිරිසක් මේ විරෝධය පවත්වනවා. මහජන සුබ සිද්ධිය පතා කරන කටයුතු වෙනස් කරන්න වෙනවා නම් එය ශෝකයට කරුණක්”
ව්‍යාපාරිකයන්ගේ සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ විරෝධය හමුවේ එම කටයුත්ත තාවකාලිකව අත්හිටුවීමට හොරණ පොලිසිය පියවර ගත්තේය.




2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරණ ව්‍යාපාරිකයෝ - ත්‍රිරෝද රථ රියැදුරුවරු වීදි බසිති