(විජේරත්න රත්නායක )
ඇල්ල හල්පේ පියරපන්දෝව ප්‍රදේශයේ නිවාස දෙකක වැසියන් විහාරස්ථානයක පෙරහැරක් නැරඹීමට ගොස් සිටියදී, නිවාසවලට ඇතුළු වී ලක්ෂයකට අධික රන් ආභරණ සහ මුදල් සොරාගත් බවට සැකපිට පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
සැකකරු එක් නිවසකින් රත්‍රන් මුදු 7ක්, රත්‍රන් අත් පළඳනාවක්, මාල 3ක්ද වශයෙන් රුපියල් 120,000ක් වටිනා රන් ආභරණ සහ රුපියල් 47,000 ක මුදලක්ද, අනෙක් නිවසින් රුපියල් 8,000 ක් වටිනා මුද්දක් සමඟ රුපියල් 40,000 ක මුදලක්ද සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
ඇල්ල කිතල්ඇල්ල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර නැරඹීමට ඊයේ(22) නිවැසියන් ගිය අතරතුර සැකකරු මෙම ආභරණ සහ මුදල් සොරාගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd